ඔය දණිස්සෙන් උඩට, හිරට ඇදලා, කොණ්ඩෙ මෝස්තර දාලා හිටපු ළමයින්ගෙන් කොටසක් ඉස්කෝලෙ ගිහින් අවුරුදු 15කට පස්සෙ ලොකු ලොකු සමාගම්වල විධායක ශ්‍රේණියෙ රැකියා කරමින් ඉන්නවා, සමහරු ව්‍යවසායිකාවන් වෙලා, තව සමහරක් ඉතා ප්‍රසිද්ධ නිරූපිකාවො, නිළියො වෙලා ඉන්නවා, තව සමහරක් සාමාන්‍ය රැකියා කරගෙන, කසාද බැදගෙන ළමයි හදාගෙන ඉන්නවා.
ඒවගේම දණිස්සෙන් පහලට ගවුම ඇදලා, ඉස්කෝලෙ ටීචර්ලා කැමති විදිහට කොණ්ඩෙ තෙල් ගාලා, ආපු ළමයින්ගෙ කොටසෙත් ඔය ඉහත විස්තර කරපු කොට්ඨාස සේරම ඉන්නවා.
හැබැයි ඉස්කෝලෙ යන කාලෙම කුඩ්ඩන්ට රැවටිලා, ඉස්කෝලෙන් පැනලා ගිහිං පොඩි කාලෙම ළමයි 2-3 හදාගෙන හරියට ඉගෙනීමත් නොකරගෙන ජීවිතේ අසාර්ථක කරගත්ත කොටසෙන් බහුතරයක් ඉන්නෙ ගවුම් කොටට අදින විච්චූරණ දාගෙන ඉන්න කොටසෙ...

අවුරුදු 15-16 ගෑණු ළමයි ලස්සනට ඇදලා, fashion කරලා ඉන්න ඕනෙ කියන එකට මම 100% එකගයි. හැබැයි ඉස්කෝලෙ uniform එක fashion statement එකක් කරගන්න එක මහා මෝඩ ඒවගේම ගොඩේ වැඩක්!
ඒකෙන් වෙන්නෙ සාර්ථක සමාජ ජීවියෙක් වෙන්න අත්‍යවශ්‍යම කාරණය වන adoptability & flexibility මං හිතන්නෙ ස්ථානෝචිතව හැසිරීම ( සිංහල වචනෙ වැරදි වෙන්න පුලුවන්) කියන එක ළමයින්ගෙන් අහිමි කරන එක.
මං child psychology or human psychology ගැන specialist කෙනෙක් නෙමේ... සාමාන්‍ය කියවීමක් තියෙන සමාජයේ ජීවත්වෙන, සාමාන්‍ය ගෑණියෙක්, අම්මා කෙනෙක්. මේ මට හිතෙන විදිහ...

(සටහන - නෞචලී ප්‍රනාන්දු)
Mangilogy ක්‍රියාකාරිනි
nauchellifernando@gmail.com
උපුටා ගැනීම - Nauchelli Fernando ගේ ෆේස්බුක් පිටුවෙන් ..
සබැඳි ලිපි :
අමාරු විදියට හුරුවෙමු! | Mahesh Hapugoda
උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට




