The Leader News
BREAKING
Top Ad
Opinion

දේවානිට අප 'සැලියුට්' කළ යුත්තේ ඇයි ? - ලසන්ත රුහුණගේ

T

The Leader Desk

February 16, 2020 • 10:15 AM

දේවානිට අප 'සැලියුට්' කළ යුත්තේ ඇයි ? - ලසන්ත රුහුණගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීගමුව මුන්නක්කරය ප්‍රදේශයේ කඩොලාන පරිසරයක පිහිටි ඉඩමක් ක්‍රීඩා පිටියක් සකස් කිරීම සඳහා වෙන්කරන්නැයි කරන ලද ඉල්ලීමක් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතික ප්‍රතික්ෂේප කළාය.
  • තමා නීතියට පිටින් වැඩ නොකරන්නේ යැයි එහිදී අවධාරණය කර ඇති වන නිලධාරිනිය විද්‍යාත්මක තීන්දු තීරණ නොගෙන මිනිසුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කළහොත් පරිසරය විනාශ වී ජිවත්වීමට ඔක්සිජන් සොයා ගැනීමට නොහැකි තත්වයකට මිනිසුන් පත්විය හැකි බවද කියා ඇත.
  • එමෙන්ම ඇය අවධාරණය කර ඇත්තේ නීතියට පිටින් වැඩ කිරීම සඳහා අධ්‍යාපනට ලබා මෙවැනි තනතුරුවලට ආ යුතු නැති බවය.
  • ඇයගේ මේ ප්‍රකාශයට අදාළ වීඩියෝපයට මේ වනවිටට සමාජ ජාලාවල සැරිසරමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එකී මීගමුව ප්‍රදේශවාසින්ගේ ඉල්ලීම මත මීගමුව පිටිපන ධීවර සමිති කාර්යාලයක කැඳවන ලද සාකච්ඡාවකදී මෙම ප්‍රතික්ෂේප කිරීම හා ඊට අදාළ තවත් කරුණු දැක්වීම් සිදුකර ඇත.

තමා නීතියට පිටින් වැඩ නොකරන්නේ යැයි එහිදී අවධාරණය කර ඇති වන නිලධාරිනිය විද්‍යාත්මක තීන්දු තීරණ නොගෙන මිනිසුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කළහොත් පරිසරය විනාශ වී ජිවත්වීමට ඔක්සිජන් සොයා ගැනීමට නොහැකි තත්වයකට මිනිසුන් පත්විය හැකි බවද කියා ඇත.

එමෙන්ම ඇය අවධාරණය කර ඇත්තේ නීතියට පිටින් වැඩ කිරීම සඳහා අධ්‍යාපනට ලබා මෙවැනි තනතුරුවලට ආ යුතු නැති බවය.

ඇයගේ මේ ප්‍රකාශයට අදාළ වීඩියෝපයට මේ වනවිටට සමාජ ජාලාවල සැරිසරමින් තිබේ. ඇගේ ක්‍රියාව පැසසුමට ලක් කරමින් වනජිවී අමාත්‍යවරයාද කියා ඇත්තේ ඇය නිවැරදි බවත් තමාගේ සහායත් ඇයට හිමිවන බවත්ය.

රාජ්‍ය සේවයට ඇත්තටම අවශ්‍ය වන්නේ ගම්පහ දිසා වන නිලධාරිනී වැනි නිලධාරීන්ය. එසේ නොමැතිව දේශපාලඥයන් කියන කියන ලෙස නීතියට පිටින් වැඩකරන උපාධිධාරීහු, පශ්චාත් උපාධිධාරීහු හෝ ආචාර්ය Dewa 2020.02.16උපාධිධාරීහු නොවෙති.

කොන්ද පණ ඇති නීතියට අනුව කටයුතු කරන රාජ්‍ය සේවයක් රටට තිබුණා නම් සමහරවිට රට මෙතරම් දූෂණ්‍ය වීමට ඉඩ නොතිබුණි. වනජීවී වන සංරක්ෂණ කැලෑ පමණක් නොව මහජන මුදල්ද බොහෝ ඉතිරි කරගත හැකිව තිබුණි.

නියෝග දුන්නාට දේශපාලඥයන් අවසානයේ කිසිවකට වගකියන්නේ නැත. වැරදි නියෝග ක්‍රියාත්මක කර අවසානයේ දඬුවම විඳීමට සිදුවන්නේ රාජ්‍ය නිලධාරීන්යට. සිල් රෙදි නඩුව, රතුපස්වල වෙඩි තැබීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නඩුව ඊට උදාහරණය.

නිලධාරීන් දේශපාලඥයන්ට කිව යුත්තේ නියෝග දෙනවානම් ලිඛිතව එසේ නියෝග දෙන ලෙසය. එම ලිඛිත නියෝගය අනුව ක්‍රියාත්මක වූවා යැයි කියා සටහනක් තබා ඕනෑ නම් නිලධාරීන්ට අවසානයේ ඇඟ බේරාගත හැකිය. 

එහෙත් විය යුත්තේ, නියෝගය ලිඛිත වුවත් වාචික වුවත් එය නීතියට පිටින් නම් සිදු නොකිරීමය. ඒ ගැන කරුණු දැක්වීමය. ගම්පහ දිසා වන නිලධාරිනියගේ ආදර්ශය එයය. ඇයට අප ආචාර කළ යුත්තේ එම නිවැරදි ප්‍රවේශය නිසාය.

(ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත් පතින් උපුටා ගැනිණ )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...