The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

'වමේ පක්ෂවලටත් පාතාලෙයි, මත්ද්‍රව්‍යයයි එක්ක සම්බන්ධතා තිබ්බ' | Uvindu Kurukulasuriya

T

The Leader Desk

November 19, 2025 • 7:01 AM

'වමේ පක්ෂවලටත් පාතාලෙයි, මත්ද්‍රව්‍යයයි එක්ක සම්බන්ධතා තිබ්බ' | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පින්තූරෙ අතේ කොටසක් නැතුව සරම ඇඳන් ඉන්නෙ රෙජී සහෝදරයා, ඊළඟට ඩොරික් ඩි සූසා, එන් එම් සහ බර්නාඩ්
  • * 1958දි සිංහල භාෂාව විතරක් නීතිගත කරන්න හදනකොට නව නගර ශාලාවෙ කොල්වින්ල එන්එම්ල ඔක්කොම ඒකට විරුද්ධව රැස්වීමක් තිබ්බ.
  • නමුත් 1964 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ක සභාගෙට යනකොට පක්‍ෂ සම්මේලනයෙ අනුමැතිය ගන්න යනකොට ඒක නොලැබෙයි කියල හිතල මරාදානෙ තගා චොප්පෙගෙ සෙට් එකක් ගෙනල්ල හොර ඡන්ද දාල තමා එන් එම්ලගෙ සම්මේලන යෝජනාව සම්මත කරගත්තෙ.
  • නම් ලිස්ට් එකම මතකයට එන්නෙ නැහැ දැන්.
අකුරු ප්‍රමාණය (Font Size):


අනුර! අනුර!  අනිත් පක්‍ෂවලට විතරක් නෙමෙයි පාතාලෙයි, මත්ද්‍රව්‍යයයි එක්ක සම්බන්ධතා තිබ්බෙ වමේ පක්‍ෂත් එහෙම තමා අඩු වැඩි වශයෙන්

බස් එකේ ඉන්න ගමන් හදිසියේ මතක් උන සිද්ධි කීපයක් 

අනුරගෙ අද පාර්ලිමේන්තු කතාව ඇහැව්ව. දැන් ඉවර උනේ. ඒත් ඒ සාරගර්භ කතාවෙ එයා වරදක් කළා. ඒ තමයි දේශපානඥයින් එක්ක තගාලා වැඩ කරන්න ගත්තෙ ජේආර්ගෙන් පස්සෙ කියල කිව්ව එක. ඒක බොරු. කියන්න තිබ්බෙ ඉස්සරත් පාතාලය තිබ්බට දේශපාලකයො, තගරී, මත්ද්‍රව්‍ය, පාතාලය ආයතනගත උනේ ජේ.ආර්. ගෙන් පස්සෙ කියල.

* 1958දි සිංහල භාෂාව විතරක් නීතිගත කරන්න හදනකොට නව නගර ශාලාවෙ කොල්වින්ල එන්එම්ල ඔක්කොම ඒකට විරුද්ධව රැස්වීමක් තිබ්බ. ඒකට ආණ්ඩුවේ ජාතිවාදී මැරයො ගැහැව්ව. ඒත් සමසමාජ පක්‍ෂයත් ගියේ තම පක්‍ෂයෙම සහෝදර තග් වැඩ කරන අයත් එක්ක ඒකට ප්‍රතිප්‍රහාර දෙන්න සෙට්වෙලා. උදාහරණයකට මේ පින්තූරෙ ඉන්න රෙජී මෙන්ඩිස් කියන කාගෙත් ආදරය දිනාගත්ත සහෝදරය ගියේ හදපු අත් බෝම්බයක් අරං. එයා පිටකොටුවෙ චණ්ඩියා ඒ කාලෙ. කොල්වින්ට තගාල ගහන්න එනකොට රෙජී සහෝදරය සාක්කුවෙන් බෝම්බෙ අරන් ගහන්න යනකොට ඒක අතේ පිපිරිලා එයාගෙ අතේ කොටසක් නැති උනා. ඒත් කොල්වින් උනත් පසුව කිව්වෙ, කොල්වින්ට ගහපු බෝම්බෙ අතින් අල්ලලා ඒ රෙජී සහෝදරය මගේ ජීවිතය බේරගෙන එයාගෙ අත නැති කරගත්ත කියල.

