මේ ඊයේ ටිල්වින් සිරස එක්ක කරපු මුලු සාකච්ඡාවෙම අනුරට හෝ ජාතික ජනබලවේගයට ඡන්දය දුන්න අය ගැන ආදරයක්, කතාවක් නැහැ.
මම එකක් කියන්නම්, ටිල්වින්ලගෙ කාඩරයට ඔය තියෙන සතුට මේ වෙනකොට උන්මාදයක් බවට පත්වෙලා තියෙන්නෙ. ඒක තේරුම් ගන්න බලන්න.
ඔය තිංකින් පැටර්න් එක වෙනස් නොකරගත්තොත් කෙළවෙන එක කෙළවෙනවාමයි!
ඒ විතරක් නෙමෙයි , මේක අනුව චතුරංගතුමාටත් පක්ෂ බේදයකින් තොරව තවත් අයටත් කෙළවෙනවනෙ. ගත්ත ගාන නෙමෙයිලු වත්මන් වෙළදපොල වටිනාකමලු දාන්න ඕන. මං මීට අවුරුදු 20කට පෙර කෝට්ටෙන් ඉඩමක් ගත්ත පර්ච් එක 295,000 ගානෙ. අද වෙලදපොල වටිනාකම කීයක් ඇත්ද? චතුරංග කෝට්ටෙ ඉඩමෙ පර්ච් එකක් 300,000ටලු නෙ දාල තියෙන්නෙ. අනික අපි දාන්න ඕන වත්මන් වටිනාකම කියන්නෙ වෙලදපොල වටිනාකමද රජයේ තක්සේරු වටිනාකමද කියන ප්‍රශ්නයට විසදුමක් ඕන. මොකද අපේ ඉඩම රජයට පවරා ගත්තොත් අපිට දෙන්නෙ වෙලදපොල වටිනාකම නෙමෙයි, රජයේ තක්සේරු වටිනාකම කියල සොච්චමක්!
ටිල්වින් අශෝක එක්ක කරන සාකච්ඡාව අහල බලන්න:
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)




