ඔතන පන්සල් හදල, බුදුපිළිම තියල රණ්ඩු ගියපු ඉතිහාසයක් තියෙනව.
මම 2005 හෝ 2004දි ගැටුම් සංවේදී මාධ්‍ය ගැන උඟන්වන්න කොළඹ හැම ප්‍රධාන මාධ්‍යවලම හිටපු ජනමාධ්‍යවේදීන් විසි ගානක් එක්කගෙන ට්‍රින්කො ගියා. අපි නැවතුනේ ගාමිණී ලොකුගේගෙ හෝටලයෙ. දවස් තුනක් හිටිය.
මම උදේම ඔක්කොටම බ්‍රීෆ් කරල ඒ අයව ඇරිය ටවුමට බුදුපිළිම කේස් එක හොයන්න. ඒ ගොල්ල ගිහින් ඇවිත් ඒ ගැන ප්‍රස්න්ටේෂන්ස් කළා. නමුත් ඒ කවුරුවත් සන්දර්භයේ තියල ඒ ගැටුම විග්‍රහ කලේ නැහැ. ඉතිං මට දත්ත ඔක්කොම කියා දෙන්න උනා.
ඒක හරිම අමුතු අත්දැකීමක්. ජාතිවාදී අදහස් දරණ අයවත් මම එක්කගෙන ගියා. ඒ හැමෝම කණ්ඩායම් කීපයකට බෙදල තමා ඇරියෙ. කොළඹට ඇවිත් හැමෝම සිය මාධ්‍යවල ඒ ගැන ලිපි ලිව්ව.
නමුත් තිරිකුණාමල දිස්ත්‍රිකයේ ජනගහනය බලන්න - 1824 ජනසංගණය අනුව දෙමළ ජනගහනය 76.5%යි. 1981 වෙනකොට දෙමළ අය 37%ක් දක්වා පහත වැටිල තිබ්බෙ.
1901දි 5%ක් වෙච්ච සිංහල ජනගහනය 1981 වෙනකොට 33% දක්වා ඉහළ ගිහින් තිබ්බෙ. අද වෙනකොට තවත් වෙනස්. බලන්න 2024 ජනසංගණන දත්ත.
ඒක හරිම සංවේදී ප්‍රදේශයක්. ඒකට හේතුව, සිංහල ජනපදකරණය කරල ඒ ප්‍රදේශවල ජන අනුපාතය වෙනස් කිරීම. දෙමළ අයට වෙනම දුක්ගැනිවිලි තියෙනව, සිංහල, මුස්ලිම් අයට වෙනම දුක්ගැනිවිලි තියෙනව.
ඉතිං ඔතන බෞද්ධ පන්සල් හදන්න ගියපු මුල් ඉතිහාසය ගැනම රාජන් හූල් ලියල තියෙනව. ආචාර්ය රාජන් හූල් කියන්නෙ කොටියෙක් නෙමෙයිනෙ, එයා රාජිණීව කොටි මැරුවම ජීවිතේ බේරගන්න කොළඹට ඇවිත් රහසිගතව ඉන්නකොට ලියපු මහා ග්‍රන්ථය තමා Sri Lanka: The Arrogance of Power - Myths, Decadence & Murder කියන පොත. පරිවර්තනය කරල තියෙනව සිංහලට ශ්‍රී ලංකාව: බලයේ මහන්තත්වය, මිත්‍යා, පරිහානිය හා මනුශ්‍ය ඝාතන කියල.
ඒකෙ තියෙනව ගෝකණ්ණ කියල පරණවිතානගෙ සිට බෞද්ධ පන්සලක් හදන්න ගියපු ආදිකාලෙ විවාදයෙ සිට සිංහල-බෞද්ධකරණය දක්වා උගතුන් අතර ගිය විවාදය.
මේව කියවල මහජනයා දැනුවත් කරන්න මාධ්‍ය කරන අය. සන්දර්භය දෙන්න. මේව නිකන්ම නිකන් බුදුපිළිම තැබීමේ ප්‍රශ්නම නෙමෙයි. ගිනි තියන අයට නියම භූමියක්.
මම රාජන්ගෙ පොතේ අදාල සිංහල සහ ඉංග්‍රීසි පිටු දාන්නම් යටින්. බුදුපිළිමයේ පින්තූරය සිංහල වෙළද සංගමය ටවුමෙ 2004 තිබ්බ බුදුපිළිමය.

(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
සබැඳි පුවත :
ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'