බාලා තම්පෝ
* සමසමාජ පක්‍ෂය කියන්නෙ ලංකාවේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හොඳටම තිබ්බ පක්‍ෂය. නමුත් 1964 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ක සභාගෙට යනකොට පක්‍ෂ සම්මේලනයෙ අනුමැතිය ගන්න යනකොට ඒක නොලැබෙයි කියල හිතල මරාදානෙ තගා චොප්පෙගෙ සෙට් එකක් ගෙනල්ල හොර ඡන්ද දාල තමා එන් එම්ලගෙ සම්මේලන යෝජනාව සම්මත කරගත්තෙ. බාලා තම්පෝ, වී කරාලසිංහම් වගේ සමසමාජ දෙවෙනි පරම්පරාවම සමසමාජ පක්‍ෂය කඩාගෙන ගියා. නම් ලිස්ට් එකම මතකයට එන්නෙ නැහැ දැන්.

ඒ වගේම එකක් එයාගෙ බෑන මහාචාර්ය තිස්ස විතාරණත් කරා ඒ වගේම වැඩක් මහින්ද එක්ක ඇමතිකම් ගන්න යනකොට, තගාල ගෙනාවෙ නැහැ, නමුත් සාමාජික ලැයිස්තු වෙනස්කරල හෙන්චයියො දාගත්ත ලෝකල්වල ජන්දෙ දෙන නාම ලැයිස්තුවට. බැටී වීරකෝන්, ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න වගේ වාම දැවැන්තයෝ ඉවත් උනේ ඒ ඒ කැත වැඩවලට විරුද්ධ දිගුවක් විදියට.

victor ivan largeවික්ටර් අයිවන්

* වික්ටර් අයිවන් JVP 71 සීන් එකෙන් නිදහස් වෙලා ඇවිත් 78 සමසමාජ පක්‍ෂයට සෙට්වෙලා ඉන්න කාලෙ ගාල්ලෙ රෙස්ටුරන්ට් එකක් දාගෙන ඉන්නකොට, [සර්වෝදයට ගිහින් රාවය සඟරාව ගහන්න කලින්] සමසමාජ පක්‍ෂයේ ආධාරකරුවෙකු වෙච්ච බොරැල්ලෙ බොන්සො කියන පාතාල තගා ජේමිස් කාරියවසම් සහෝදරය [පසු කාලෙ ලංකා ප්‍රවාහන වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ජේමිස් කාරියවසම් සහෝදරය - ඒ දවස්වල එයා බස්වලවල ටිකට් චෙක් කරන වගේ වැරදි වැඩ හොයන අපි ටික්කො කියන කෙනෙක්] අතේ පාර්සල් යවනව පොඩි අතුලට දෙන්න කියල.

එක දවසක් ජෙමාට සැක හිතිල ඒ පාර්සලය කැඩුව. අම්මට හුඩු, හශීස් සහ ගංජ ඒක ඇතුලෙ. ජෙමා ඒක කොල්වින්ටයි, බර්නාඩ් සොයිසාටයි පෙන්නුවා. ඒ නිසා තමා වික්ටර් අයිවන්ට සමසමාජයෙන් යන්න උනේ, ඇත්ත කතාව නෙරපුව. ඒත් බර්නාඩ් ඒක හෙලිදරව් කරන්න නොදී උදව් කළා එයාට ලියන කියන එකක් කරගන්න කියල. මට මේව ජේමිස් සහෝදරය, කාලෝ ෆොන්සේකා, සහ බර්නාඩ් සොයිස කියල, මම වික්ටර් අයිවන් ජීවතුන් අතර ඉන්න කාලෙදිත් ලියල තියෙනව. තාමත් මේව ගැන දන්න අය ජීවතුන් අතර ඉන්නවා.

 

sadham huseinසදාම් හුසේන්
* ඉරාන- ඉරාක යුද්ධ කාලෙ ඉරාන කොළඹට ආපු ඉරාන නැව ගිනි තියල සදාම් හුසේන් ගෙන් කප්පං ගන්න ජවිපෙ යොදාගත්තෙත් එකල පාතාල අය මිසක පක්‍ෂ සාමාජිකයො නෙමෙයි. ඇත්තටම මම කලින් දවසක ඒක තේ ගෙනියන්න ආපු ඉරාන නැවක් කිව්වට, ඒක වැරදීමක්, ඒක කොහුබත් ගෙනියන්න ආපු නැවක්. දැනුත් ජීවතුන් අතර ඉන්න ජාතික ජනබලවේගයට සපෝට් ලයනල් බෝපගෙගෙන් සහ කෙලී සේනානායකගෙන් අහගන්න. මා ගාව තියෙන්නෙ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුවට කට උත්තර දීපු අයගෙ සාක්කි ලේඛණවල පිටපත් විතරයි.

Uvindu Kuru
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'වමේ පක්ෂවලටත් පාතාලෙයි, මත්ද්‍රව්‍යයයි එක්ක සම්බන්ධතා තිබ්බ' | Uvindu Kurukulasuriya | The Leader