The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
Opinion

වෙච්ච ව්‍යසනයට මේ ආණ්ඩුවට දෙස් දෙවෙල් තිබ්බා කියලා වැඩක් නෑ | Wasantha Siri Watagoda

T

The Leader Desk

December 11, 2025 • 6:19 AM

වෙච්ච ව්‍යසනයට මේ ආණ්ඩුවට දෙස් දෙවෙල් තිබ්බා කියලා වැඩක් නෑ | Wasantha Siri Watagoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔය කියන විදියට නොවැම්බර් 12 වෙනකොට, කාලගුණ අධ්‍යක්ෂ හරි, වෙන කවුරු හරි, වුන ආපදා තත්වය ගැන රජයට අනතුරු අඟවා තිබ්බයි කියන එක මංනං පිලි ගන් නෑ.
  •   හැබැයි 24, 25 වෙනකොට ලැබුණු චන්ද්‍රිකා ඡායාරූප බැලුවම, කාලගුණ විද්‍යාව ගැන මෙලෝ අලබෝලෙක දැනුමක් නැති අපිටත් තේරුනා, බරපතළ අවපීඩන කලාපයක් දිවයින අවට හොල්මං කරමිං සිටින වග.
  • ඒ දැනුම් දුන්නෙත් බෝමයක් ප්‍රදේශවලට 200mm ඉක්මවා වැසි ඇති වීමේ අවදානමක් පවතින බවයි.
  •   ඒ ඇර ඔය කියන විදියේ 300- 500 mm  වර්ෂාපතනයක් ගැන අනතුරු ඇඟවීමක්නං මං දැක්කේ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):


නොවැම්බර් 25 වෙනකල්ම, එයාලා කලේ කාලගුණ අනාවැකි කීම විතරයි.

බරපතළ අනතුරු ඇඟවීමක් ඒ එකකවත් තිබ්බේ නෑ.

ඒකට ඒ අයට බැනලා වැඩක් නෑ.

එයාලා කලේ ඒ අයට තිබ්බ තාක්ෂණික පහසුකම් හා, එයාලගේ දැනුම සහ පලපුරුද්ද අනුව තමන්ට දැනුණ දේ ගැන කියපු එක විතරයි.

 

හැබැයි 24, 25 වෙනකොට ලැබුණු චන්ද්‍රිකා ඡායාරූප බැලුවම, කාලගුණ විද්‍යාව ගැන මෙලෝ අලබෝලෙක දැනුමක් නැති අපිටත් තේරුනා, බරපතළ අවපීඩන කලාපයක් දිවයින අවට හොල්මං කරමිං සිටින වග.

අන්න ඒ අනතුරුදායක තත්වය මං දන්න විදියට එයාලා ප්‍රසිද්ධියේ දැනුම් දුන්නා.

ඒ දැනුම් දුන්නෙත් බෝමයක් ප්‍රදේශවලට 200mm ඉක්මවා වැසි ඇති වීමේ අවදානමක් පවතින බවයි.

 

rain colo
ඒ ඇර ඔය කියන විදියේ 300- 500 mm  වර්ෂාපතනයක් ගැන අනතුරු ඇඟවීමක්නං මං දැක්කේ නෑ.

ඒකටත් කාලගුණ අධ්‍යක්ෂ ඇතුළු පිරිසටවත් රජයටවත් බැනලා වැඩක් නෑ.

මොකද, අර සුනාමිය වගේ මේකත් අපි කවුරුත් බලාපොරොත්තු නොවුනු  ඉතාමත් අනපේක්ෂිත තත්වයක්.

හැබැයි, අඩුම තරමිං අර කඩුගන්නාවේ නාය යාම වුනාට පස්සේ හරි, අවදානම තේරුං අරං , සනිකව ඒකට මූණ දීමේ ක්‍රමවේදයක් හදන්න තිබ්බා.


kadugannawa
01.සුනාමි අවදනම හරියට කලමනාකරනය කර ගන්ඩ බැරි වුනාම , ඒ සඳහා විධිමත් නීතිමය තත්වයක් නොතිබුනාම, ඉන් ඉදිරියට එන එවැනි විපත් කළමනාකරණය කර ගැනිමෙ අරමුනින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් ආපදා කළමනාකරණ පනතේ විධිවිධාන ප්‍රකාරව රට තුළ හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා විසින් කල යුතුව තිබුනා.

