The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

සල්ලි දීල තියන් ඉන්න උපදේශකයො ගොබ්බයො | Uvindu Kurukulasuriya

T

The Leader Desk

December 7, 2025 • 6:14 AM

සල්ලි දීල තියන් ඉන්න උපදේශකයො ගොබ්බයො | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ආසියාවට සුනාමි ආවම ඒකට පරක්කු වෙලා රෙස්පොන්ඩ් කිරීම සහ අධාර දීම පරක්කු වීම ගැන කුපිත වෙච්ච ස්වීඩනයේ ගවේශනාත්මක ජනමාධ්‍යවේදියෙක් අගමැතිගෙ පෞද්ගලික සහ රාජකාරී කමියුනිකේෂන්ස් ඉල්ලල එරට තොරතුරු දැනගැනීමේ පනත යටතෙ තොරතුරු ඉල්ලපුවම වෙච්ච දේ තමයි මම යට ලියල තියෙන්නෙ.
  • මම කිව්ව පක්‍ෂ බේදයකින් තොරව ඔස්ටින් ප්‍රනාන්දු වගේ අය සිට දැනට ජීවතුන් අතර ඉන්න පරණ දක්‍ෂ අයව ගෙනත් සතියකට දවසක් දෙකක් ඇවිත් වැඩ කරල, දොර වහගෙන අනුරට මුහුණටම වෙන දේවල් ගැන කියන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියල.
  • ඒකනෙ 2005 ව්‍යසන කළමණාකරන පනත ගැනවත් නොදැන හිටියෙ, පෙරේද පාර්ලිමේන්තු ඇවිත් පනත ශක්තිමත් නැහැ කියල පොර ටෝක දුන්නට.
  • (සටහන | උවිඳු කුරුකුලසුරිය) කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ (උපුටා ගැනීම් - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..) දෙසැම්බර් 07   
අකුරු ප්‍රමාණය (Font Size):


මම එයාව කල්ම විශ්ව විද්‍යාලයට ගිය කාලෙ හමුවෙලා තියෙනව. ඒවට ධෛර්යමත් පුරවැසියො ඉන්න ඕන. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල නම් ඕන තරම් පුරවැසියො ඉන්නව ඒවට. නමුත් ලංකාවෙ පනත තිබ්බට පුරවැසියො අඩුයි.

 

rti 59a6f140 73cd 11e5 984c f6a239d2879e

ලංකාවෙත් තියෙන්නෙ ලෝකෙ හොඳම තොරතුරු දැනගැනීමේ පනත් කීපයෙන් එකක්. ඉස්සරහට ජනාධිපති අනුරටත් මේ ප්‍රශ්ණයට රටේ රාජ්‍ය නායකයා හැටියට මුහුණ දෙන්න වෙනව, අල - ගොවි ප්‍රශ්ණ වලට දක්වපු ප්‍රතිචාර වල සිට මේ ව්‍යසනය එයා කලින් දැනගෙන හිටියද නැද්ද කියන එකට. ඒව ඉස්සරහට වෙයි.

ඒත් කණගාටුවට කරුණ ජනාධිපතිකම අහෝසි කරනව කිව්වට එයා දෙවෙනි පාරටත් ඉල්ලන්න හදන්නෙ. ඔය පලාත් සභාවලට එයා බජට් එකෙන් සල්ලි වෙන් කළා කියල පාර්ලිමේන්තුවට ඇවිත් ටෝක දුන්න වෙලාවෙත් මා කිව්වෙ පලාත් සභා මේ කපේ තියන්නෙ නැහැ කියල. පරදිනව කියල දන්නව!

දුක තමා අනුර ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන කොට ඒව බලන් ඉන්න වෙන එක. මේ යට පින්තූරෙ මම ලියල තියෙන දේත් කියවගන්න. පනත එච්චර ශක්තිමත්. ඔයා RTI කොමිසමට පරක්කු වෙලා වෙලා හෙංචයියෙක් දැම්මට, RTI කොමිසමට අවශ්‍ය නිලධාරීන්, සම්පත් නොදුන්නට, පනත නැතත් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් කියල ව්‍යවස්ථා සංශෝධනයකුත් තියෙනව. ඒක තමා අපි යහපාලන කාලෙ දිනාගත්ත එකම දේ. අනුර පව් ඉතිං!

 

WhatsApp Image 2023 08 14 at 1 57 41 PMඔස්ටින් ප්‍රනාන්දු

එයාට කෙලින් දේවල් කියන්න ඕන අය ඉන්න ඕන එයා ළඟ. එහෙම අය නැහැ එයාට. මම කිව්ව පක්‍ෂ බේදයකින් තොරව ඔස්ටින් ප්‍රනාන්දු වගේ අය සිට දැනට ජීවතුන් අතර ඉන්න පරණ දක්‍ෂ අයව ගෙනත් සතියකට දවසක් දෙකක් ඇවිත් වැඩ කරල, දොර වහගෙන අනුරට මුහුණටම වෙන දේවල් ගැන කියන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියල. ඒ අයට ජනාධිපති ලේකම් කාර්යයාලයේ හරි කොහෙ හරි කාමරයක් දෙන්න, කෝපි එකක් වගේ දෙන්න හදන්න කියල. ඒ අය සතපහකවත් මුල්‍යමය හෝ වෙන කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන අය නෙමෙයි. ඔස්ටින්ව නම් තනියම දවස් දෙකක් හමුවෙලා තිබුණට ඒ පරණ අය එකතු කරල ඒ වැඩේ කළේ නැහැ.

ඒකනෙ 2005 ව්‍යසන කළමණාකරන පනත ගැනවත් නොදැන හිටියෙ, පෙරේද පාර්ලිමේන්තු ඇවිත් පනත ශක්තිමත් නැහැ කියල පොර ටෝක දුන්නට. එහෙම නම් ගිය අගෝස්තු මාසෙ ව්‍යසන කළමාණකරනය සඳහා වූ ජාතික සභාව කැඳවපු වෙලේ මොකටද කලින් තිබ්බ සැලැස්මම ක්‍රියාත්මක කරනව කියල ඒක ස්ථිර කළේ? බයිල ගහන්න එපා ජනාධිපති මහත්මයා. ඒකෙ මිනිට්ස් කියවන්න. අඩු ගානෙ එදා ගත්ත තීරණ කීයක් ක්‍රියාත්මක කළාද? දැන් ඉතිං දත්ත නැහැ කියල ඔප්පු කරන්න රට වටේ යනව. ඕව ගොං පාට්!

ඔය සල්ලි දීල තියන් ඉන්න උපදේශකයො ගොබ්බයො. මේවයි දැනගන්න ඕන. මේවයි ඒ අයට දැනුම තියෙනව නම් නිතර නිතර මතක් කරල දෙන්න ඕන. බෝඩිමේ යාලුවොන්ට ලේකම්කම් දුන්නට, ඒ ලේතමාට උපදෙස් දෙන්නත් කී දෙනෙක් දාගෙනද ඉන්නෙ! ඒවත් මහජන මුදල් හරිද. මම සුමානයක් බිසී වෙනව. ඊට පස්සෙ මම අනුර වරද්දගත්ත ඒව ගැන ලියන්නම්.

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම් - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
දෙසැම්බර් 07 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...