The Leader News
BREAKING
Top Ad
Opinion

බොරු විද්ද චතුරංග | Uvindu Kurukulasuriya

T

The Leader Desk

December 31, 2025 • 4:41 AM

බොරු විද්ද චතුරංග | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයෙ සිරස සටනෙ ලොකු සාකච්ඡාවක් ගියා මාධ්‍ය නිදහස සහ මාධ්‍ය මර්ධනය ගැන. ඒක අස්සෙ මාර කතා ටිකක් තියෙනව.
  • එතකොට නියෝජ්‍ය ඇමති චතුරංග කියනව, දැන් - the Online Safety Act (OSA) 2014 Feb - එක ගැන මහජන අදහස් විමසල තියෙන්නෙ කියල.
  • Alerts ආවට එච්චර ගනන් ගන්නෙත් නැහැ කිව්වනෙ!
අකුරු ප්‍රමාණය (Font Size):


සිරසෙ අය අහනව මේ ආණ්ඩුව ආවෙ ඔන්ලින් සේෆ්ටි ඇක්ට් එකට විරුද්ධව කතාකරල, ඒත් ඒ ගැන මොකුත් කරල නැහැනෙ කියල. එතකොට නියෝජ්‍ය ඇමති චතුරංග කියනව, දැන් - the Online Safety Act (OSA) 2014 Feb - එක ගැන මහජන අදහස් විමසල තියෙන්නෙ කියල.

ඒත් එතන හිටපු විපක්‍ෂ මන්ත්‍රීලටවත් අදහසක් තිබ්බෙ නැහැ චතුරංගව නිවැරදි කරන්න. ඒ මහජන අදහස් විමසල තියෙන්නෙ මේ ආණ්ඩුව හදල, මහජන සහ ජාත්‍යන්තර විරෝධයට ලක්වෙලා තියෙන the Protection Of The State From Terrorism Act (PSTA) එක ගැන. ඒ මිසක් OSA එක ගැන නෙමෙයි. නමුත් මේ සාකච්ඡා යන්නෙ මතුපිටින්. මේ කොටස නම් මම ශෙයාර් කරන්නෙ මට ඩයරියක් විදියට තියාගන්න.

චතුරංග තව බොරු කතා කිව්ව ආපදාව ගැන පවා. ඒ ගමන්ම කියනව, වහිනව කියල කිව්වට, කර්මාන්ත ෆීල්ඩ් එකට මෙහෙම බලපායි කියල හිතුවෙ නැහැලු. Alerts ආවට එච්චර ගනන් ගන්නෙත් නැහැ කිව්වනෙ! ඒ කියන්නෙ වැඩ කරන ගමන් ඉඟෙන ගන්නෙ! ඕව - rapid response systems - early warning systems - සුනාමි කාළෙ ඉඳල හදල තියෙන්නෙ. ඒව හරියට ක්‍රියාවේ නගන එක තමයි, පාලනය කරන අයගේ වගකීම. ජීවිත, දේපල හානි එහෙම ගැන කිසිම සහකම්පනයක් නැහැ එයාට. කාට කියන්නද මේව.

මාධ්‍ය නිදහස ගැන සාකච්ඡාව ගොඩක් දිගට ගියා. මම මේ චූටි කෑල්ලක් දාන්නෙ. නමුත් සෙට් එකටම කරුණු අමතකයි. මේව ගැන තියෙන යාන්ත්‍රණ ගැන ලෝකෙ තියෙන සංකල්පමීය දැනුම අන්තිමයි මේ අයට. අහලම බලන්න.

සම්පූර්ණ සාකච්ඡාව මෙතනනින් බලන්න:



Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...