The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර හරියට කරුණු නොකීමෙන් වරදක් කළා... | Uvindu Kurukulasuriya

T

The Leader Desk

January 18, 2026 • 2:11 PM

  අනුර හරියට කරුණු නොකීමෙන් වරදක් කළා... | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 16 ද යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති උත්සවයකදී කළ ප්‍රකාශයක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව ඇත.
  • මේ අතර 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.
  • ලාල්කාන්ත වගේම අනුරත් කළේ නිර්භීත ප්‍රකාශ.
  •   අපිට අවශ්‍ය ජනතාව ගහගන්න රටක් නොවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතම් දේශපාලන පක්ෂ නායකයින් සහ බෞද්ධ හිමිවරුන් බලවත්සේ විරෝධය මතුකර ඇත.

මේ අතර 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.

මගේ සත දෙක.....

ලාල්කාන්ත වගේම අනුරත් කළේ නිර්භීත ප්‍රකාශ. ඒත් විධායකයෙ අය විදියට ඒව ඒ විදියට නොකල යුතුව තිබ්බ කියන එක තමා මගේ මතය. ලාල් නම් ඒ "වනචාරියා" කතාව නොකියම යුතුව තිබ්බ.

ඒත් අනුර ඒ කිව්ව එක හරියට කියන්න තිබ්බ. ඒ තිස්ස විහාරයේ කතාව. කතාවල් සන්දර්භයෙන් පිටතට අරන් නොයෙකුත් ආකාරයෙන් විග්‍රහ වෙන්නෙ ඒකයි. ඉතිං කියන දේ හරියට නොකිය කීමේ ප්‍රතිඵලත් ඒ දේශපාලකයින්ටම විතරක් නෙමෙයි දරාගන්න වෙන්නෙ, මුළු දේශපාලන ව්‍යාපාරයටම. ඒකනෙ ඒ පක්‍ෂයෙ නායකයින් ගෙන් මාධ්‍ය ඒව අහනකොට කොරවෙන්නෙ.

මේ කාළෙ මට දිගට ලියන්න හිතෙන්නෙ නැහැ, වැඩ වැඩියි. නැත්තං තර්කාණුකූලව "හෝදල" දෙනව. මගේ මතය ලාල් below the belt ගහන්න ගිහින්  කොහොමත් වරදක් කළා, අනුර හරියට කරුණු නොකීමෙන් වරදක් කළා කියන එක.


unnamed file 428

 ලාලගෙ එක කොහොමත් හෝදන්න බැහැ. ඒත් අනුරගෙ හෝදන්න පුළුවන්, ඔප්පු තිරප්පු ගෙනල්ල, තිස්ස විහාරය ගෝටගෙ කාලෙ වටේ අනිත් මිනිස්සුන් ගෙ, විශේෂයෙන්ම දෙමළ මිනිස්සුන් ගෙ ඉඩම් කොල්ල කාල තියෙන හැටි පෙන්නල. ඒක රැක ගන්න තමයි සංවිධානාත්මකව එතනට සිංහල-බෞද්ධයින්ව ගෙනියන්නෙ සිල්ගන්න කියල පෙන්නල.

 
ඒත් ඉතිං ඒ පැත්තෙ මිනිස්සු ඔප්පුත් අරං ඇවිත් කලක සිට එච්චර උද්ඝෝෂණ කරල තියෙත් දි ඒක නොවිසඳා, ප්‍රසිද්ධ රැස්වීමක අසංවේදී විදයට, ඒකත් ආගමික උත්සවයක් දවසෙ - ඒක කියල අනුර කළේ මොන ගොං වැඩක්ද!

(උපුටා ගැනීම අවසන්)


ජනාධිපති අනුර යාපනයේදී කිව්වේ මොකක්ද ?


ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 16 ද යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ, කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි අපේ රටේ හිස එසවීමට  ඉඩ නොදෙන බවයි.

''මම දන්නවා තැනින් තැන සුළි කැරකෙනවා. පෝයට සිල් ගන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර යාපනයට එනවා. එතන තිබෙන්නේ සීලය නොවෙයි, වෛරය.

ඒ වගේම සෑම පෝයකටම ගිහින් ඒ පන්සල ළග වට වෙනවා. ඉඩම් වෙනුවෙන් නොවෙයි, ජාතිවාදය වෙනුවෙන්. මම අපේ බුද්ධි අංශවලට උපදෙස් දුන්නා හොයලා බලන්න කියලා, ඒ හැම පෝයකටම ඇවිල්ලා එතන කෑ ගහන කාගේ හරි ඉඩමක් එතන තියෙනවද කියලා.

ඒ නිසා බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා කුඩා තැන්වල යළි ජාතිවාදය ඔසවන්න උත්සාහ කරනවා. ඒ කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි අපේ රටේ හිස එසවීමට අපි ඉඩ දෙන්නේ නැහැ.'' යයි ජනාධිපතිවරයා එහිදී පැවසිය.

