The Leader News
BREAKING
Top Ad
Opinion

ගූ ගැසීම ගැන... | Uvindu Kurukulasuriya

T

The Leader Desk

April 28, 2026 • 3:55 PM

ගූ ගැසීම ගැන... | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට හරි කලකිරීමක් ඇතිවුනා නලින්ද අද කැබිනට් බ්‍රීෆිං එකේදි උත්තර දීපු හැටියට.
  • එයා 1993දි විජේතුංග පන්නයේ උත්තරයක් දුන්නෙ.
  • ලලිත් ඇතුලත්මුදලිල කොටුවෙ දුම්රියපොල ඉදිරියේ උද්ඝෝෂණය කරනකොට ආණ්ඩුව මැරයො දාල ගැහැව්ව.
  • නමුත් විජේතුංගගෙ උත්තරය හැවුම් ලක්ෂයක් උනා - ආණ්ඩුවට විරුද්ධ අය සංවිධානය උනා.
අකුරු ප්‍රමාණය (Font Size):

උත්තර දෙනකොට කැම්රි හිනාවකුත් තිබ්බා නලින්දගෙ මූනෙ. එයා 1993දි විජේතුංග පන්නයේ උත්තරයක් දුන්නෙ.

ලලිත් ඇතුලත්මුදලිල කොටුවෙ දුම්රියපොල ඉදිරියේ උද්ඝෝෂණය කරනකොට ආණ්ඩුව මැරයො දාල ගැහැව්ව. නලින්ද එතකොට ඉස්කෝලෙ යන චූටි දරුවෙක්. ඒත් නලින්ද ඒ ප්‍රේමදාස-විජේතුංග පන්නයේ උත්තරයක් දුන්නෙ. විජේතුංග කිව්ව ‘කුපිත වූ මහජනය ප්‍රහාර එල්ල කලේ’ වගේ කතාවක්. ඒ වගේම උත්තරයක් නලින්ද මල්ලි දුන්නෙත් අද. ඒකමයි මේ වෙන්නෙ.

නමුත් විජේතුංගගෙ උත්තරය හැවුම් ලක්ෂයක් උනා - ආණ්ඩුවට විරුද්ධ අය සංවිධානය උනා. පාඩම් ඉගෙන ගෙන නැහැ වගේ!

‘මිනිස්සු’  - ගෝටගෙ එකාද මහිනදගෙ එකාද, හිටපු හොරුන්ගෙ උන්ද ආදී වශයෙන් - එක එක විදියට විරෝධය ප්‍රකාශ කරනව.

නමුත් බලය තියන අය කැම්රි වැඩ නොකර ඒ විරෝධතා වලට ඔහේ කරල යන්න ඉඩ දෙන්න ඕන.

ඒ විරෝධතාවල හරය අනිත් අයට තේරුම්ගන්න ඉඩ දෙන්න ඕන.

ඒ විරෝධතා කවුරු කලත් කවුරු මෙහෙය වූවත් ඒකෙ තියෙන හරය තේරුම් අරන් ආණ්ඩුව ක්‍රියාකරන්න ඕන.

යහපත් පාලනය කියන්නෙ ඒකයි. ඒක තේරුම් අරන් නැහැ තාම.

නමුත් බලයේ ඉන්න පක්ෂ වලට සොත්ති උපාලිලත් ඉන්නව කියල මම නම් දන්නව.

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

cfbdfgvv

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගූ ගැසීම ගැන... | Uvindu Kurukulasuriya | The Leader