අපි ඇප දීමේ නීති ලිහිල් කරන්න ඉන්නෙ වගේ දේවල් කිව්වට, හර්ෂණ කිව්වෙ නැහැ සංයුක්තව ගන්න පියවර ගැන.
ඕවට නොයෙකුත් පිලියම් තියෙනවනෙ. උදාහරණයකට සිරගත කරනවා වෙනුවට පඩි නැතුව යම් කාලයක් තමන් ජීවත්වන ප්‍රදේශයේ යම් පොදු ස්ථානයක සේවය කිරීම, ඔය තාප්ප සුද්ද කිරීම, පිට්ටනිවල තණකොල කැපීම වගේ වැඩත් දෙනව [A community sentence, a community order or community payback]. (මට මතකයි අපේ අම්මල අපි පොඩි කාලෙ කියනව ‘වැරදි කරොත් උසාවි දාපුවම නඩුකාරය පාර අතුගාන්න දායි, එතකොට ලැජ්ජ වෙන්න වෙයි’ වගේ කතා). පුනරුථාපන වැඩසටහන් වලට යොමු කිරීම.

ඒ වගේම කකුලෙ ඉලෙක්ට්‍රෝනික් ටැග් එකක් [An electronically monitored tag] දාල ගෙදර ඉන්න කියනව. වෙන කොහෙවත් යන්න බැහැ, නැත්තං නිශ්චිත තැනකට විතරයි යන්න පුලුවන් [a curfew for a conviction] හිරගෙදරින් කලින් නිදහස් කරල ගෙදර ඉන්න කියල ඉලෙක්ට්‍රෝනික් ටැග් එකක් දාන එක [Home Detention Curfew (HDC)] වගේ ඒව තියෙනවනෙ. මොකක්ද කරන්නෙ කියන එක තීරණය වෙන්නෙ වරදේ ස්වභාවය අනුව. ඒව හරියට ක්‍රියාත්මක කරන්න බැරිද ලංකාවෙ.(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)




