The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

ලංකාවේ අවසාන visionary නායකයා | එරන්ද ගිනිගේ

T

The Leader Desk

November 1, 2025 • 3:51 PM

ලංකාවේ අවසාන visionary නායකයා | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Visionary යන්නට සමාන තනි සිංහල වචනයක් නැහැ. එහි අදහස වන්නේ අනාගතය පිළිබඳ විශිෂ්ට දැක්මක් සහිත වැන්නක්.
  • මඩ ගොහොරුවක් ලෙස පැවති සිංගප්පූරුව පිළිබඳ එකල කිසිවෙකු විශ්වාස නොකළ රූපයක් ඔහුගේ මනසේ තිබුණා.
  • අමු සොහොනක්ව තිබූ රුවන්ඩාව වසර තිහක් ඇතුළත ඔහු අප්‍රිකාවේ දියුණුත ම රාජ්‍යය බවට පත් කළා.
  • අද හැමෝම ආඩම්බරෙන් පින්තූර ගන්න ඔය කොළඹ නගර දර්ශනය මුලින්ම දුටුවේ ඔහුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඕනෑම සංවිධානයක් සාර්ථක වීමට නම් එයට visionary නායකයෙකු අවශ්‍යයි. රාජ්‍යයක් යනුත් සංවිධානයක්. Visionary නායකයකුට තිබෙනවා අනාගතය පිළිබඳ සාර්ව රූපයක්. ඔහුගේ හෝ ඇයගේ මනසේ එය ඇඳී තිබෙනවා. ඔවුන් ඒ දර්ශනය යථාර්ථයක් කිරීමට කැප වී වැඩ කරනවා. භෞතික සහ මානව සම්පත් සංවිධානය කරනවා. බාහිර සහ අභ්‍යන්තර සාධක වෙලාවට ගලපුනොත් ඔවුන්ගේ මනසේ ඇඳි රූපය මහපොළොවේ යථාර්ථයක් වෙනවා. එය ඉතාම කලාතුරකින් දෙන දෙයක්.

ස්ටීව් ජොබ්ස් කියන්නේ එහෙම visionary නායකයෙක්. පරිගණක තාක්ෂණය ගැන ඔහුට තිබුණා සුවිශේෂී දැක්මක්. ඔහු තමයි නූතන smart-phone යුගයේ පියා. අද මුළු මානව සංහතිය ම ප්‍රතිනිර්මාණය වෙලා තිබෙන්නේ ඔහු දුටු රූපය මත. ලී ක්වාන් යූ එවැනි visionary නායකයෙක්. මඩ ගොහොරුවක් ලෙස පැවති සිංගප්පූරුව පිළිබඳ එකල කිසිවෙකු විශ්වාස නොකළ රූපයක් ඔහුගේ මනසේ තිබුණා. සමහරු කියනවා ඔහු එය දුටුවේ එකල සිලෝනයේ කොළඹ නගරය දැකීමෙන් කියා. පෝල් කගාමේ එවැනි visionary නායකයෙක්. අමු සොහොනක්ව තිබූ රුවන්ඩාව වසර තිහක් ඇතුළත ඔහු අප්‍රිකාවේ දියුණුත ම රාජ්‍යය බවට පත් කළා.

ලංකාවට එහෙම visionary නායකයෙකු වෙන්න හිටියේ සිරිමාවෝ මැතිණිය යි. ශ්‍රී ලංකා ජනරජය හදපු ඇයට තිබුණා මේ රාජ්‍යය ගැන සාර්ව දර්ශනයක්. මුළු රටම එකම වැඩ බිමක් කළා ඇය. නමුත් ඇයට සිය දැක්ම සාර්ථක කර ගැනීමට ඔන්න මෙන්න තිබියදී ඒ අවස්ථාව අහිමි වුණා. ඊට පසුව එවැනි සාර්ව දැක්මක් තිබුණා ආර් ප්‍රේමදාසට. ඔහු ඉක්මනින් ඝාතනය කෙරුණා. ලංකාව ගැන නැවතත් සුවිශේෂී සාර්ව දැක්මක් තිබුණේ ගෝඨාභය රාජපක්ෂට. ඔහු තමයි ලංකාවේ අවසාන visionary නායකයා. තව දීර්ඝ කාලයකට එහෙම නායකයෙකු මේ රටේ බිහි වෙන්නේ නැහැ.

