The Leader News
BREAKING
Top Ad
Opinion

ළමයින්ට දඬුවම් නොදිය යුතුද? - අජිත් සහ කෞශල්‍යා වෙනුවෙන්... | Uvindu Kurukulasuriya

T

The Leader Desk

September 26, 2025 • 3:25 PM

ළමයින්ට දඬුවම් නොදිය යුතුද? - අජිත් සහ කෞශල්‍යා වෙනුවෙන්... | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංශෝධනය නිසා ලොකු සාකච්ඡාවක් යනවනෙ.
  • ඇත්තටම එහෙම දඬුවම් තියෙනව - ඒව ශාරීරික ශාරීරික දණ්ඩනය වැරදියි කියන එක අපි හැමෝම පිළිගන්න ඕන.
  • ඒ කියන්නෙ 1995 Penal Code Ammendment No.
  • උදාහරණයකට මාරි මොන්ටිසෝරි කියනව "දඬුවම් කිරීම සම්බන්ධයෙන් කිව හැක්කේ, අපේ අවවාදවලට ඇහුම්කන් නොදී අනෙක් ළමයින්ට කරදර කරන ළමයින් බොහෝ අවස්ථාවල අපට හමුවී තිබෙන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

සංශෝධනය නිසා ලොකු සාකච්ඡාවක් යනවනෙ. ඒක හොඳයි.

එකක් තමා අජිත් ඉල්ලපු නිර්වචන - ඒ කියන්නෙ "මේ කෙටුම්පතේ තියෙන 'අවමානය' කියන සංකල්පයට අර්ථකතනයක් ඕනෙ” කියල. මේ සංශෝධනය අනුව "ළමයෙකුට යම් අවමානයක්" වෙන දෙයක්වත් කරන්න බැහැ. ඒ වගේම "ශාරිරික නොවන ක්‍රියා" ගැන අර්ථකතනයක් ඕනෙ කියන එක ගැන. ඒක නම් මම පෙරේද පාන්දරම පටන් ගත්ත සාකච්ඡාව.

දෙවෙනි එක කෞෂල්‍යා කියපු "ධනාත්මක දඬුවම්" කියන වචනෙ අල්ලගෙන වෙනත් අය කරගෙන යන සකාච්ඡාව. ඒ අය කියන්නෙ ධනාත්මක දඩුවම් කියල ජාතියක් නැහැ කියල. ඒකට යමක් මට ලියන්න බැරි උනා. ඒකයි මේ එකතු කිරීම.

ඉස්සෙල්ලම කියන්න ඕන මම තාමත් අජිත් මතුකරපු ඒ ප්‍රශ්න - අර්ථකතන දීල - පනත නිවැරදි කරන්න ඕන කියන එකත් එක්ක ඉන්නව කියන එක. ඒක නොකෙරුවොත් ගොඩාක් වැඩිහිටියො අමාරුවේ වැටෙනව. අඩුගානෙ ගයිඩ්ලයින්ස්වත් දෙන්න ඕන.

කෞෂල්‍යා කියපු එක බාගෙට තේරුම් ගත්ත අය එහෙම "ධනාත්මක දඬුවම් කියල ජාතියක්" නැහැ කියනව. ඒ අය එක අන්තෙක ඉන්නෙ.


ඇත්තටම එහෙම දඬුවම් තියෙනව - ඒව ශාරීරික ශාරීරික දණ්ඩනය වැරදියි කියන එක අපි හැමෝම පිළිගන්න ඕන. ඒක අවුරුදු සිය ගානකට පෙර සිට පිළිගත්ත සංකල්පයක්. ලංකාවෙ නම් ශාරීරික ශාරීරික දණ්ඩනය තහනම් කලේ චන්ද්‍රිකාගෙ කාලෙ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා එහෙම මැදිහත් වෙලා දණ්ඩ නීති සංග්‍රහයට ගෙනාපු සංශොධනයෙන්. ඒ කියන්නෙ 1995 Penal Code Ammendment No. 22.  එදා ඉඳන් ඒ සංකල්පය තව තව දියුණු වෙනව තවත් සංශෝධන මගින්. ඒ නිසා ඒ ගැන සාකච්ඡා කිරීමෙන් වැඩක් නැහැ. ශාරීරික දණ්ඩණය තහනම්!


