The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

අරගලයට පසු ලංකාවේ දේශපාලන පොළොව ඉල්ලා සිටි 'ඩබල් පොකට්' දේශපාලනය | Vidarshana Kannangara

T

The Leader Desk

November 25, 2025 • 5:01 PM

අරගලයට පසු ලංකාවේ දේශපාලන පොළොව ඉල්ලා සිටි 'ඩබල් පොකට්' දේශපාලනය | Vidarshana Kannangara

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 දැවැන්ත මහජන අරගලයට පසු ලංකාවේ දේශපාලන පොළොව විසින් ඉල්ලා සිටිනු ලැබුවේ 'ඩබල් පොකට්' දේශපාලන
  • ඒ අනුව අනුර කුමාර දිසානායකගේ නායකත්වය අභිමුව ඇත්තේ ද්විත්ව දේශපාලනයකි.
  • එක් අතකින් ඇත්තේ ධනේෂ්වර ගෝලීයකරණයේ ආයතනික සම්මුතීන්,භූ දේශපාලනික වටලෑම් හා ධනේෂ්වර වෙළදපොළ ක්‍රමයේ සංස්කෘතික දෘෂ්ටිවාදයන් සමග පරිස්සමින් ගනුදෙනු කිරීමේ දේශපාලනයයි.
  • එනම් එම පොකට් දෙක අතර ඇත්තේ ප්‍රතිවිරෝධයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනසකි. එම මහජන අරගලය තුළ 'ක්‍රම වෙනස' යන්නෙන් පුළුල්ව නිර්වචනය කෙරුණේ ආර්ථික-දේශපාලන ක්‍රමයේ විප්ලවීය ඛණ්ඩනයක් නොවේ. එසේම එතෙක් පැවති ආර්ථික-දේශපාලන ගතානුගතිකත්වය අඛණ්ඩව පවත්වා ගැනීම ද නොවෙයි.

ඒ අනුව අනුර කුමාර දිසානායකගේ නායකත්වය අභිමුව ඇත්තේ ද්විත්ව දේශපාලනයකි. එක් අතකින් ඇත්තේ ධනේෂ්වර ගෝලීයකරණයේ ආයතනික සම්මුතීන්,භූ දේශපාලනික වටලෑම් හා ධනේෂ්වර වෙළදපොළ ක්‍රමයේ සංස්කෘතික දෘෂ්ටිවාදයන් සමග පරිස්සමින් ගනුදෙනු කිරීමේ දේශපාලනයයි.

අනෙක් අතින් ඇත්තේ ගෝලීය හා දේශීය සුපිරි ධනපති පංතියට අනුව පොදු ජනතාවගේ ආර්ථික-සමාජ ජීවිතය තීරණය කිරීමට ඉඩ නොදෙන සහ පොදු ජනයාගේ ආර්ථික-සමාජ සුබසාධනය ඉහළ නැංවෙන ලෙස දේශපාලන පියවර ගැනීමයි.භූ දේශපාලන අතපෙවීම් වලින් ජාතික-මහජන ස්වාධිපත්‍යය ආරක්ෂා කරගැනීමයි.

වෙළදපොළ ආධිපත්‍යයේ පරිභෝජනවාදී සංස්කෘතික දෘෂ්ටිවාදයෙන් සමාජය ක්‍රමිකව නිදහස් කිරීමේ අධිෂ්ඨානයයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමය ප්‍රජාතාන්ත්‍රීයකරණය කිරීමේ අරගලයයි.

අනුර කුමාර දිසානායක ඇද සිටින කමීසයේ සාක්කු දෙක මෙයයි. මෙම පොකට් දෙක එකට පවත්වා ගැනීම ගැඹුරු දේශපාලන අරුතින් ගත්විට විසංවාදයකි. එනම් එම පොකට් දෙක අතර ඇත්තේ ප්‍රතිවිරෝධයකි. එහෙත් මෙම යුග මොහොත තුළ අනුර කුමාරට අදින්නට ලබා දී ඇත්තේ එවැනි කමීසයකි.

එහෙත් අනුර කුමාර දිසානායක විසින් මුලින් කී පොකට් දෙකෙන් දෙවැනි පොකට්ටුවට තබන බරතැබීම අඩු කරමින් තිබේදැයි මේ වනවිට සැකසංකාවන් මතුවෙමින් තිබෙයි. පළමු පොකට්ටුවට සාපේක්ෂව දෙවැනි පොකට්ටුව අවප්‍රමාණ කළහොත් ඔහු ඉතිහාසයට එකතු වනු ඇත්තේ තවත් පරණ කමීසකාරයකු ලෙසය. මේ මොහොතේ පළමු පොකට්ටුව ඉරා දැමීමට ද ප්‍රායෝගිකව නොහැකිය. ඉන් අනුර කුමාර දිසානායකට සිය කමීසයම අහිමි වී යනු ඇත.

එහෙයින් අනුර කුමාර දිසානායකට තෝරාගැනීමට ඇත්තේ පළමුව දැක්වූ පොකට්ටුව ක්‍රමයෙන් හිස්කරමින් එය සිය කමීසයේ ලේබලයක් ලෙස පමණක් ලෙස ඉතිරි කරගනිමින් දෙවනුව කී පොකට්ටුව වඩා බරසාර කිරීමේ ගමන් මගකි. තවමත් එවැනි ගමනක දැනෙන පියවරක් ප්‍රදර්ශන වන්නේ නැත.

කෙසේ වුවද අද සිය උපන්දිනය සමරන අනුර කුමාර දිසානායක සහෝදරයාගේ දේශපාලන නායකත්වයට දිගාසිරි පතන්නෙමි.

Vidarshana Kanna(සටහන | විදර්ශන කන්නන්ගර )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
vidarshana.k@gmail.com

උපුටා ගැනීම Vidarshana Kannangara ගේ ෆේස්බුක් පිටුවෙන්
නොවැම්බර් 24

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...