The Leader News
BREAKING
Top Ad
Opinion

මොකක්ද මේ කඩිමුඩිය? පයිලට් ප්‍රොජෙක්ට්ස් කරල බලන්න | Uvindu Kurukulasuriya

T

The Leader Desk

December 31, 2025 • 8:37 AM

මොකක්ද මේ කඩිමුඩිය? පයිලට් ප්‍රොජෙක්ට්ස් කරල බලන්න | Uvindu Kurukulasuriya 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කරන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අනුරටවත් නොතේරෙන එක මට හරිම පුදුමයි.
  • මේ 2017 සිට හදාගෙන යන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වට්ටෝරුවෙ දිළින්දන්ට විරුද්ධ [Anti-poor] ඒව ගොඩක් තියෙන්නෙ.
  • ඒක දෙන්නෙ දුප්පත් දරුවො බලල.
  • මේ කරන්නෙ අර ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වලින් දෙන ඩොලර් ආධාරය ලබාගන්න කරන වැඩක් මිස දෙමාපියන්, දරුවන් හෝ රටේ අධ්‍යාපනය ගැන හිතල කරන වැඩක් නෙමෙයි.  මොකක්ද මේ කඩිමුඩිය?
අකුරු ප්‍රමාණය (Font Size):

මම, හරිනිව අධ්‍යාපන ඇමති කරනවට මුල ඉඳලම විරුද්ධ උනේ සහ කළාට පස්සෙත් විරුද්ධ උනේ උන කෙනෙක්. ඒව ප්‍රසිද්ධ විවේචනනෙ. රහසක් නැහැ ඒවගෙ. මොකද එයාට ලංකාවෙ අධ්‍යාපනය ගැන තේරෙන්නෙ නැහැ. එයා ලැබුවෙ වෙන අධ්‍යාපනයක් නෙ.

මේ 2017 සිට හදාගෙන යන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වට්ටෝරුවෙ දිළින්දන්ට විරුද්ධ [Anti-poor] ඒව ගොඩක් තියෙන්නෙ. මේව ජාතික ජන බලවේගයේ ඒව නෙමෙයි. මේව ක්‍රියාත්මක කරන්න නම්, දරුවන්ට පෞද්ගලික පරිගණක තියෙන්නෙ ඕන, අඩු තරමින් ඉස්කෝලෙවත් තියෙන්න ඕන. මොඩියුල් ළමයින් ප්‍රින්ට් කරගන්න ඕන ලු. ඉතිං ඕව කරන්නෙ කොහොමද? දුප්පත් දෙමාපියන්ට සල්ලි දෙනවද ඒව ප්‍රින්ට්කරගන්න රජයෙන්?.

 

covid edu 1

දැක්කෙ නැද්ද කොවිඩ් කාලෙ ඔන්ලයින් උඟන්න ගිහින් වෙච්ච දේ? ලංකාවෙ හරියට හැම තැනටම සිග්නල්වත් නැහැ. දෙමාපියන්ට ෆෝන් එකක්වත් නැහැ. දුෂ්කර පලාත්වල ළමයි හැතැප්ම පහ හය පයින් ගියා ස්මාට් ෆෝන් තියෙන අය හොයාගෙන. දැක්කෙ නැද්ද ඒ දරුවො විඳපු දුක. මහ රෑ ඒ දරුවො ගෙවල්වලට ආවෙ. O/L - A/L වගේ ඒව නොතිබුන, ඉන්ටරනෙට්, ෆෝන් නැති දරුවො ගියෙවත් නැහැ පංතිවලට. ඒ අයට කන්නවත් නැහැ. ඔය ගමන් යෑම නිසාම අපයෝජනයට - විශේෂයෙන්ම ලිංගික අපයෝජනයට - ලක්වෙච්ච දරුවන් ගැන තාම සංගණනයක්වත් කරල නැහැ.