''ළමයින්ට ශාරීරික නොවන දඬුවම් නොකල යුතුද? "කළ යුතුයි" කියන එක මගේ අදහස''

නමුත් ළමයින්ට ශාරීරික නොවන දඬුවම් නොකල යුතුද? "කළ යුතුයි" කියන එක මගේ අදහස. ශාරීරික නොවන ඕන තරම් ක්‍රම තියෙනව ළමයින් සම්බන්ධයෙන් කුඩා කළ සිටම අනුගමනය කරන්න පුළුවන්.

උදාහරණයකට මාරි මොන්ටිසෝරි කියනව "දඬුවම් කිරීම සම්බන්ධයෙන් කිව හැක්කේ, අපේ අවවාදවලට ඇහුම්කන් නොදී අනෙක් ළමයින්ට කරදර කරන ළමයින් බොහෝ අවස්ථාවල අපට හමුවී තිබෙන බවය. එවැනි ළමයින් වහාම වෛද්‍යවරයෙකු ලවා පරීක්‍ෂා කරවීමට කටයුතු කරනු ලබයි. ඔහු නිරෝගී සාමාන්‍ය ළමයෙකු බව පැහැදිලි වූ විට පන්ති කාමරයේ එක් කෙළවරක කුඩා මේසයක් තබා ළමයා අනෙක් ළමයින් ගෙන් වෙන්කර තැබීමට කටයුතු කරනු ලැබේ. ඔහු වැඩිපුර ආශාකරන ක්‍රීඩා භාණ්ඩ සහ සෙල්ලම් බඩු ලබා දී තම යහළුවන් පන්ති කාමරයේ වැඩ කරන හැටි දැක බලා ගැනීමට සලස්වනු ලැබේ.

 
 මෙසේ හුදෙකලාව සිටීමට සැලැස්වීම නිසා බොහෝ විට ළමයා සන්සුන් කිරීමට පුළුවන් විය. වාඩි වී සිටින ස්ථානයේ සිට ඔහුට තම යහළුවන් සියලු දෙනාම වැඩෙහි යෙදී සිටින සැටි දැක ගැනීමට පුළුවන් වීම නිසා එය ගුරුවරයා විසින් කරුණු කියා යමක් අවබෝධ කර දෙනවාට වඩා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන විෂයබද්ධ ඉගැන්වීමේ ක්‍රමයක් විය. තමාගේ ඇස් ඉදිරිපිට කඩිසරව වැඩ කරන කණ්ඩායමට අයත් පුද්ගලයෙකු වීමෙන් ඇතිවන වාසිය ඔහුට ටිකෙන් ටික අවබෝධ වේ. ඒ නිසා ආපසු එම කණ්ඩායමට එකතු වී අනෙක් ළමයින් මෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු තුළ ආශාවක් ඇතිවේ. එසේ කිරීමෙන් මුලදී හික්මවීමට දුෂ්කර ළමයින් සියලු දෙනාම හික්මවීමට අපට හැකිවිය.

හුදෙකලාව සිටීමට සැලැස්වූ ළමයා කෙරෙහි හැමවිටම අසනීප වූ ළමයෙකුට දක්වන ආකාරයේ විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබීය. පන්ති කාමරයට ඇතුල් වූ විගස මා මුලින්ම ගියේ එසේ වෙන්කර සිටීමට සැලැස්වූ ළමයා ළඟටය. මා එසේ කළේ පන්තියේ සිටින කුඩාම දරුවා වෙත යන ආකාරයෙනි. අනෙක් ළමයින් කෙරෙහි මා අවධානය යොමු කළේ ඉන් පසුවය. ඔවුන්ට තමන් කුඩා මිනිසුන් ලෙස හැඟීයන පරිදි ප්‍රශ්න අසමින් ඔවුන් කරන වැඩ ගැන මා විශේෂ උනන්දුවක් දක්වන බව පෙන්නුම් කළෙමි. එසේ කිරීමේ දී හික්මවිය යුතු වූ මුරණ්ඩු ළමයින්ගේ මානසික තත්ත්වයට කුමක් සිදුවී දැයි මම නොදනිමි.

