BREAKING
පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●
Top Ad
විශේෂාංග

නායකයෙකු සොයන අපේ පuzzle එක | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

T

The Leader Desk

February 8, 2026 • 9:39 AM

නායකයෙකු සොයන අපේ පuzzle එක | මහාචාර්ය ප්‍රදීප්  එන්’ වීරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සති අන්තයේ සිට මගේ දවස අපේ රටේ සමාජ දේශපාලනය හැඩගස්වන ගැඹුරු රටා පිළිබඳව ආපසු හැරී බලන්නට වෙන් කරන්න මම හිතුවා. මේ වියමන එහි ප්‍රතිඵලයක්.
  • එම තීරණයේ ප්‍රතිඵල අසාර්ථක වූ විට අපි එම තීරණය නැවත සලකා බලන්නේ කුමන පදනමක් මතද?
  • එනමුත්,  දිනෙන් දින  වර්ධනය වන  අසාර්ථක රාජ්‍යයක් වීම, දේශපාලන අස්ථාවරත්වය, සමාජීය අවිනිශ්චිතභාවය, නොසන්සුන් බව, සහ ඉච්ඡා භංගත්වය එම ප්‍රහේලිකාවට පිළිතුරක් සොයාගැනීම තියුණු, හදිසි සහ අනිවාර්ය ප්‍රපංචයක් බවට අද පත්වී තිබෙනවා.
  • සමාජයක් ලෙස අප නැවත නැවතත් නායකත්වය වැරදි ලෙස විනිශ්චය කර  එම විනිශ්චයේ නිර්ණායක වෙනස් කරන්නට මැළි වන්නේ මන්ද යන්නයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පිය සටහන්

වසර ගණනාවක් පුරා මම විවිධ සමාජ ජීවිත එක්ක ගත කර තිබෙනවා. ඒ අතර චීනයේ බෙයිජිං හි විදේශ විශේෂඥයෙකු සහ වූහාන්හි ශිෂ්‍යයෙකු වශයෙන් ගත කළ කාලයේ චීනයේ සමාජ ආර්ථික සංවර්ධනයේ මෙන්ම දේශපාලන උපායමාර්ගවල ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වීම සුවිශේෂයි.

විටෙක , ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණවලදී නන්දෙසින් පැමිණෙන ශාස්ත්‍රඥයන් සමඟ සංවර්ධන උභතෝකෝටික පිළිබඳව තර්ක විතර්ක සහ අත්දැකීම් අතර මා කාලය ගත කර තිබෙනවා.

vector illustration businessman get ready starting goal business starting position ready sprint run 305186 352
තවත් විටෙක, රාජ්‍ය නොවන සංවිධාන  සමඟ කොළඹ සිට ගම් දනව්, වතු හරහා යාපනය දක්වා ඇවිද යමින් විවිධ තරාතිරමේ පුද්ගලයන් ගේ අත්දැකීම් සහ අදහස් වලට කන් දෙමින් ඔවුන් ජීවිතය ගැට ගසා ගන්නට සිදු කරන අරගල වගේම ඔවුන්ගේ අපේක්ෂාවන් ද සටහන් කරගෙන විශ්ලේෂණය කර තිබෙනවා.

දේශන ශාලා, විරෝධ පෙළපාලි, ජන අරගල සහ දේශපාලන කොරිඩෝ හරහා ඇවිද යද්දි පුරවැසියන්ගේ කලකිරීම සහ රැවටීම  මට දැනී තිබෙනවා.

සරසවියෙන් පිටව ගත කළ මුල් දශකයේ මාධ්‍යකරුවෙකු වශයෙන් මෙරට සමාජ, දේශපාලන ආඛ්‍යාන හැඩ ගැසෙන, පැතිරෙන සහ මැකී යන ආකාරය මම අත්දැක තිබෙනවා.

මේ සියල්ලටම වඩා, නායකත්වය සහ කළමනාකරණය හදාරන තරුණ විද්‍යාර්ථීන් විසින් නායකයින්ගේ චමත්කාරය විග්‍රහ කරන අතරතුර මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් බලාපොරොත්තු සහගත විය හැක්කේ කුමනාකාරයේ නායකත්ව ශෛලීන්ගෙන් යුත් නායකයන්ට ද යන්න නිගමනය කළ නොහැකිව තුෂ්ණිම්භූත වන ආකාරය මට මතකයි.

 

Sri Lanka copy
ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් වීමේ කේන්ද්‍රීය සාධකය

ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් වීමේ කේන්ද්‍රීය සාධකය පුරවැසියා විසින් නායකයින් තෝරා ගැනීමේ තීරණයේ දී දිගින් දිගටම පෙන්නුම් කරන අසාර්ථකභාවයයි. එය හුදෙක් ජනයාගේ තීරණ ගැනීමේ අර්බුදයක් පමණක් නොවේ.  මෙරට පුරවැසියා පිළිබඳ ගැඹුරු  බුද්ධිමය ප්‍රහේලිකාවක්.

3D Team Leadership Arrow Concept

අපට නායකත්වය දීමට සුදුසු  කවුදැයි තීරණය කරන්නේ කෙසේද? එම තීරණයේ ප්‍රතිඵල අසාර්ථක වූ විට අපි එම තීරණය නැවත සලකා බලන්නේ කුමන පදනමක් මතද? මේ  ප්‍රහේලිකාව අපට අලුත් දෙයක් නොවේ. එනමුත්,  දිනෙන් දින  වර්ධනය වන  අසාර්ථක රාජ්‍යයක් වීම, දේශපාලන අස්ථාවරත්වය, සමාජීය අවිනිශ්චිතභාවය, නොසන්සුන් බව, සහ ඉච්ඡා භංගත්වය එම ප්‍රහේලිකාවට පිළිතුරක් සොයාගැනීම තියුණු, හදිසි සහ අනිවාර්ය ප්‍රපංචයක් බවට අද පත්වී තිබෙනවා.  

සැබෑ උභතෝකෝටිකය වන්නේ, මීළඟ නායකයා කවුරුන්ද යන්න නොවේ. සමාජයක් ලෙස අප නැවත නැවතත් නායකත්වය වැරදි ලෙස විනිශ්චය කර  එම විනිශ්චයේ නිර්ණායක වෙනස් කරන්නට මැළි වන්නේ මන්ද යන්නයි.

මෙම උභතෝකෝටිකයේ හරය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී තේරීම සහ ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගැනීම අතර ආතතියකි.  මෙරටට  කවදාවත් දේශපාලන පක්ෂ, මැතිවරණ සහ ජනකාන්ත නායකයන්ගෙන් හිඟයක් තිබුණේ නැහැ. එහි නොතිබුණේ, තීරණ ගැනීමට පෙර සහ තීරණය වැරැදි බව ඔප්පුවීමෙන් පසුවද නායකයා තෝරා ගැනීමේ නිර්ණායක නැවත ගැඹුරින් සලකා බලන තිරසාර සංස්කෘතියකි (සෙස්ස ලබන සිකුරාදාට).

හඩනගන සුළුතරය සහ නිශ්ශබ්ද බහුතරය -ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ(සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
ජනමාධ්‍ය අධ්‍යන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය

pnweera@yahoo.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...