අනුර ජනධිපති එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ දිග හැරෙන පීටර් මැන්ඩෙල්සන් කතාන්දරය ෆලෝකරන්න ඕන. පීටර් මැන්ඩෙල්සන් කියන්නෙ ටෝනි බ්ලෙයාර්ව බලයට ගේන්න වැඩකරපු අභ්‍යන්තර කවයේ කෙනක්, ඒ නිසාම විශාල බලයක් හිමිකරගෙන හිටි පුද්ගලයෙක්. ටෝනි බ්ලේයාටත් මැන්ඩෙල්සන්ව දෙපාරක්ම දීපු බලගතු ලේක්ම්කම් [ලංකාවෙ විදියට ඇමතිකම්] වලින් අයින් කරන්න උනා. බලය අයුතු ලෙස පාවිච්චි කරපු නිසා. ඒව කැමැත්තෙන්ම ගත්ත ඍජු තීරණ නෙමෙයි කියල හැම එකාගෙම වගේ පොත්වල තියෙනව.

හෙට (17) බ්‍රිතාන්‍යයේ ලොක්කෙක් ඉල්ලා අස්වෙනව, ඒත් පලල් මහජන මතය - දැන් ඇදිල තියෙන කතාව අනුව "පාර්ලිමේන්තුව නොමඟ ඇරිය" කියල අගමැති ස්ටාමර්ටත් ඉල්ලා අස්වෙන්න කියල මහජනය බලකරනව. හැම විරුද්ධ පක්‍ෂයම සද්දෙ දානව.
ස්ටාමර්ටත් අනුර වගේම බොහොම අමාරුවෙන් ලේබර් පක්‍ෂය බලයට ගෙනාපු කෙනා. [ටෝනි බ්ලෙයාර් තුන්පාරක් අගමැති උනා එක දිගට. බොහොම අමාරුවෙන් එයත් ලේබර් පක්‍ෂය බලයට ගෙනාවෙ]
"දේශපාලනඥයින් කෙරෙහි ඇති මහජන විශ්වාසය නැති වීම" තමා මහජනය මතුකරන ප්‍රධානම ප්‍රශ්නය. ඒක නැති උනොත් රාජ්‍ය පාලනය අරාජික වෙනව. බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂය නම් "අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක්" තියෙන පක්‍ෂයක්. ජවිපෙ වගේ නෙමෙයි. ඒ ගොල්ලොත් ඔය 1970 ගනන්වලම ජවිපෙ පවත්වගෙන යන වගේ කේඩර් පාටි ක්‍රමය අතහැරල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මහජනයටත් දැකගන්න හදපු පක්‍ෂයක්.
අනුරටත් ඕන ඒ වගේ "කේඩර් පක්‍ෂ ක්‍රමය" අතහැරල "මෑස් පාටි" එකක් කරන්න. ඒ ගැන මාත් එක්ක කීප වතාවක්ම සාකච්ඡා කරල තියෙනව. මම මුලින්ම කිව්වෙ; ලේබර් පක්‍ෂය කළා වගේ "පාටි ඉන්ටනර්න්ස්ල" හදන්න ඕන කියල, ඉස්සෙලම උඹට තොරතුරු හොයල දෙන්න "රිසර්ච් ටීම් එකක්" හදන්න කියල. දක්‍ෂ විශ්ව විද්‍යාල ස්ටුඩන්ස්ලට පාටි ඔෆිස් එකේ කම්පියුටර් රූම් එකක් හදල, එක එක ප්‍රශ්න ගැන රිසර්ච් කරල පේපර්ස් හදල දෙන්න ක්‍රමයක් හදන්න, ඒ අය පාක්‍ෂික අයම වෙන්න ඕන නැහැ. බස් ගාස්තුවක් සහ ආහාර ටිකක් දුන්නම ඇති නෙ විශ්ව විද්‍යාල අයට - සතියට පැය කීපයක් ඇවිත් රිසර්ච් කරන්න නෙ තියෙන්නෙ.