මහින්ද රාජපක්ෂ තමයි මෑත ඉතිහාසයේ විශිෂ්ටතම දේශපාලන නායකයා. නමුත් vision එක තිබුණේ ගෝඨාභයට. ඔහු සමග කථා කරන අය දන්නවා ඔහුගේ මනසේ තිබුණු රූපය. මහින්ද පවා කීවේ ‘ගෝඨාට මේක කරන්න දෙන්න’ කියලයි. අද හැමෝම ආඩම්බරෙන් පින්තූර ගන්න ඔය කොළඹ නගර දර්ශනය මුලින්ම දුටුවේ ඔහුයි. එය හැදුවෙත් ඔහුයි. ඔහු දුටුවා මුළු රට ගැනම සුවිශේෂී දර්ශනයක්. මහාමාර්ග, ගුවන් පාලම්, උද්‍යාන වගේම ඒවා යටින් ජලය බැස යන නලමාර්ග පවා හැදුවේ ඔහුයි. ස්ටීව් ජොබ්ස් වගේ ඔහු perfectionist කෙනෙක්. කුඩා ම දේ පවා හරියට ම හදන්න ඔහුට අවශ්‍ය වුණා. මොකක් හරි දෙයක් ඔය කොහොම හරි හදලා දාන්න නෙවෙයි ඔහුට අවශ්‍ය වුණේ. ඔහු කළ හැම දෙයක ම පර්යේෂණයක්, නව නිර්මාණයක්, විශිෂ්ටත්වයක් තිබුණා. භෞතික දියුණුව වගේ ම සංස්කෘතික සහ අධ්‍යාත්මික දියුණුව ගැනත් ඔහුට දර්ශනයක් තිබුණා. මේ වගේ කෙටි ලිපියකින් එහි දිග පළල කිසිසේත් ම ලියන්න බැහැ. ඒවා මවිසින් ලියා වැඩකුත් නැහැ. ඔහු මා හට ඒවා කියනවා වගේ ඔබ ම ඒවා ඔහුගෙන් ඇසිය යුතුයි.

දැන් නැවතත් සමාජයේ ගෝඨාභය ගැන කථා වෙනවා. ගෝඨාභයට ගෙදර යන්න කියූ ඇතැමුන් අද ගෝඨාභය ගැන මධ්‍යස්තව කථා කරනවා. සමහරු මගෙන් අහනවා එතුමා නැවත දේශපාලනයට එනවාද කියා. මා හිතන්නේ එය සිද්ධ වෙන එකක් නැහැ. දැන් ගෝඨාභය මහතාගේ දවසේ කාලයෙන් වැඩි හරියක් ගෙවෙන්නේ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය ඇසුරෙහි. ඔහුට දැන් විශාල ධර්ම ඥානයක් තිබෙනවා. Perfectionist කෙනෙකුට අභිධර්මය අහු වුණාම කොහොමද කියා ඔබට සිතා ගන්න පුළුවන්. ඔහු හා ධර්මය පිළිබඳව සංවාද කිරීමට ලැබීම මහත් භාග්‍යයක්.

මා හිතන්නේ ගෝඨාභය සුවිශේෂී මනුෂ්‍යයෙක්. අරගලය කියන්නේ ඔහුගේ පරිත්‍යාග ගුණය පරීක්ෂාවට ලක් කිරීමක්. එතුමා එක වෙඩි උණ්ඩයක් නොතබා සිය ජනාධිපති ධූරය, රාජ්‍ය බලය සහ තමන්ගේ රට පිළිබඳව දුටු දැක්ම පවා අත් හැරියා. පරිත්‍යාග කළා. දැන් ඔහු ධර්ම මාර්ගයේ බොහෝ දුරක් ගිහිල්ලා. නැවත හැරීමක් නැහැ. එය මේ රටේ අවාසනාවක් වුවත්, ඔහුගේ පැත්තෙන් එය මහත් වාසනාවක්. තමන් හදපු සමාගමෙන් එළවා දැමූ ස්ටීව් ජොබ්ස් කාලයකට පසුව නැවත ඇවිල්ලා එම සමාගම විශිෂ්ටත්වයට ගෙන ගියා වගේ කිසියම් හෝ ආකාරයකින් ඔහු නැවත බලයට පැමිණියත් මේ රට වැටී තිබෙන තැනින් ගොඩ ගන්න පුළුවන් කියා මා හිතන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි ධර්ම මාර්ගයේ ම තව යන්න තිබෙන කෙටි දුර යන එක. මවිසින් ලියූ අවතරණය නමැති ඓතිහාසික ප්‍රබන්ධයේ ප්‍රධාන චරිතයට අනුප්‍රාණය වුණේ ගෝඨාභය චරිතයයි. ධර්මය අපට මග වේවා!

eranda. ginige(සටහන |එරන්ද ගිනිගේ)
eranda.ginige@gmail.com

කර්තෘ - අවතරණය
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

(උපුටා ගැනීම : ගිනිහුළ)
2025 නොවැම්බර් 1
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...