කෙසේ වෙතත් නිසැකව ම ඔවුන්ගේ හැසිරීම් රටාවේ සම්පූර්ණවූත්, නිත්‍යවූත් වෙනසක් ඇති වූ බව කිව හැකිය. වැඩ කරන සැටි සහ හැසිරෙන ඉඟෙන ගැනීමෙන් ඔවුන් තුළ මහත් ආඩම්බරයක් ඇති වූ බව කිව හැකිය. වැඩකරන සැටි ඉඟෙන ගැනීමෙන් ඔවුන් තුළ මහත් ආඩම්බරයක් ඇතිවිය. එමෙන්ම ඔවුහු මටත් ගුරුවරුවරයාටත් මහත් සේ ආදරය දැක්වූහ" [The Montessori Method" නැවත උපුටා ගැනීම "අධ්‍යාපනය පිළිබඳ රසල්ගේ මතය] - මෙතනින් 'The Montessori Method PDF එක කියවන්න පුළුවන්:

ආයෙ බට්‍රම් රසල් තව තැනක මෙහෙම කියනව: "....ළමයාට අසනීපයක් නොමැති නම් ඔහුට කෑම නොකා බඩගින්නේ සිටින්නට ඉඩ හරින්න. මගේ පිරිමි දරුවාට කෑම කන ලෙස සේවිකාව විසින් පෙරැත්ත කිරීම නිසා ඔහුට කෑම කැවීම වඩාත් දුෂ්කර වන්නට පටන් ගත්තේය. දිනක් අප දහවල් ආහාරය ගන්නා විට ඔහු පුඩින් කෑමට බැහැ කීය. එවිට අපි ඔහුගේ පුඩිම ආපසු මුළුතැන් ගෙට හරවා යැවීමු. ටික වේලාවකට පසු ඔහු එය ඉල්ලා සිටියේය. ඒ අවස්ථාව වන විට එම පුඩිම කෝකියා විසින් අනුභව කර ඇති බව දැන ගන්නට ලැබිණි. ඒ බව ඇසීමෙන් ඔහු බලවත් විශ්මයට පත් විය. ඉන්පසු කිසි දිනෙක ඔහු එවැනි බොරු මවා පෑමක් අප සමඟ කළේ නැත. ඉගැන්වීමේදී ද මෙම ක්‍රමවේදයම අනුගමනය කළ යුතු වේ.

ඉඟෙනීමට අකමැති අයට එසේ කිරීමට ඉඩ දිය යුතුය. නමුත් පාඩම් කියා දෙන වෙලාවල දී පන්තියට නොපැමිණ සිටීම කරදරකාරී තත්ත්වයක් බව ඔවුන්ට හැඟෙන්නට සැලැස්විය යුතුය. අනෙක් ළමයින් හොඳින් ඉඟෙන ගන්නවා දකින විට තමන්ටත් ඉඟෙනීමට අවශ්‍ය බව ඔවුන් කියා සිටිනු ඇත.

