The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

පොට්ටකාසි ධනවාදය vs අවදානම් ධනවාදය (Ford vs Ferarri) - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 16, 2024 • 4:17 PM

පොට්ටකාසි ධනවාදය vs අවදානම් ධනවාදය (Ford vs Ferarri)  - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට කැළණි කැම්පස් එකේ සිදුවූ දේ යනු දේවල් 'තේරීම'
  • වෙනත් විදියකට කිව්වොත් විසිවෙනි සියවසේ පරමාදර්ශ නම් කාචයෙන් (lenses of the twentieth century) විසිඑක් වෙනි සියවස දිහා බලනකොට ඇතිවෙන තත්වයක් විදියට මේක දකින්න පුළුවන්.
  • නමුත් මේ පරණ ඇහැ ඇත්තටම පරණද කියන එක තමයි මේ සටහනෙන් සාධනය කරන්න උත්සාහ කරන්නේ.
  • ඇත්තටම දුමින්ද කිව්ව ඒ කතාවේ විශාල ඇත්තක් තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

(choice) සහ දේවල්වල 'පරමාදර්ශ' (ideals) පිලිබඳ කරුණක් ලෙස මම දකින්න කැමතියි. මේ මම පෞද්ගලිකව සිද්දිය දිහා බලන විදිය.

වෙනත් විදියකට කිව්වොත් විසිවෙනි සියවසේ පරමාදර්ශ නම් කාචයෙන් (lenses of the twentieth century) විසිඑක් වෙනි සියවස දිහා බලනකොට ඇතිවෙන තත්වයක් විදියට මේක දකින්න පුළුවන්. මේ විරෝධය එන්නේ පරණ ලෝකයෙන් කියන එක තමයි මේකේ අර්ථය. ඕනිනම් කියන්න පුළුවන් මියගිය ලෝකයෙන් කියලත්.

ව්‍යාපාර, ව්‍යවසාය සහ වෙළඳපළ නම් ප්‍රපංච දිහා ''පරණ ඇහෙන්'' බලනකොට මෙහෙම පේනවා කියන්න පුළුවන්. නමුත් මේ පරණ ඇහැ ඇත්තටම පරණද කියන එක තමයි මේ සටහනෙන් සාධනය කරන්න උත්සාහ කරන්නේ.


ඉතාම සරල විදියට කිව්වොත් ඩඩ්ලි වෙනුවට මහ කුඹල (මැටි අජිත්) නැත්නම් අජිත් පෙරේරා (Master Potter) ගෙන්නුවා නම් මේ සිද්දිය ඉතාම වෙනස් ස්වරූපයක් ගන්න තිබ්බ කියල මට හිතෙනවා. කොට කලිසම ගහල ආවත් එයාට ලැබෙන පිළිගැනීමේ ස්වරූපය වෙනස් කියල හිතෙනවා. මොකද මේ දෙන්නගේ ලෝක දෙකේ තියෙන්නේ පරමාර්ථ දෙකක් සහ පුරුෂාර්ථ දෙකක් කියල කියන්න පුළුවන්. ව්‍යූහාත්මකව. හැබැයි දෙන්නම මතුපිට තලයෙන් බැලුවොත් කරන්නේ ''බිස්නස්''.


මේ ''බිස්නස්'' සම්බන්දයෙන් ඉතාම වැදගත් වචන දෙකක් ලංකාවේ කෙනෙක් පාවිච්චි කරලා තියනවා මීට ටික කාලෙකට කලින්. ඒ වචන දෙක තමයි ලංකාවේ ඉන්නේ ''පොට්ටකාසි සල්ලිකාරයෝ'' කියන එක. ලංකාවේ ෆෝඩ් වගේ කාර් නොහැදෙන්න හේතුව ඒක කියන එක. මේ යෙදුම පාවිච්චි කලේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව.

ඇත්තටම දුමින්ද කිව්ව ඒ කතාවේ විශාල ඇත්තක් තියනවා. මොකද ගොඩක් සල්ලි හොයන උන් ඒවා තමන්ගේම ආත්මාර්ථය වෙනුවෙන් පොදි ගහනවා, ගොඩ ලොකු කරගන්නවා මිසක් ලොකු අවදානම් ආයෝජන වෙනුවෙන් යොදවන්නේ නැහැ කියන එක. සහ ඒ කරන ආයෝජන ව්‍යූහාත්මක වශයෙන් වෙනස් කියන එක.

පොට්ටකාසි කියන්නේ සල්ලි අවලංගු වෙනකල්ම (පොට්ට වෙනකල්) පොට්ටෙනි ගහනවා කියන එක. අවදානම් දේවල් වෙනුවෙන් ආයෝජනය කරන්නේ නැහැ කියන එක.

ඉහත කාරණාව තේරුම්ගන්න පොඩි පැයක් කැපකරලා ආයෙත් බලන්න ජේමිස් මොන්ගෝල්ඩ්ගේ Ford Vs Ferrari (2019) චිත්‍රපටිය.
 

