The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

මහජන ආරක්ෂක ඇමති වැරදියි, අරුණ පත්තරේ නිවැරදියි! | Uvindu Kurukulasuriya

T

The Leader Desk

November 20, 2025 • 3:58 AM

මහජන ආරක්ෂක ඇමති වැරදියි, අරුණ පත්තරේ නිවැරදියි! | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙතනදි විජේපාල දෙවිදියකට වැරදියි. එක අරුණ පත්තරේ ප්‍රවෘත්තිය හරි.
  • ඒ වගේම මගේ මස්සිනා කෙනෙක් කිව්ව එයා 2022දි, ඒ කියන්නෙ මීට අවුරුදු තුනකට පෙරත් එයා පොලිස් රිපෝට් එකක් ගන්න ගියාම ග්‍රාම සේවක සහතිකය විතරක් මදි මහජන ආරක්‍ෂක කමිටුවේ සභාපතිගෙනුත් ලියුමක් ඕන කිව්වලු, ඒක මීට මාස තුනකට කලිනුත් ඒකම උනාලු.
  • මහජන ආරක්‍ෂක කමිටුවලින් ගෙනාපු ලිපි ඕන තරම් ඇති.
  •   අනිත් එක තමා ඇත්තටම පුවත්පතට වරදක් වෙලා තිබ්බත් ඒකට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙනත් නඩු අහන එක වැරදි සම්ප්‍රදායයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයෙ මම විජේපාලගෙ කතාව ෆේස්බුක් එකේ ශෙයා කළාම යලුවො කීපදෙනෙක්ම කමෙන්ට් කළා ඒ අයගෙනුත් පොලිස් රිපෝට් ගන්න ගියාම ඔය මහජන ආරක්‍ෂක කමිටුවෙ ලොක්කගෙන් සහතිකයක් ගේන්න කියනව කියල. මීගමුවෙ පොලිසියට වැටේනෙ ජාතික ජන බලවේගයෙ පලාත්පාලන ඡන්ද ලැයිස්තුවෙත් හිටපු මගෙ දීර්ඝ කාලීන මිතුරෙක්.

ඒ වගේම මගේ මස්සිනා කෙනෙක් කිව්ව එයා 2022දි, ඒ කියන්නෙ මීට අවුරුදු තුනකට පෙරත් එයා පොලිස් රිපෝට් එකක් ගන්න ගියාම ග්‍රාම සේවක සහතිකය විතරක් මදි මහජන ආරක්‍ෂක කමිටුවේ සභාපතිගෙනුත් ලියුමක් ඕන කිව්වලු, ඒක මීට මාස තුනකට කලිනුත් ඒකම උනාලු. ඒ ගිරිඋල්ල පොලිසියෙන්. ඒ කියන්නෙ ඒක මේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලෙත් එක එක පොලිසි මේ වැඩේම කරල තියෙනව. විජේපාලට නිවැරදි තොරතුරු ලැබිල නැහැ. පොලිස් වාර්තා සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීය ළඟ තියෙන ෆයිල් එක බලන්න. මහජන ආරක්‍ෂක කමිටුවලින් ගෙනාපු ලිපි ඕන තරම් ඇති.

 

අනිත් එක තමා ඇත්තටම පුවත්පතට වරදක් වෙලා තිබ්බත් ඒකට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙනත් නඩු අහන එක වැරදි සම්ප්‍රදායයක්. ලංකාවෙ මාධ්‍ය සංවිධන ඔක්කොම 1998 සහ 2008 කියන කොළඹ ප්‍රකාශණ දෙකේම අත්සන් කරල තියෙනව මේ නීතිය සංශෝධනය කරන්න කියල.

මට මතකයි ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගෙ තාත්ත ඩේලි නිව්ස් එඩිටර් කාලෙ ඒසීඑස් හමීඩ්ගෙ ඡායාරූපයකට වෙන කෙනෙක්ගෙ නමක් වැරදිලා දාල කැප්ෂන් එක දාල. ඔය කමිටුවට ගෙනත් නඩු අහල දඩයක් ගැහැව්ව. ඇත්තටම වෙලා තිබ්බෙ ෆොටෝ කැප්ෂන් දෙකක් මාරු වීම. තව ගොඩක් ජනමාධ්‍යවේදීන්ට දඩගහල තියෙනව ඕකට ගෙනත්.

නමුත් ඕක ක්‍රියාත්මක වීම අකර්මන්‍ය උනේ රාවයේ වරදකට වික්ටර් අයිවන්ට ඔය කමිටුවට එන්න කිව්වම, වික්ටර් නොගිහින් ඔය කමිටුවට ප්‍රසිද්ධියෙ අභියෝග කරාම ‘නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ’ කියල. ඒව පිටි පස්සෙ හිටපු මොළේ තමා අපිත් එක්ක මිය යනකන්ම හිටපු නීතීඥ සුරංජිත් හේවාමාන්න.

 

media 250927

ඉතිං විජේපාල මාධ්‍යයක් හිතාමතාම වරදක් කරත් ඔය යල් පැනපු නීතිය යොදාගන්න එක නෙමෙයි කරන්න ඕන, සීඅයිඩී දුවන එක නෙමෙයි. බලයෙන් ඉදිමෙනව කියන්නෙ ඔය වගේ වැඩවලට. තව මාධ්‍ය තියෙන්නෙ ඒවට චැලේන්ඡ් කරන්න. අනික පුවත්පත් පැමිණිලි කොමිසම තියෙනව, ඊටත් දරුණු, වැඩි බලයක් ආණ්ඩුවේ පාලන යටතේ තියෙන පුවත්පත් මණ්ඩලය තියෙනව. පැමිණිලි කරන්න ඒවට මුලින්ම!



(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මහජන ආරක්ෂක ඇමති වැරදියි, අරුණ පත්තරේ නිවැරදියි! | Uvindu Kurukulasuriya | The Leader