නමුත් ඒ හදිස්සියට ඒක කර ගන්න බැරි උනා අනුරට. ඒත් ඒකෙ ප්‍රතිඵලයක් ලෙස තමා ඒ වෙනකොට රස්සා කරකර කර හිටපු දෙන්නෙක් වෙච්ච "ලක්මාලි හේමචන්ද්‍රවයි, නජිත් දොස්තර මහතාවයි" එයා ගාවට ගත්තෙ. ඒ දෙන්න ජනාධිපති ඡන්දෙට මාස කීපයකට පෙරවත් ජාතික ජනබලවේගයටවත්, අනුරටවත්, ජවිපෙටවත් වැඩකරපු අය නෙමෙයි. ඉංග්‍රීසි දන්න අය හොයාගන්න අනුරට බැරි උනා. ඒ නිසා ඒ දෙන්නව ගත්ත අනුරට ලඟට. ඒ දෙන්න දන්නෙත් නැහැ, කොහොමද අනුර ගාවට ගියේ කියල. ඒ දෙන්න දැන් අනිත් උන් ඔක්කොටම හපන්. ඒ අනුරගෙ පවර් එක අරන්.
අනේ මන්ද. මම ඕව ගැන ලියන්න ඕන දැන්වත්. මට ඕව කියල තියෙනව අනුරම.[(.ලබන සතියෙ මම එංගලන්තෙට ගියපු ගමන් ඩයරි සහ රෙකෝඩ්ස් බලල, මම ඒ කතාව පසුව ලියන්නම් - ඒ ගැන හරියට ලියන්නම්. - මට තියෙන ප්‍රශ්නය ඇයි මේ දෙන්න එංගලන්තෙ යන වාදෙ අනුරට බ්‍රීෆ් නොකරන්නෙ කියන එක?) - නමුත් ඉන්ටර්න්ස්ල ගන්න කියපු කතාව නම් මම ප්‍රසිද්ධියේ ලියා ඇත. ඒ ඒ ගැන මහජන සාකච්ඡාවක් ඇති කරන්න. මම ඒක ටිල්වින් ලන්ඩනයේ හමු වූ විටත් කීව සහ මාස කීපයකට පෙර ටිල්වින්ට ඒ ගැන පොතකුත් දුන්න - කොහොමද ලේබර් පක්‍ෂය පරිවර්තනය උනේ කියල - නවසීලින්තෙ අගමැතිනිය උන Jacinda Ardern කියන ආදරණීය අගමැතිනියත් ටෝනි බ්ලෙයාර්ගෙ ඉන්ටර්න් කෙනෙක් කියල මම අනුරට කිව්ව. මේ සමහර සකාච්ඡා අනුර එක්ක මම තනියම කරපු ඒව ඒව නෙමයි. තව අයත් ෆිසිකලි එතන ඉඳල තියෙනව. මම විතරයි ජවිපෙ කෙනෙක් නොවුනෙ. මේ ජවිපෙ අයම එක්ක, මට ඕන උනේ ජවිපෙ මහජනයට වගකියන පාරදෘශ්‍යබවකින් යුතු පක්‍ෂයක් කරන්න. [දැන් අනුරගෙ වාරය ඒක මහජනයට පෙන්නුම් කරන්න කියල, අනුර ජනධිපති වූ ගමන්ම මම ලියා ඇත.]
මට කෙටියෙන් කියන්න ඕන, අනුර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම ඊයෙ ඇදිච්ච ඒවයි, ගාඩියන් ගාවේශණය හරි කියල "අගමැති ඔෆිස් එක නිවේදනයක් නිකුත් කරල" පිළිගත්ත එකයි කියවගන්න. "දේශපාලනඥයින් බොරු කිව්වම යාළුකම් නැතුව ගහනව, විවේචනය කරනව". දැනගන්න. ඕන අය "Revealed: Mandelson failed vetting but Foreign Office overruled decision" කියල. ගූගල් කරන්න. ඊට පස්සෙ අගමුල හොයාගෙන යන්න. රාජ්‍ය පාලනයෙදි "මහජන විශ්වාසය තමා වැදගත්ම දේ". ලංකාවෙ නම් මේව සුළු ප්‍රශ්න කියල හිතයි, අනුරට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න එක්ක.
පසු සටහන: කෙනෙක් ලියන පොස්ට් එකකට කමෙන්ට් කරන්න මඩගහන්න ඉස්සෙල්ල, කියවගන්න ඒ මනුස්සය මොනවද ඊට පෙර දිගට දිගට ලියල තියෙන්නෙ කියල. මිනිබ්ලොගිං කියල ජාතියක් තියෙනව - වචනෙන් දෙකෙන් ලියන, ඒව තේරෙන්නෙ හරියට ඊට යට යට ලියපු ඒව කියවන අයට විතරයි. මම හදන්නෙ "බලයේ ඉන්න අය වගවීමට බඳුන් කරන්න පුලුවන් බලකායක් මිසක, මඩ බලකා නෙමෙයි”.(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
2026 අප්‍රේල් 16




