ඒව පාරදෘශ්‍යබවකින් මහජනයට බලාගන්න දාල තියෙනවනෙ.
ඒත් මට මතක් වෙනව අනිල් මුණසිංහව. එයා සමසමාජ, පස්සෙ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගිහින්, 94දි නියෝජ්‍ය කථානයක වෙලා හිටියෙ. ඒ කාලෙ අපිට පාර්ලිමේන්තු පිට්ටනියෙ පාර්ලිමේන්තුව පැත්තට තියෙන පාරෙ පාර්ලිමේන්තු ගේට්ටුව ගාවම කා එක පාක් කරල ගේට්ටුවෙනි ඇතුලට ගිහින් එතන ඉඳන් එතනයි පාර්ලිමේන්තුවයි අතරෙ දුවන බස් එකේ යන්න ඕන. දැන් වගේ දුරට ගෙනත් තිබ්බෙ බැහැ.
දවසක් මම එතන ඉන්නකොට අනිල් මුණසිංහ කා එක නවත්තල මට නගින්න උවිඳු කිව්ව. එයා තනියම කා එක එලවගෙන කිසිම ආරක්‍ෂකයෙක් නැතුව හිටියෙ. හරිම සරළ මනුස්සයෙක්.
මුණසිංහල කියන්නෙ විශාල ධනවතුන්. සුසිල් මුණසිංහ, එහෙම සහෝදරයො. දන්කවනෙ කොච්චර ධනවතුන්ද කියල. එයා 70-75 කාලෙ සමසමාජ ලෙස්ලි ගුණවර්ධන ප්‍රවාහන ඇමති වෙලා ඉන්නකොට ලංගම රන් කළේ අනිල් මුණසිංහ. එයා බස් ගන්නකොට නීතීයානුකූලව දෙන්න හදපු පුද්ගලික කොමිස් මුදල නොගෙන ඒ වෙනුවට කාර් දෙන්න කියල, හැම ඩිපෝ එකටම වගේ කාර් දුන්න කතාවත් ප්‍රසිද්ධ දෙයක් නෙ. සුදු පාට ගාපු ලංගම බස් දාපු පාසැල් සේවයක් හැදුව. නමුත් 77 දි පැරදිල ඉන්නකොට එයා කරපු දෙයක් ගැන මම මේ කියන්න යන්නෙ.
මම වික්ටර් අයිවන්ට කිව්ව මාර වැඩක් උනා, මම පාර්ලිමේන්තු ගේට්ටුව ගාව ඉන්නකොට අනිල් මුණසිංහ කා එක නවත්තල මාව දාගෙන ගිහින්, එයාගෙ නිල කාමරයට එක්කං ගිහින් පැය ගානක කයියක් ගැහැව්ව, ඉතිං දේශපාලන ඕපදූප අද හොයාගන්න බැරි උනා කියල.
වික්ටර් කිව්ව එයාගෙ යාලුවෙක් දැකල වික්ටර්ට කිව්ව කතාවක්. පොරක් නාවල ශෙඩ් එක ගාව කඩයක් ගාව ඩිකිය ඇරල එළවලු කඩේට දෙනව දැක්කලු. කවුද කියල බලත්දි අනිල් මුණසිංහලු.
ඒ කියන්නෙ තමන් ගෙ වත්තෙ හදන එළවලු ගෙනත් විකුණනව. ඒ මිනිස්සු මාර අවංකයි. පස්සෙ කාලෙ කුලී ගෙවල්වල ජීවත් උනේ අනිල් නම්. සහෝදරයෙකුටවත් අතපාල නැහැ මම දන්න විදියට. දේශපාලනයට මුදල් වියදම් කරල දුප්පත් වෙච්ච අය.
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
2025 සැප්තැම්බර් 18