වැඩිය ඕන නැහැ, එංගලන්තෙ වගේ රටවල දරුවොන්ට ආණ්ඩුවෙන් ආධාරයක් දෙනව child benefit කියල. ඒක දෙන්නෙ දුප්පත් දරුවො බලල. ඒ කියන්නෙ දෙමව්පියන්ගෙ ආදායම බලල ඒ අනුව. ආයෙත් දෙමාපියන්ගෙ ආදායම අනුව child tax credit කියල එකක් දුන්න කොව්චර ධනවතෙක්ගෙ දරුවට උනත් යම් කිසි මුදලක් ලැබුණ, දුප්පත් පොහොසත් බේදයක් නැතුව. ඒක ලැබුන මෑතක් වෙනකං. දැන් ඒක නවත්තලා වෙන ක්‍රම වලට ගැටගහල තියෙන්නෙ. ඔය ඔක්කොම දීලත් නගර සභාවෙන් අහනව දරුවට පරිඝණයක් තියෙනවද හෝම්වර්ක් කරන්න, ඉන්ටර්නෙට් තියෙනවද ගෙදර කියල. එහෙම බලල නැත්තං ඒ පහසුකමතුත් දෙනව. මම මේව ඔක්කොම ගැන රිසර්ච් කරල විස්තර සහිතව අනුරතුමාටත් කියල තියෙනව. 

 

Earl Jayasuriya 167.jpg

ඉතිං ඒ වගේ ධනවත්කමක් තියෙන රටවල ඔය හරිනිල ගේන්න යන ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් උනාට භෞතික උදව් නැතුව ලංකාවෙ ඕව කරන්න බැහැ. අඩු ගානෙ ලොක් කරල මුරකාරයෙක් දාල පඩිගෙවන්න පුලුවන් ඉස්කෝල ලංකාවෙ කීයක් තියෙනවද? ඉන්ටර්නෙට් පහසුකම් තියෙනවද ඉස්කෝලවලට? එක මුරකාරයෙක් දැම්මත් මදිනෙ. ඌ බොගක් දාන්නවත් ගියොත් ඕන හොරෙකුට කම්පියුටර් කාමරේ කඩල බඩු උස්සන්න පුළුවන්. ඉතිං ඒ යටිතල පහසුකම් නොහද ඕව එකපාරට කරන්න පුළුවන් ප්‍රතිසංස්කරණ නෙමෙයි. වඩු බඩු තියෙන කාමරත් කඩනව ඉස්කෝලවල ආයුධ උස්සන්න. 

මම මේ ඉහත ටික කිව්වෙ, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල සංකල්පමීය වැරදි ගැන බලල නෙමෙයි, [ඒව ගැන මම ගිය අවුරුද්දෙ ඉඳලම පෝස්ට්ස් කීපයක් ලිව්වනෙ]. මේ කරන්නෙ අර ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වලින් දෙන ඩොලර් ආධාරය ලබාගන්න කරන වැඩක් මිස දෙමාපියන්, දරුවන් හෝ රටේ අධ්‍යාපනය ගැන හිතල කරන වැඩක් නෙමෙයි. 

මොකක්ද මේ කඩිමුඩිය? පයිලට් ප්‍රොජෙක්ට්ස් කරල බලන්න පුළූවන්නෙ ඉස්සෙල්ලෙ.

පසු සටහන: පරිඝණක පාසැල් අධ්‍යාපනයට ඕන නැති කාලෙත් මගේ ඉස්කෝලෙ කම්පියුටර් ලැබ් එකක් තිබ්බ. ඒ 86/87 කාලෙත්. ගුරුවරරු දෙන්නෙක් හිටිය. ඒ නුවර ධර්මරාජයේ. ඒව හැදුවෙ මට නිස්කාරණේ ගුටි දීපු ඒත් කප්පරක් අපි වෙනුවෙන් වැඩ කරපු ඒ.පී. ගුණරත්න විදුහල්පති තුමා. ඒ ගුටි දවසට එයාව මම මතක් කළාට, එයාගෙ මේ ගරුකටයුතු වැඩ ගැනත් මම ඉස්සර සිට ලියල කිල තියෙනව. ඒ කාලෙ අපි run, print සී කෝලන් ග්‍රේටර් දෑන් වගේ ඒවගෙන් මූලික කම්පියුටර් ෆන්ශන්ස් ඉගෙන ගන්නෙත්. දැන් එක්ස්එල් උනාට අපි උගත්තෙ ලෝටස් 123 

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...