එහිදී ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

 ''සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා සහෝදරත්වයෙන් ජිවත්වන හොඳ රටක් අපිට අවශ්‍යයි. දශක ගණනාවක් අපි වෛරයෙන්, ක්‍රෝධයෙන් ජීවත් වුණා. අපිට කිසිවක් ලැබුණේ නැහැ. යුද්ධය නිසා උතුරේත්, දකුණේත් දෙමාපියන්ගේ දරුවන් අහිමි වුණා. එහි අවසාන ශේෂ පත්‍රය මහා ව්‍යසනයක්. ඒ නිසා යළි ගැටුම් අති නොවන සහෝදරත්වයෙන් සහ ළෙංගතුකමින් ජීවත්වන ජාතියක් අපි ගොඩනැගිය යුතුයි. ඒ නිසා කිසිදු තැනක, කිසිදු ආකාරයක ජාතිවාදයට යළි නැගිටීමට අපි ඉඩ දෙන්නේ නැහැ.

 
අපිට අවශ්‍ය ජනතාව ගහගන්න රටක් නොවෙයි. අපිට අවශ්‍ය සහෝදරත්වයෙන් ජීවත්වන රටක්. අපිට අවශ්‍ය අනෙකා කෙරෙහි සැකයෙන් බලන තරුණයන් නොවෙයි. අනෙකා කෙරෙහි ආදරයෙන්, විශ්වාසයෙන් බලන තරුණයින් අපිට අවශ්‍යයි. අපි ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් තිබෙනවා. පළමුව හොඳ ආර්ථික ශක්තියක් ඇති කළ යුතුයි. ක්‍රීඩාවට සමාන අවස්ථා නිර්මාණය කර දිය යුතුයි. සාහිත්‍යයට, කලාවට, චිත්‍රපටියට මේ යාපනයේ අලුත් තත්ත්වයක් නිර්මාණය කළ යුතුයි. අනෙකා කෙරෙහි වෛරයෙන් බලන මනස ඉවත් කළ යුතුයි. තෙතමනය ඇති සහ අනෙකා කෙරෙහි සහකම්පනය සහිත සමාජයක් ඇති කළ යුතුයි.

ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය කිසි ලෙසකින් බිඳ වැටීමට ඉඩ නොතබන බවට මා ඔබට සහතික වෙනවා. ඔබ පළමු වතාවට ආණ්ඩුවක් කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මීට පෙර උතුරේ තිබුණු මතය වූණේ දකුණේ සිංහල ආණ්ඩුවක් තිබෙනවා, උතුරේ අපිට දෙමළ ආණ්ඩුවක් ඕනේ කියලා කිව්වා. දකුණේ තිබුණ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් කියලා උතුරේ ජනතාවට දැණුනේ නැහැ.

 


හැබැයි මම ඔබට එකක් කියන්නම් දකුණේ තිබුණ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුවක් කියලා දකුණේ ජනතාවට දැණුනෙත් නැහැ. උතුරට විතරක් නෙවෙයි, දකුණටත් ඒවා ආණ්ඩු නෙවෙයි. ඉතා සීමිත පවුල් කිහිපයක් වෙනුවෙන් හදපු ආණ්ඩු. තමන්ගේ මිතුරන් වෙනුවෙන් හදපු ආණ්ඩු. ඥාතීන් වෙනුවෙන් හදපු ආණ්ඩු. අද ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා. අද උතුරේ ඔබ මෙන්ම දකුණේ ජනතාවත් තමන්ගේ ආණ්ඩුවක් ලෙස අපිව විශ්වාස කරනවා. ඒ නිසා අද උතුරේ, දකුණේ, නැගෙනහිර සිංහල මුස්ලිම් දෙමළ සියලු දෙනාගේ ගෞරවයට ලක් වු ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. එය වැදගත් හැරවුමක්. සැකයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අපිට ඉදිරියට යන්න බැහැ. අපි අතර විශ්වාසය තිබිය යුතුයි.  ඒ නිසා අපි සියලුදෙනා එක්ව හොඳ රටක් ගොඩනඟමු කියා මම ඔබට ආරාධනා කරනවා.

අපි විශාල මුදල් ප්‍රමාණයක් ගමේ සංවර්ධනය සඳහා මේ අයවැය ලේඛනයෙන් වෙන් කර තිබෙනවා. ඒවා වැය කිරීමට ලැබෙන්නේ ඔබ වැඩ කළොත් පමණයි. මේ  උතුරු පළාතේ ගම්වල පාරවල් හදන්න අපි පසුගිය වසරේ රුපියල් මිලියන 5,000ක් වෙන් කළා. හැබැයි ඇතැම් ප්‍රතිපාදන ආපසු ආවා. මේ වසරේත් විශාල මුදල් ප්‍රමාණයක් ගම්වල සංවර්ධනයට ලබා දී තිබෙනවා. ඒ මුදල් වැය කරමින් ගමේ ජනතාවට අවශ්‍ය පහසුකම් අ ලබා දෙන්න මැදිහත් වෙන්න කියා මම ඉල්ලනවා. ඒ තුළින් අපේ රටේ ජනතාවගේ ජීවිත ඉතා වේගයෙන් ඉහළට ගෙන යා හැකියි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුර හරියට කරුණු නොකීමෙන් වරදක් කළා... | Uvindu Kurukulasuriya | The Leader