The Leader News
BREAKING
Top Ad
Opinion

ආයෙත් මෝඩයින් නොවෙමු අප කිසිදින...| Mahesh Hapugoda

T

The Leader Desk

March 23, 2025 • 2:37 PM

ආයෙත් මෝඩයින් නොවෙමු අප කිසිදින...| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙතට ආපසු හැරෙන්න බැහැ කියල ඊයේ ලියල අතගත්ත විතරයි යෝෂිත රාජපක්ෂ නයිට් ක්ලබ් එකක ගුටි ඇනගත්ත සිද්දියක් වාර්තා උනා.
  • සහ සිද්දිය සම්පුර්ණයෙන් ඇත්තද නැත්තද අපි දන්නෙත් නැහැ.
  • ඒ එන මිනිස්සුන්ගේ ජිවිත වල සංකීර්ණ බව මම දන්නවා' කියල.
  • බලය නැති වෙලාවේවත් ඔවුන් ඒ දේවල් මායිම් කරන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙතට ආපසු හැරෙන්න බැහැ කියල ඊයේ ලියල අතගත්ත විතරයි යෝෂිත රාජපක්ෂ නයිට් ක්ලබ් එකක ගුටි ඇනගත්ත සිද්දියක් වාර්තා උනා.

මේක කිසිසේත්ම අලුත් දෙයක්වත් මහා ලොකු දෙයක්වත් නෙවෙයි. පොදුවේ රාත්‍රී ජීවිතවල තියෙන දෙයක්. සහ සිද්දිය සම්පුර්ණයෙන් ඇත්තද නැත්තද අපි දන්නෙත් නැහැ. ප්ලාන්ට් එකක්ද දන්නෙත් නැහැ.

Green Book කියන ලස්සන ෆිල්ම් එකේ ටෝනි වැලලොන්ගා එයාගේ බොස් වෙච්ච දොන් ෂර්ලි මොකක් හරි ගුටි කෙළියකට පැටලුනාට පස්සේ සහ දෙන්න අතර ඇතිවෙලා තිබ්බ තේරුම්ගැනීමේ ඊගෝ ප්‍රශ්න නිසා දොන් ෂර්ලි එක වෙලාවක ටෝනිගෙන් සමාව ඉල්ලද්දී ටෝනි කියනවා, ''මම මගේ ජීවිතේ වැඩි කාලයක් වැඩ කරලා තියෙන්නේ නිව්යෝක් නගරයේ නයිට් ක්ලබ්වල රාත්‍රී ආරක්ෂයෙක් (bouncer) විදියට. ඒ එන මිනිස්සුන්ගේ ජිවිත වල සංකීර්ණ බව මම දන්නවා' කියල.

ලංකාවේ මේ වෙලාවේ දේශපාලන තත්වය එයාලගේ පැත්තෙන් සංකීර්ණයි කියන එක යෝෂිත සහ ඔය කියන කණ්ඩායම නොදන්නවා නෙවෙයි. එකක් දේශපාලනිකව එයාල පැරදිලා ඉන්නේ. අනික එයාලගේ පවුලට තියන අනේකවිධ චෝදනා. එයාටමත් ලොකු චෝදනා තියනවා. අනික් පැත්තෙන් එයාගේ අයිය නාමල් මොකක් හරි වෙනසක් පෙන්නන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවක්. මේ වෙලාවේ සිද්ද වෙන පොඩි හරි මිස්ටේක් එකක් එයාලගේ අනාගතයට ලොකුවට බලපානවා කියන එක. සහ පොදුවේ ප්‍රභූ කියල හඳුන්වපු හැමෝටමත් ඒක බලපානවා.

බලය නැති වෙලාවේවත් ඔවුන් ඒ දේවල් මායිම් කරන්නේ නැහැ. අවසන් පණිවිඩය වෙන්නේ ඒක.

එයාල ඒ වගේම දන්නවා මාලිමාවේ මන්ත්‍රීවරු කණ්ඩායම තුනෙන් දෙකේ බලයක් සහ විධායක බලයක් තියෙද්දිත් ඉතාම විශාල විනයක් නඩත්තු කරමින් ඉන්නවා කියල. ඔවුන් නයිට් ක්ලබ් ගානෙ ගිහින් බීල වැටිලා පිස්තෝල පෙන්නලා වලි ඉල්ලලා නෝන්ඩි වෙලා නැහැ. හොරකම් කරලත් නැහැ. වරප්‍රසාදත් ගොඩක් නැතුව උන්ටික කට්ට කාගෙන අල්ලගෙන ඉන්නවා. ඇත්තටම ජවිපෙට ස්තුතිවන්ත වෙන්න ඕනි පක්ෂයක් හැටියට ඒ විනය ලංකාවේ මුල්ම වතාවට සමාජයට පෙන්නුම් කරනවට.

වෙන මොනවා නැතත් ඒ විනය ගොඩක් වටිනවා අපේ වගේ රටකට. සියල්ල පටන්ගන්නේ ඒ විනය කියන මුලධර්මය පාදකකරගෙන. ඒ පටන්ගැන්ම මාලිමාව අරගෙන දීල තියනවා අපේ රටට. දැන් පුළුවන් අනික් ටික හදන්න.

සජබේ හරි යූඑන්පී හරි පොහොට්ටු සෙට් එකනම් බලයේ හිටියේ බලන්න තිබ්බ ගන්න ආතල් ටික, දාගන්න වලි ටික සහ පස්සේ කියන කවර් අප් බොරු ටික.
ඒ නිසා අපි ආයේ මෝඩයින් වෙන්න ඕනි නැහැ.

සීතල යුද්දෙත් එක්ක ලෝකේ අතිශයින් ජනප්‍රිය වෙච්ච රොක් බෑන්ඩ් එකක් වෙච්ච The Who 1971 අවුරුද්දේ මෙහෙම ගයනවා.

මේ බලාපල්ලා අපේ දරුවෝ අපේ දෙපාමුල තියාගෙන අපි මහපාරේ කරන යුද්දෙ
උන් වන්දනා කරන සදාචාරේ අන්න උන්ගේ රෙද්ද පල්ලේ
උන්ගේ තුවක්කුවල උණ්ඩ අන්න දැන් සින්දු කියන්න අරගෙන
තුවක්කු වෙනුවට මගේ ගිටාරය අරගෙන මම ගයන්නම් උඹලට
දණගහල වැඳලා කියන්නේ උඹලට
ආයේ පල් මෝඩයින් රැළක් නම් නොවෙන්න
ආයේ රවට්ටන්න බැහැ උඹලට අපිව
ආයෙත් මෝඩයින් නොවෙමු අප කිසිදින
හිස නමමු අළුත් විප්ලවයට!

(The Who : We Won't Get Fooled Again!)


Mahesh Hapugoda(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...