ඒ ගොල්ලන්ට තේරෙන්නෙ නැති දේ තමයි සුනිල් හඳුන්නෙත්ති එතන දි පාවිච්චි කරපු වචන.
අස්වැසුම ගන්න එක ගැන සමාජය ලැජ්ජ වෙන්න ඕන, හිඟා කෑමක් වගේ, ඒව පාවිච්චිකරන එක සුදුසුද කියන එක. අස්වැසුම ගන්නෙ සමාජයේ දුප්පත්ම පිරිස හෝ ඒ අවස්ථාවේ රැකියාවක් කරගැනීමට අපහසු අය හෝ වෙන්න ඕන.
දුප්පත්කමෙහි ප්‍රවර්ග
දුප්පත්කමේ ආකාර ගොඩක් තියෙනව. [ළමා දුප්පත්කමේ (child poverty) සිට අවමගුල් දුප්පත්කම (funeral poverty) දක්වා දුප්පත්කමේ කැටගරි තිබේ.

දියුණු රටවල අනෙකුත් දුප්පත්කම් අතර කාන්තාවන්ගේ සනීපාරක්‍ෂාව පිළිබඳ දුප්පත්කම (period poverty) ආහාර පිළිබඳ දුප්පත්කම, ඇඳුම් පිළිබඳ දුප්පත්කම, නිදාගැනීමට ළමයින්ගේ සිට මහල්ලන් දක්වා ඇඳන් නැතිවීමේ දුප්පත්කම (bed poverty) සිට ගෙවල්වල ඇතිකරන සුරතල් සතුන් හරි හමන් ලෙස බලාගැනීමට නොහැකිවීමේ දුප්පත්කම (pet poverty) වගේ අතිවිශාල පරාසයක විහිදෙන ලෙස දුප්පත්කම ඛණ්ඩනයකර සාකච්ච්ජා කරන්න පුළුවන්.]
ඒවට අස්වැසුම ම අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන වෙන දේවල්. නමුත් ප්‍රධාන ම දුප්පත්කම තමයි, දුප්පතුන් ගේ දරුවනුත් දුප්පතුන් බවට පත්වීම. ඒ දුප්පත්කම කියන්නෙ විෂම චක්‍රයක්.
හඳුන්නෙත්ති ගේ වරද කොතැන ද...?
දෙමව්පියන් දුප්පත් නිසා, දරුවන්ට ඉගෙනගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දුප්පතුන්ගෙ දරුවොත් දුප්පත් වෙනව. ඒක තමා විෂම චක්‍රය. ඒකෙන් ඒ අයව මුදව ගන්න හඳුන්නේති කියන වචන පාවිච්චි කරල පුළුවන් ද? ඒ දුප්පතුන්ගේ ආත්මගරුත්වය ගැනවත් හිතුව ද? ඒ හා බැඳුණ ඔවුන් විඳින ලැජ්ජාව/අපහාසය ගැනවත් හිතුව ද?

දුප්පත්කමේ විෂම චක්‍රය කඩන්න නම් කරන්න ඕන මූලික දේ මේ පරම්පරාවට අධ්‍යාපනයෙන් ඉහළට යන්න අවස්ථාව ලබාදෙන එක නෙ... ඒත් ලැජ්ජවෙන්න ඕන, මොකද ඒ අයව ආමන්ත්‍රණය කරන කොට 'නීත්‍යානුකූල හිඟා කෑම' වැනි ආත්ම ගරුත්වය කෙලෙසන වචන භාවිතාකරන්න හොඳ නැහැ. එතනයි හඳුන්නෙත්ති කරපු වරද තියෙන්නෙ.
සමාජ ආරක්‍ෂණ දැල අවභාවිතා කරන අය ඉන්නව නම්, ඒ ගැන බලන්න තමා රජයේ නිලධාරීන් ඉන්නෙ. ග්‍රාම සේවක වසමකම රාජ්‍ය නිලධාරීන් තොගයක් ම ඉන්නෙ. අඩුගානෙ හඳුන්නෙත්තිට අනුර ජනාධිපතිවරණයට පෙර දෙහිඅත්තකණ්ඩිය ගොවි රැලියෙ කරපු කතාවවත් අහන්න තිබ්බ. ඒකේ අනුර දුප්පත්කමේ ආකාර ගැන විග්‍රහ කළා.
අහල නැත්තං මතු පලවන වීඩියෝවෙන් අහගන්න.
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)




