වයසට ගිහින් ඉන්න මගෙ අම්මව මානසික සුවයෙන් තියන්න කරන්න ඕන හැම දේම මම කරනව. අක්කවත්, නංගිවත්, මල්ලිවත් කවුරුවත් මම ලියන කරන ඒව අම්මට කියන්නෙ නැහැ. අම්ම වයසයි. මම පවුලේ ඉතාම හොඳ දෙතුන් දෙනෙක් හැර කාවවත් ෆේස්බුක් එකට දාගෙන නැහැ.
මගෙ අම්මට ඕව කියල මම කරන ඒව නවත්තන්න කවුරු හරි හිතනව නම් ඒක හිතළුවක් විතරයි.
අම්ම අඬනවලු. පෙරේදා ලොකු පාටියකට අම්ම ගිහින්. ලොකු පුතාට කතා කරන්න කියල ෆෝන් එක දෙන්න ගියා එතන හිටපු අය. අම්ම කිව්වලු එපා එපා මට ඕන නැහැ කියල. දැක්කෙ නැහැ එයාව දැන් දවස් හතරකින්!
තමුනුයි තමුන්ගෙ ගෑණියි දැන ගන්නව තමුන්ලගෙ ජීවිතය මගෙ අම්මයි තාත්තයි බේරල දුන්නට අම්මවත් තාත්තවත් ජේවීපී නෙවෙයි කියල. අම්මව මම අනුරට හැරෙව්වත් පට්ට තෙලක් අම්මට බෙදල. අම්ම හැරිච්චම, උපාසක උපාසිකාවො ඔක්කොම හැරුන. ඒවත් ඡන්ද තමා! මේ හු* දන්න දේශපාලනය.

ඔය චන්ද්‍රිකාගෙ, මහින්දගෙ, සිරිසේනල රනිල්ගෙ කාලෙත්, මගෙ වයිෆ්ට, අම්මට එහෙම කතා කරවල කරපු මානසික මෙහෙයුම් ගැන මම හොඳට දන්නව හරිද. ඒවට යට වෙන අයත් ඇති. ඒත් මම එහෙම නැහැ. කරන්නෙ ඒ අය ලවා අපිට බලපෑම් කරන එක මානසිකව. ඒක එක උපක්‍රමයක්. නමුත් ඒක ත්‍රස්තවාදී උපක්‍රමයක් හරිද. අමු ගොබ්බයො!
මේව මගේ අම්මට කියල මම ලියන ඒව නවත්තන හදන ජෙපි මාමට මං මේ පෙන්නන්නෙ අනුරගෙ අම්මගෙ ෆොටෝ එක. තමුසෙ කෝල් කරල අනුරගෙ අම්මටත් අනුරගෙ වැඩ ගැන කියනවද? පාඩුවේ ඉන්න දෙනව වයසක අයට. එච්චරයි මගේ ඉල්ලීම.
අපි වැඩ කරන්නෙ ප්‍රතිපත්ති කිහිපයක් සක්‍රීය කර ගන්න මිසක, පුද්ගලයො, හෝ පක්‍ෂයක් බලයේ තියාගෙන පුද්ගලික වරප්‍රසාද ගන්න නෙමෙයි. තමුන්ල එහෙම උනාට. ඒ වයසක මිනිස්සුන් ගෙ හිත රිද්දන්න එපා!

(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)




