The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

'අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුව' ? | Uvindu Kurukulasuriya

T

The Leader Desk

November 26, 2025 • 5:32 PM

'අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුව'  ? | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුනිල් එයාගෙ පැත්තෙන් පැහැදිලි කිරීම කරනව ‘අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට” පැමිණිලි කරල ඇවිත්.
  • සාපරාධී අපහාස නීතිය [Criminal Defamation Law] මාධ්‍ය සංවිධාන දීර්ඝ සටනක් කරල 2002 රනිල්ගෙ ආණ්ඩුව ලවා අහෝසි කරගත්තෙ.
  • ඇත්තටම නීතිය අහෝසි කරල නඩු ඔක්කොම අහෝසි උනත් අපි ඒ තියපු ඇප මුදල් ගන්න ගියේ නැහැ.
  • අනික ඇත්ත ලියපු කතාවලටත් බලයෙ ඉන්න අය CID එකට පැමිණිලි කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්ත නැත්ත මම දන්නෙ නැහැ ඒ කතාවල. ඒ ගමන්ම කියනව මේක අපහාස නඩුවක් දක්වා ගෙනියනව කියල.

දැන් ජෝක් එකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නම ‘අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුව” කියල වෙනස් කෙරුවෙත් තමන්ට විරුද්ධ හැම මාධ්‍ය වාර්තාවකටම මේ ආණ්ඩුවේ ජනාධිපතිගෙ සිට මැති ඇමතිවරු දක්වා අය CID එකට දුවන නිසා. සාපරාධී අපහාස නීතිය [Criminal Defamation Law] මාධ්‍ය සංවිධාන දීර්ඝ සටනක් කරල 2002 රනිල්ගෙ ආණ්ඩුව ලවා අහෝසි කරගත්තෙ.

ඒකෙ තිබ්බ පැරණි මර්ධනකාරී ස්වරූපයට අමතරව ඉස්සර දේශපාලනඥයින් සහ රජයේ ඉහල නිලධාරීන් ඒ නීතිය යොදාගත්තෙ රජයේ මුදලින් මාධ්‍ය මර්ධනය කරන්න. චෝදනාව ලබන පුද්ගලය තමන් නිවැරදිකරු කිව්වම, ඇපය නියම කරල රිමාන්ඩ් කරනව, ඊට පස්සෙ ෆිංග ප්‍රින්ට් අරං IRC ලැයිස්තුවටත් නම දානව මට මතක හැටියට, මොකද අපරාධ නඩුවක්නෙ. මම වික්ටර් අයිවන්ට දෙපාරක් ඇප තියල තියෙනව. වික්ටර් එදා පට්ට අප්සට් ෆිංග ප්‍රින්ට්ස් ගත්තට. හැබැයි වික්ටර් තව නඩුවක් දාල ඒවත් චැලේන්ජ් කරා.

ඇත්තටම නීතිය අහෝසි කරල නඩු ඔක්කොම අහෝසි උනත් අපි ඒ තියපු ඇප මුදල් ගන්න ගියේ නැහැ. අපිට අමතක උනා ඒව.

අනික ඇත්ත ලියපු කතාවලටත් බලයෙ ඉන්න අය CID එකට පැමිණිලි කරනවා. නඩු ඉතිං අවුරුදු ගනන් ඇදෙනවනෙ, ඒ කාලේම ඒ අය කියනව මම ඒකට නඩු දාල තියෙන්නෙ, උසාවියේ තියෙන නඩුවක් ගැන කතාකරන්න බැහැනෙ කියල. ඒ කියන්නෙ ඒ චෝදනාව ගැන තවදුරටත් මාධ්‍යයේ කතාවෙන එක නවත්ත ගන්න ඒ නීතිය යොදා ගත්ත. ඉතිං ඒ අයට සත පහක් වියදම් වෙන්නෙ නැහැ, ඔක්කොම මහජන බදුමුදලින් යන්නෙ, නීතීඥයනුත් රජයෙන්. අපහාසය ගැන සිවිල් නඩුවක් දැම්මොත් තමන්ගෙ අතින් වියදම් කරන්න වෙන්නෙ.

කොහොම උනත් සාපරාධී අපහස නීතිය අහෝසි කරල තියෙන නිසා දැන් කොහොමත් අපහාසයට නඩු දානව නම් සිවිල් නඩු තමයි දාන්න පුලුවන්. ඉතිං CID අස්සෙ රිංගන්නෙ මොකද මේ බලයේ ඉන්න අය.

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...