The Leader News
BREAKING
Top Ad
Opinion

අතුකෝරාළ නඩුව : 'ජනාධිපති සමාව දිය යුතුය කියන උද්ඝෝෂනයට මම විරුද්ධයි' | Uvindu Kurukulasuriya

T

The Leader Desk

February 13, 2026 • 4:41 AM

අතුකෝරාළ නඩුව : 'ජනාධිපති සමාව දිය යුතුය කියන උද්ඝෝෂනයට මම විරුද්ධයි' | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතුකෝරාළ නඩුවේ මරණ දණ්ඩනය නියම වූ අයට ජනාධිපති සමාව දිය යුතුය කියන උද්ඝෝෂනයට මම විරුද්ධය.
  • කල යුත්තේ "මැයි 9" ගැන සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කර, වින්දිතයින්ට/ප්‍රහාරකයින්ට සැමට යුක්තිය ඉටුකිරීම සහ එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමය.
  • එවැනි මහජන නැගිටීමක නඩු තනි තනි නඩු ලෙස ඇසීම යුක්තිය පසඳලීම නොවේ, ඒ කිසිවෙකුට කිසිවෙකු ගැන පෞද්ගලික ප්‍රශ්න තිබුණේ නැත.
  • ජනාධිපති බලය පාවිච්චි කල යුත්තේ එවැනි යාන්ත්‍රණයක් ඇතිකිරීමටය.
අකුරු ප්‍රමාණය (Font Size):


අනුර කොහොමත් එහෙම ජනාධිපති බලය පාවිච්චි කර එවැනි වැඩ කරන්නෙත් නැත.

කල යුත්තේ "මැයි 9" ගැන සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කර, වින්දිතයින්ට/ප්‍රහාරකයින්ට සැමට යුක්තිය ඉටුකිරීම සහ එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමය. නඩු දහස් ගාණක් අරගලය ගැන තවමත් ඇසෙමින් පවතී. එවැනි මහජන නැගිටීමක නඩු තනි තනි නඩු ලෙස ඇසීම යුක්තිය පසඳලීම නොවේ, ඒ කිසිවෙකුට කිසිවෙකු ගැන පෞද්ගලික ප්‍රශ්න තිබුණේ නැත. ජනාධිපති බලය පාවිච්චි කල යුත්තේ එවැනි යාන්ත්‍රණයක් ඇතිකිරීමටය.

 



එතකන් ඔය මරණ දණ්ඩනයට නියමවූ අයගේ දරු පවුල් රැක බලා ගැනීමට ගරු කටයුතු පුද්ගලයින් කීප දෙනෙකුගෙන් සමන්විත පාරදෘශ්‍යබවකින් යුතු අරමුදලක් පටන් ගැනීමය. එය කල යුත්තේ අරගලයට සහය වූ අය විසිනි. ලහිරු විජේසේකර (ඇකා) සහ නිර්මාල් රංජිත් දේවසිරිව එවැනි අරමුදලක් පටන් ගන්නේ නම් එහි සාමජිකයින් දෙදෙනෙකු ලෙස මම යෝජනා කරමි.

අර අත්හිටවූ සිර දඬුවම් නියමවූ හතරදෙනාට නියම කරපු රුපියල් 10,000 දඩ මුදලත්, අතුකෝරාල මන්ත්‍රීතුමාගේ බිරිඳට සහ ආරක්‍ෂක නිලධාරියාගෙ බිරිඳට ගෙවන්න කියා නියමකල 50,000 එම අරමුදලින්ම ගෙවා දැමීමය. හරි කෙනෙක් ඒක පටන් ගන්නව නම්, මම ඒ දඩ/වන්දි මුදල් ටික දෙනව.

Amarakeerthi 260211

නමුත් මතක තියාගන්න ඒ බිරිඳලා දෙන්නටම වෙන කාටවත් නොගෙවන වන්දි මුදලක් ගිය ආණ්ඩුවෙන් රජයේ මුදලින් ගෙවා ඇති බවය. ඊට අමතරව රක්‍ෂණ මුදල් කොපමණ ලැබුනාද කියා නොදනිමි.

ඊටත් අමතරව අතුකෝරාලගේ ආරක්‍ෂකයා වෙඩි තැබීමේන් මිය ගිය තරුණයා සහ ක්‍රිටිකලි තුවාල වූ අනිත් අයගේ පවුල් ගැන බැලීමට නම් අනුර ජනාධිපතිට හැකියාවක් ඇත. ඒ අයට වූ සධාරණයක් නැත.


Uvindu Kuru
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...