ගුරුවරයා ඉගැන්විය යුත්තේ ඉගැන්වීම ඔවුන්ට කරන උපකාරයක් ලෙස හැඟී යන පරිදිය. ඇත්ත වශයෙන්ම ඉගැන්වීමේ සැබෑ තත්ත්වය ද එයයි. සෑම පාසලකම ඉගෙනීමට කැමැත්තක් නොදක්වන ශිෂ්‍යයින්ට නැවතී සිටිය හැකි විශාල හිස් කාමරයක් තිබිය යුතු යයි මම කල්පනා කරමි. නමුත් එම කාමරයට යන ශිෂ්‍යයින්ට එදින පැවැත්වෙන අනෙකුත් පාඩම් වලට ද සහභාගිවීමට ඉඩ නොදිය යුතුය. මෙහිදී අදාල වන මූලධර්මය ඉතා සරලය. එනම් වරදකරුවන්ට දෙනු ලබන දඬුවම ඔහු විසින් විඳීමට කැමති දෙයක් නොව ඔහු අප්‍රිය කරන දෙයක් විය යුතුය යන කාරණාවයි. ....."

දැන් මේකෙ මාරි මොන්ටිසූරි අවුරුදු 100ට විතර ඉස්සර අනුගමනය කරපු ශාරීරික නොවන දණ්ඩනය කෙනෙකුට, ඒ කියන්නෙ ඒ වෙන්කර තබන කුඩා දරුවගෙ දෙමාපියන්ට පැමිණිලි කරන්න පුලුවන් අලුත් මේ නීතිය අනුව "දරුවට අවමන් සහගත ලෙස සැළකුව" කියලා. ඒකයි ඒ සංකල්පය ගැන නිර්වචනයක් ඕන. ඒක තමා 'striking a balance' -- 'සමතුලිත බවක් පවත්වාගන්න' ඕන කියන්නෙ.

අවසානයේ කියන්න තියෙන්න තියෙන්නෙ කෞශල්‍යා කියන විදියෙ "ධනාත්මක දඬුවම් ක්‍රම" ඕන තරම් තියෙනව. උදාහරණයකට මම උඩ කිව්ව රසල් කිව්ව "සෑම පාසලකම ඉගෙනීමට කැමැත්තක් නොදක්වන ශිෂ්‍යයින්ට නැවතී සිටිය හැකි විශාල හිස් කාමරයක් තිබිය යුතුයි" කියන සංකල්පය අද දියුණු වෙලා දියුණු වෙලා ඇවිත් බ්‍රිතාන්‍යය ඇතුලු ගොඩක් රටවල තියෙනව "ඩිටෙන්ෂන් දෙනව" කියන සංකල්පය. 
 
ඒ කියන්නෙ වැරදි කරන ළමයින්ගෙ ගුරුදෙගුරු සටහන් පොතේ [ඒ පොත තියෙන්නෙත් දරුව ගාවමයි. එයා ඒක දෙමවුපියන්ට පෙන්නන්න ඕන. දෙමව්පියන් එතකොට සියල්ල දන්නව]. ගුරුවරය ලියනව "ඔබේ දරුවා මේ වරද කළා, එයාව අහවල් දවසට ඉස්කොලේ ඇරල සවස පහ වෙනකන් තියාගන්නව" කියල. ඒ කියන්නෙ, ඒ දඬුවම දෙන දවසට එක්කෝ ඒ ඉස්කෝලේ හෝල් එකේ ඒවගේ වැරදි කරපු අයට එක එක තැන්වල තනියම වාඩිවෙලා පොත් කියවන්න හරි හෝම්වර්ක් හරි කරන්න පුලුවන්. නැත්තං පුස්කාලෙට ගිහින් පොතක් කියවන්න පුලුවන්. ඒක තීරණය වෙන්නෙ වරදේ ස්වභාවය අනුව. ඒත් වැදගත්ම දේ තමා දෙමාපියනුත් දන්නව ළමයිනුත් දන්නව ලැබෙන දඬුවම. 
 
අන්න එතකොට ඔය "අවමන් සහගත සැළකිල්ල" කියන එක එන්නෙ නැහැ. අන්න ඒකයි අජිත් නිර්වචන ඕන කිව්වෙත්, කෞෂල්‍යා "ධානාත්මක දඬුවම්" කියල ජාතියක් තියෙනව කිව්වෙත්.

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)


සබැඳි ලිපි :
අමාරු විදියට හුරුවෙමු! | Mahesh Hapugoda

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...