 

තමන් හදපු ෆෙරාරි කියන කාර් එක විශිෂ්ඨත්වයට සහ ශ්‍රේෂ්ටත්වයට නංවන්න වයසක එන්සෝ ෆෙරාරි මොනවද නොකළේ...? හැම දෙයක්ම කලා. තමන්ට හම්බුවෙච්ච හැම සතයක්ම වැයකළා. අලුත් විද්‍යාත්මක තාක්ෂණික හැමදෙයක්ම එකතු කළා. වසර ගණනක් Le Man ධාවනපථයේ වෙන කිසි එකෙකුට කිට්ටුවකටවත් එන්න බැරි ලෝකයේ ශ්‍රේෂ්ඨතම රේසිං කාරය ඔහු නිර්මාණය කළා. ඒ වෙනුවෙන් කැපවුණා. ඒ නිසාම බංකොලොත් උණා. ඒත් ඔහු තම සමාගම ඒ වෙලාවේ මෙලෝ රහක් නැති ෆෝඩ්ට විකුණා නොදමන්න තරම් පරිස්සම් උණා. ඔහු ඒක තවත් කාර් යනු කුමක්දැයි දන්නා ෆියට් සමාගම අතට පත්වෙන්න හැරියා.


ෆෙරාරි කියන්නේ ලොකුම ලොකු හීනයක් තිබ්බ ලොකු ඊගෝ එකක් තිබ්බ මිනිහෙක්. ඒක සල්ලි මිටි බඳිනවාට වඩා වැඩි සිහිනයක් සහ ඊගෝ එකක්. 


බංකොළොත් ෆෙරාරි මිළටගන්න බැරිවීම සහ නාකි එන්සෝ ෆෙරාරිගේ ඊගෝ එක නිසා සිත්රිදවා ගත්ත කණිෂ්ඨ ෆෝඩ් (Henry Ford II) ඒ නිසාම හිතට ගන්නවා ෆෙරාරි වගේ කාර් එකක් තමනුත් හදන්න. එහෙම හිතට ගන්නේ ෆෙරාරි කියපු එක වචනයක් නිසා. ඒ තමයි ''උඹ හෙන්රි ෆෝඩ් නෙවෙයි...එයාගේ කණිෂ්ඨයා'' කියන වදන. ඒ කියන්නේ හෙන්රි  ෆෝර්ඩ් ෆෝර්ඩ් සමාගම හැදුවේ බටහිර ශිෂ්ටත්වයේ අවදානම (risk) කියන එක අරගෙන. ඒ අවදානම එක්ක එන ශ්‍රේෂ්ඨත්වය ගැන සිහිනයක් එක්ක. උඹට එහෙම සිහිනයක් නැහැ කියන හෙළාදැකීමෙන් (humiliation) තමයි එන්සෝ ෆෝඩ්ට දමල ගහන්නේ.
 
ඒ හෙළාදැකීම ජිර්ණය කරගත්ත දෙවැනි ෆෝර්ඩ් ඇත්තටම හදනවා ෆෙරාරි ඉක්මවා යන GT 40 MK I කාරය. ඒ කාරය වසර ගණනක් ෆෙරාරි කාරය අභිභවමින් Le Man ධාවන පථයේ අණසක පතුරුවනවා. ඒකටම සම්බන්ද වෙනවා ෆෙරාරි වගේම ශ්‍රේෂ්ට ඇමෙරිකන් කාර් නිෂ්පාදකයෙක් වෙච්ච කැරල් ෂෙල්බි. මේ සියල්ල සිදුවෙද්දී ඇත්තටම මරණීය ලෙස ෆෝර්ඩ් GT 40 MK II ආකෘතික කාරය (car prototype) සියළු ෆෙරාරි කාර් පදවමින් ශ්‍රේෂ්ඨත්වයට පත්කරවන්නේ වැඩකරන පංතියේ රේසිං කාර් රියදුරෙක් වෙච්ච කෙන් මයිල්ස් (Ken Miles).

ඉහත කිසිම කෙනෙක් පොට්ටකාසි ධනපතියෝ නෙවෙයි. ධනය ඉක්මවා ගිය සිහින තිබ්බ අය. පොට්ටෙනිකාර ෆෝඩ්ට පවා ඒ නිසා ෆෙරාරි ඉදිරියේ වෙනස් වෙන්න සිද්දඋනා. ෆෙරාරි වගේ ශ්‍රේෂ්ඨත්වය ගැන හිතන්න සිද්ද උණා (the greatest car). ඇත්තටම ඔහුට බටහිරයෙක් වෙන්න වයසක එන්සෝ ෆෙරාරිගේ ඊගෝව විසින් බලකෙරුණා.

විසිවෙනි සියවසේ ව්‍යවසාය මට නම් ෆෙරාරි වගේ මොඩල් එකක්. පොට්ටෙනිකාර තෝමස් අල්වා එඩිසන් වෙනුවට නිර්මාණ වෙනුවෙන්ම වැඩකරලා තුට්ටුවක් නැතුව පාරට වැටිච්ච නිකොලා ටෙස්ලා වගේ දෙයක්. මැරෙන්න හරි ඇත්ත කිව්ව කොපර්නිකස් වගේ දෙයක්. ගැලීලියෝ වගේ දෙයක්. ඒක උරුමයක්. නූතනත්වයේ උරුමයක්. අභියෝගයක්.

අන් කාටත් වඩා ඒ උරුමය රකින්න ඕනි විශ්ව විද්‍යාල.

කැළණියේ ශිෂ්‍ය සංගමය අතින් ඉහත දේ ඒ වෙලාවේ හරියටම උච්චාරණය නොවෙන්න ඇති. හැබැයි ඒ ආවේගය ඇතුලේ මට ඇහුණේ මේ භූමියට විශිෂ්ටයින් - ශ්‍රේෂ්ඨයින් ගෙන්නපල්ලා වගේ දෙයක්. ඒක හරි.


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...