The Leader News
BREAKING
Top Ad
Opinion

ෆොනීගේ කථාවට අහෝ අ‌ඳෝමැයි කියනවා හැර වෙන මොනවා කියන්නද?

T

The Leader Desk

August 17, 2019 • 3:14 PM

ෆොනීගේ කථාවට අහෝ අ‌ඳෝමැයි කියනවා හැර වෙන මොනවා කියන්නද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කළේ රටේ ආරක්ෂාව පිළිබඳ කරුණ හරි හැටි තේරුම්ගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ප්‍රකාශ කර ඇත.
  • එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති තනතුර ලැබුණහොත් ඔහුට වැටුණු රට ගොනගත හැකි බවය.
  • ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කිරීම ඔහු සාධාරණය කරන්නේ තමාත් එවැනිම සුදුස්සෙකු බැවින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය තමාට ලැබිය යුතු බව කියමින්ය.
  • ආරක්ෂාව යනු එක් කාරණයක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු කලින් අමාත්‍යධූරය දැරූ ප්‍රාදේශීය සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයේදී අගෝස්තු 13 වෙනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයද රටේ ආරක්ෂාව හා විනය ගැන කල්පනාකර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ තීන්දුවක් ගත යුතු බව ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකත්වය බාර ගැනීමට ආරාධනා කළහොත් එය එක පයින් බාරගන්නා බවද සරත් ෆොන්සේකා මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති තනතුර ලැබුණහොත් ඔහුට වැටුණු රට ගොනගත හැකි බවය.

text 1ඊට උදාහරණ වශයෙන් ඔහු කියා ඇත්තේ රටේ ආරක්ෂාව මුළුමනින් සම්පූර්ණ වී නැති බවත්, පාස්කු ඉරිදා ත්‍රස්තවාදීන්ගේ සියයට 50 ක් පමණ තවමත් නිදැල්ලේ සිටින බවත් හඳුනාගත් ප්‍රබල ත්‍රස්තවාදීන් 150ක පමණ පිරිසකගෙන් දැනට අත්අඩංගුට ගෙන ඇත්තේ 60ක පමණ පමණ පිරිසක් බවත් ය.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කිරීම ඔහු සාධාරණය කරන්නේ තමාත් එවැනිම සුදුස්සෙකු බැවින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය තමාට ලැබිය යුතු බව කියමින්ය.

රටක් කරවීම යනු එක් කාරණයක් පමණක් නොවේ. ආරක්ෂාව යනු එක් කාරණයක් පමණි. සරත් ෆොන්සේකා මහාගේ තියරිය අනුව ආරක්ෂාව පිළිබඳ අද ප්‍රශ්න ඇති ඇමරිකාව ඇතුළු හැම රටක්ම ආරක්ෂක අංශ පසුබිමක් ඇති අයවලුන් එම රටවල රාජ්‍ය නායකයන් කරගත යුතුය.

ශ්‍රී ලංකාව පිළිබඳවම සලකා බැලුවත් දකුණෙන් ත්‍රස්තවාදී කැරලිත්, උතුරේ ත්‍රස්තවාදී සටනුත් පරාජයට පත්කළේ ආරක්ෂක අංශ පසුබිමක් ඇති රාජ්‍ය නායකයන් තබාගෙන නොවේ.

ඉතින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාගේ කථාවට අහෝ අ‌ඳෝමැයි කියනවා හැර වෙන මොනවා කියන්නද?

(අනිද්දා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෆොනීගේ කථාවට අහෝ අ‌ඳෝමැයි කියනවා හැර වෙන මොනවා කියන්නද? | The Leader