02.ඒ අනුව ජාතික ආපදා කලමනාකරන සභාව  කැඳවා ආපදාව අවම කර ගැනීමට ඔවුන්ගේ අදහස් විමසා ගත යුතු  සනික  පියවර ගත යුතුව තිබුනා.

උදා.

*ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමිං නාය යෑම් අනතුරු (රතු නිවේදන) නිකුත් කිරීම පල රහිත ක්‍රියාවක් හෙයින්, ජා. ගොඩනැගිලි.ප.ආයතනය හරහා නාය යාමේ අවදානම් ඇති ස්ථාන නිශ්චිතව හඳුනා ගැනීම හා එකී ස්ථාන ප්‍රසිද්ධියට පත් කිරීම.

* ගං වතුර හා සුළි සුළං තත්වයක් දුරකථන ඇතුළු බෝමයක් සන්නිවේදන කටයුතු ඇන හිටින හෙයින්, එවැනි අවස්ථාවකදී ගත යුතු පියවර ජනතාවට හා ග්‍රාම නිලධාරින් වැනි බිම් මට්ටමේ රජයේ නිලධාරින්ට හඳුන්වා දීම හා 1947 වැනි එක් හදිසි ඇමතුම් අංකයක් වෙනුවට, අවම තරමේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් පාසා හදිසි දුරකථන අංකයක් හඳුන්වා දීම.

03.රට තුළ හදිසි නීතිය පනවා, මහජන ආරක්ෂක පනත යටතේ අවශ්‍ය නියෝග නිකුත් කල යුතුව තිබුනා.

උදා.

1764600100 Sri Lanka Tri Force personnel nationwide disaster rescue relief operations 6

* ත්‍රිවිධ හමුදාවට පොලිස් බලතල පවරා, නාය යාමේ අවදානම් තිබූ ස්ථාන අවට පදිංචිකරුවන් , ඔවුන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව ඒ ස්ථානවලිං ඉවත් කර සුරක්ෂිත යැයි හැඟෙන ඕනෑම ස්ථානයක රඳවා තබා ගැනීම.

* ඒ සඳහා ඕනෑම වාහනයක්, බෝට්ටුවක් , රජයේ හෝ නොවන ඕනෑම ගොඩනැගිල්ලක් හිමිකරුවන්ට කරන කෙටි ලිඛ්ත දැනුම්දීමක් මත තම බාරයට ගැනීමට  ඔවුන්ට හා ආපදා කළමනාකරණයේ යෙදෙන ඕනෑම රජයේ විධායක නිලධාරියෙකුට බලය පැවරීම.

*වාසස්ථානවලිං පුද්ගලයින් ඉවත් කල පසු එවැනි ස්ථාන, ගම් බිම් ආදියට පිටස්තර කිසිදු පුද්ගලයන්ට ප්‍රවේශවීම වලක්වාලමින් ඇඳිරි නීතිය පැනවීම හා ඒ  සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ධූරයකට නොඅඩු නිලධාරියෙකුට බලය පැවරීම.

ඒමයි කියලා, වෙච්ච ව්‍යසනයට මේ ආණ්ඩුවට දෙස් දෙවෙල් තිබ්බා කියලා වැඩක් නෑ.

මේ ආණ්ඩුව නෙවෙයි, මොන ආණ්ඩුව තිබ්බත්, අන්තිමට වෙන්නේ මේ සෙතේම තමා.

"ගිය හකුරට නාඩන්නේ. තියෙන හකුර රැක ගන්නේ"  
කියලා කියමනක් තියෙනවනේ....

(Wasantha Siri Watagoda)
Attorney at Law

උපුටා ගැනීම - Wasantha Siri Watagoda ෆේස්බුක් පිටුවෙන්....

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෙච්ච ව්‍යසනයට මේ ආණ්ඩුවට දෙස් දෙවෙල් තිබ්බා කියලා වැඩක් නෑ | Wasantha Siri Watagoda | The Leader