
හරීන් ඒකට උත්තරයකුත් එතන දුන්න, වෙලාව තිබ්බෙ නැහැ කියල. ඒක පිළිගමු. මේකෙ මරු වාක්‍යයක් තියෙනව. රනිල් කියනව “මහා ජන හඩ” රැලිය සාර්ථක කරගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අප්‍රමාණ කැපකිරීම් කළේය” කියල.
ප්‍රශ්නෙ මේකයි, “අප්‍රමාණ කැප කීරීම” කරලත් හරදහස් ගානයිනෙ ආවෙ. දැන් කියන්න එන්න එපා විසිදහස් ගාණක් හිටිය කියල. ඔතන ඇතුලෙ පුටු දැම්ම නිසා දාන්න පුලුවන් 900ක් විතර, පුටු නොදැම්ම 1800ක් දාන්න පුලුවන්. ඉතිං ඇතුලෙ 900යි ඉතුරු ටික පාරෙ හිටගෙන හිටපු ටික වැඩියෙනුත් දාල හැදුවෙ. ඕකයි ගණිතය.
ගණිතය නොදන්න අයට මම කියන්නම්. ඔතනම තිබ්බ අනුරගෙ අවසාන ජනාධිපතිවරණ රැස්වීමට කීදෙනෙක් ආව කියලද හිතන්නෙ? ඒකෙ ඔහොම පුටු දැම්මෙ නැහැනෙ, ඒකෙ හයිලෙවල් එකෙත් තුන් පැත්තටම යනකතන්, දුම්රිය පටුමග, පාගොඩ පාර, නාවල පාර, දෙල්කද පැත්තට යන පාර ඔක්කොම පිරිලත් ඉදල තියෙන්නෙ 26,000යි.
මේ දැන් ජවිපෙන් ලොක්කෙක් ගෙන් ඒ ගැන අහපුවාම කිව්වෙ. ඒ ගොල්ල සංවිධායකයින්ට කිව්වෙ කොළඹ දිස්ත්‍රික්කයෙ අයව විතරක් ගේන්න කියලලු. මොකද අනිත් වටේ දිස්ත්‍රික්වල එදාම අනුර කතාකරලනෙ නුගේගොඩට ආවෙ. ඉතිං බස්වලින් සහ එක එක සංවිධායක එක්ක ආපු ගාන 22,000ක් විතර, ඉතුරු 4,000 නිකන් ආව ජනතාව. ඒ 4,000 ජවිපෙ ඇස්තමේන්තු කරපු ගාන. ජවිපෙ දන්නව ඕන තැනක් පුරවන්න ඉන්න ඕන මිනිස්සු ප්‍රමාණය.
මේ ගණිතය පිළිනොගන්න අය කෝට්ටෙ නගර සභාවෙන් අහන්න, එතන වර්ගඵලයත් එක්කම දෙයි!
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)




