The Leader News
BREAKING
ලෝක ජනමතය මැද සාමය සොයන පලස්තීනය |ඉම්තියාස් බාකීර් මාකාර්●ආණ්ඩුව ගැන මිථ්‍යාවන් දහයක්: ප්‍රචාරණයෙන් ඔබ්බට දේශපාලන ප්‍රගතිය විමසීම●දුම්රියේදී නඩු ගැන කතා කළ බ්‍රිතාන්‍ය විනිසුරුවරයාට අවවාද●2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව●ADB හි ඩොලර් මිලියන 200 ණයෙන් මෙරට සුළු ව්‍යාපාරවලට පණ ලැබෙයිද?●ගුවන් තොටුපළේ ලිස්සා වැටී මැලේසියා අමාත්‍යවරයෙකුට තුවාල●සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද? | කුසල් පෙරේරා●දින 11ක නාටකීය නිහැඬියාවකින් පසු ජෙන්සන් හුවාන් යළි Nvidia මුල් පුටුවට●රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●කළු සල්ලි පරීක්ෂාවේ හිඩැස් මතුවෙයි; මූල්‍ය ආයතන රැසකට මහ බැංකුවෙන් දඩ●
Top Ad
Opinion

ඉතිං වුඩ්ලර්ටත් ඒ ඉරණමම තමා අත්වෙන්නෙ... | Uvindu Kurukulasuriya

T

The Leader Desk

December 30, 2025 • 2:51 PM

ඉතිං වුඩ්ලර්ටත් ඒ ඉරණමම තමා අත්වෙන්නෙ... | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ ලොක්කො කියන්නෙ ඒක වූට්ලර් තනි මතයට හදපු එකක් කියල.
  • දැන් විපක්‍ෂයට හෝ හිරු මාධ්‍ය ජාලයට හෝ "පුරවැසියෙකුට" ඇත්ත දැනගන්න ඕන නම් කරන්න පුළුවන් වැඩක් තියෙනව.
  • දයාසිරි ඉල්ලුව 2004-2010 කාලෙ ජනාධිපති අරමුදලෙන් සල්ලිගත්ත දේශපාලනඥයින්ගෙ නම් ලැයිස්තුවත් සභාගත කරන්න කියල.
  • තොරතුරු නොදුන්නම, දයාසිරි RTI කොමිසමට ඇපීල් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලියුමක් ඇරියනෙ. ආණ්ඩුවේ ලොක්කො කියන්නෙ ඒක වූට්ලර් තනි මතයට හදපු එකක් කියල.

දැන් විපක්‍ෂයට හෝ හිරු මාධ්‍ය ජාලයට හෝ "පුරවැසියෙකුට" ඇත්ත දැනගන්න ඕන නම් කරන්න පුළුවන් වැඩක් තියෙනව. ඒ තමයි පොලිස්පතිගෙන් අහන්න ඕන, වූට්ලර් තනිමතයටද ඒක යැව්වෙ කියල. තොරතුරු දෙන්න බැහැ කිව්වොත් තොරතුරු දැනගැනීමේ කොමිසමට ඇපීල් එකක් දාන්න, අපිට වූට්ලර්ගෙ ලොග් බුක් එක බලන්න ඕන කියල. බලන්නකො මොකද වෙන්නෙ කියල. ඒකෙ ලොග් එන්ට්‍රියක් තියෙන්නම ඕන, එයාට කවුද ඒ ලිපිය යවන්න කිව්වෙ, නැත්තං එයාගෙ හිතුමතේටද ලියුම ඇරියෙ කියල. පොතේ කොල කඩන්න එයාට බැහැනෙ.

මම උදාහරණයක් කියන්නං. පහුගිය ආණ්ඩු කාල වල ජනාධිපති අරමුදලෙන් සල්ලිගත්ත දේශපාලනඥයින්ගෙ නම් ලිස්ට් එකක් මාධ්‍ය ඇමති නලින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළානෙ. ඒකෙ දයාසිරි ජයසේකරත් රුපියල් මිලියනයක් අරන් තියෙනව කියල කිව්වනෙ. දයාසිරි ඉල්ලුව 2004-2010 කාලෙ ජනාධිපති අරමුදලෙන් සල්ලිගත්ත දේශපාලනඥයින්ගෙ නම් ලැයිස්තුවත් සභාගත කරන්න කියල.

ඒක කළේ නැති උනාම දයාසිරි, ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ලබාගැනීමේ පනත යටතේ ඒ තොරතුරු ඉල්ලල ලියුමක් ඇරිය. තොරතුරු නොදුන්නම, දයාසිරි RTI කොමිසමට ඇපීල් කළා. ජනාධිපති ලේකම් කාර්යයාලයෙන් කිව්ව, ඒ දත්ත නැහැ කියල. දයාසිරි කිව්ව මුදල් පොත නැති වෙන්න බැහැනෙ. ඒක පෙන්නන්න කියල. RTI කොමිසමේ නිලධාරින් කිව්ව "බොරු කියන්න එපා මෙතන ඇවිත්, මන්ත්‍රීතුමාට මුදල් පොත පෙන්නන්න" කියල. ඊළඟ ඇපිල් දිනේ දවසෙ බලමු මොකක්ද වෙන්නෙ කියල. දයාසිරිට තොරතුරු නොදුන් හේතුව දන්නවද? ජවිපෙ දෙන්නෙකුත් ජනාධිපති අරමුදලෙන් සල්ලි අරන් තියෙන නිසා!

ඉතිං වුඩ්ලර්ටත් ඒ ඉරණමම තමා අත්වෙන්නෙ. පනත එච්චර ශක්තිමත්. මතක ගිය මාසෙ අභියායචනා අධිකරණය දුන්න තීන්දුව. ඒකනෙ මේ ආණ්ඩු කොමිසම අකර්මන්‍ය කරන්න හදන්නෙ!

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...