ජාතික චින්තනයේ කාලය FB පිටුවේ ඔහු විසින් කළ විග්‍රහයක එබව සඳහන්වේ. එහි තවදුරටත් මෙසේද සඳහන්වේ.
ඉන්දීය සමෝසා:
''මෝදි හදන්නේ තම ආධිපත්‍යය අපට පැටවීමට. ඉන්දියාව ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු දින ම විදේශ ඇමති එවා ඉන්දියාවට පැමිණීමට ආරාධනය කළා. ගෝඨාභය පිළිගැනීමට ගුවන් තොටුපළට යවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු නොවෙයි. දිල්ලියේ දී සාමාන්‍ය විධියට හමුදා ආචාරයක් කළා.
මෝදි ජාතිකවාදියෙක්. ඔහු හින්දු ජාතිකවාදියෙක්. ඔහු බෞද්ධ රටක් ඉන්දියාවේ දකුණු තුඩුවේ තිබීම ගැන සතුටු වන්නේ නැහැ. ඔහු කාශ්මීරය කඩා එහි ලඩාක් ප්‍රදේශය බෞද්ධ ප්‍රදේශයක් ලෙස නම් කෙළේ පකිස්ථානයට එරෙහි ව මිස ඉන්දීය බෞද්ධයන්ට පක්‍ෂපාතී ව නො වෙයි. ලංකාවේ ඇතැම් උගත් බෞද්ධයනට නම් එය බෞද්ධ රාජ්‍යයක් පිහිටුවීමක් වූවා.
ඉන්දියාව මෙහෙයුම්වල පසු කාලයෙහි කොටි පැරදවීමට විරුද්ධ වූයේ නැහැ. ඒ රජිව් ගාන්ධි ඝාතනය නිසා. එහෙත් ඉන්දියාව අදත් දෙමළ ජාතිවාදය ආරක්‍ෂා කරනවා. ඔවුන් විරුද්ධ කොටින්ට පමණයි.
මෝදි දිල්ලියේ දී ගෝඨාභය ළඟ තබා ගෙන කිව්වේ දෙමළ ජනතාවට ඊනියා සාධාරණය ඉටු කළ යුතු ය කියා. මොකක් ද මේ සාධාරණය. සංහිඳියාව ඉදිරියට ගෙන යා යුතු ය කියාත් කිව්වා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු ය කියාත් කිව්වා.
අපට ඩොලර් දෙන්න ලැහැස්ති වන්නේ ඔහුගේ පදයට නටන්න ද?
ලංකාවේ දෙමළ කතා කරන ජනයා ගැන කතා කරන්න මෝදි කවුද? ඔහු අපට ඩොලර් දෙන්න ලැහැස්ති වන්නේ ඔහුගේ පදයට නටන්න ද? මෝදි ලංකාවේ දෙමළ කතා කරන ජනයා ගැන කී දේ ගෝඨාභය කළ යුතු පරිදි ම නොසලකා හැරියා. මෝදිට ඒ ගැන කතා කරන්න අයිතියක් නැහැ.
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ජේ ආර් ඉන්දියාවට යට වී ගෙනෙන ලද්දක්. අවුරුදු තිහකට පමණ පසුව ඉන් සිදු වී ඇති යහපත කුමක් දැයි ප්‍රශ්න කිරීමට සිදු වෙනවා. අද පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉන් රටට ලාභයක් මිස පාඩුවක් සිදු වී නැහැ.
අවුරුදු තිහකට පසු දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා පනත නැවත සලකා බැලිය යුතුයි. විශේෂයෙන් ම ඉන්දියාවේ ප්‍රාන්ත සම්බන්ධයෙන් දී ඇති බලතල සමග පළාත් සභා බලතල සුැසඳිය යුතුයි. වැඩක් නැති පළාත් සභා අහෝසි කළ යුතු ය යන පදනමෙන් අප වැඩ කරන්න ඕන. පළමු පියවරක් ලෙස අපට පළාත් සභා පනත සංශෝධනය කරන්න පුළුවන්.
එහි දී අප ඉන්දියාවේ ප්‍රාන්තවලට දී ඇති බලතල අධ්‍යයනය කර ඊට වඩා අඩු බලතල පළාත් සභාවලට දිය යුතුයි. පළාත් සභා යනු ප්‍රාන්තවලට අඩු තත්වයේ ආයතන. ඉන්දියාව තමිල්නාඩුවට දී නැති බලතල අප පළාත් සභාවලට දෙන්න ඕන නැහැ.
මෙරට දෙමළ කතා කරන ජනයාට ඇති ප්‍රශ්නය කුමක් දැයි මෝදිට කියන්න පුළුවන් ද? අප කුඩා රටක් නොව නිර්මාණවාදී නොවන බුදුදහම මත පදනම් වූ සංස්කෘතියක් ඇති රටක් බව කිසි විටෙක අමතක කළ යුතු නැහැ. අප පළමුව ථෙරවාදී බෞද්ධ රටවල් සමග ශක්තිමත් සම්බන්ධකම් ගොඩ නගා ගත යුතුයි.''
(ජාතික චින්තන 'කාලය' FB පිටුවෙන් උපුටා ගැනිණ)
සබැඳි පුවත් :
ජනපති ඉන්දීය සංචාරය: ශ්‍රී ලංකා රජය ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇතැයි ඉන්දියාව විශ්වාසයකින්!
'මංගල හා රන්ජන් නිසා ගෝඨාභය දිනුවා කියන කතා පිළිගන්න බැහැ' - ගෝඨාභය 'රජකරවූ' නලින් ද සිල්වා කියයි
ලංකාවේ දෙමළ කතා කරන ජනයා ගැන කතා කරන්න මෝදි කවුද? - ගෝඨාභය 'රජකරවූ' නලින් ද සිල්වා අසයි
T
The Leader Desk
December 2, 2019 • 2:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ''ලංකාවේ දෙමළ කතා කරන ජනයා ගැන කතා කරන්න මෝදි කවුද? ඔහු අපට ඩොලර් දෙන්න ලැහැස්ති වන්නේ ඔහුගේ පදයට නටන්න ද? '' යයි ජාතික චින්තන න්‍යයචාර්ය මහාචාර්ය නලින් ද සිල්වා විමසා සිටියි.
- එහි තවදුරටත් මෙසේද සඳහන්වේ.
- ගෝඨාභය පිළිගැනීමට ගුවන් තොටුපළට යවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු නොවෙයි.
- ඔහු කාශ්මීරය කඩා එහි ලඩාක් ප්‍රදේශය බෞද්ධ ප්‍රදේශයක් ලෙස නම් කෙළේ පකිස්ථානයට එරෙහි ව මිස ඉන්දීය බෞද්ධයන්ට පක්‍ෂපාතී ව නො වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


