The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

ඉන්ටිග්‍රිටිය හෙවත් ආර්ජවය ප්‍රමුඛ කරගත් ජනමාධ්‍ය තිබීම සහ ජනමාධ්‍ය කරුවන් සිටීම අතිශයින් වැදගත් | Wijayananda Jayaweera

T

The Leader Desk

November 19, 2025 • 6:33 AM

ඉන්ටිග්‍රිටිය හෙවත් ආර්ජවය ප්‍රමුඛ කරගත් ජනමාධ්‍ය තිබීම සහ ජනමාධ්‍ය කරුවන් සිටීම අතිශයින් වැදගත් | Wijayananda Jayaweera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • integrity යන ඉංග්‍රීසි වචනය සඳහා හැම දෙනාට ම ඒ වචනයේ පරිසමාප්ත අරුත සිංහලෙන් තේරුම් කිරීමට හැකිවන තනි සිංහල වචනයක් මට එක වරම කල්පනා නො වීය.
  • එකී වචනවලට අමතරව ඒ සඳහා තනි සිංහල වචනයක් වසයෙන් ආචාර්ය සුචරිත ගම්ලත්  සිය ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ යොදා ඇති ‘ආර්ජවය’ යන වචනය ඒකී integrity යන්නෙහි සමස්තාර්ථය කැටි කර ගැනීමට වඩාත් සුදුසු යැයි මට සිතේ.
  • අප දන්නා පුද්ගලයින් අතර මේ ඉන්ටිග්‍රිටිය හෙවත් ආර්ජවය යහමින් ඇති පුද්ගලයින් ලෙස නම් කළ හැකි අය කොතෙකුත් වෙති.
  • එහෙත් අන් කවර දෙනෙකුටත් වඩා මෙය අඩුවෙන් ම ඇත්තේ අපේ පාලකයන් බවට පත්වීමට කැස කවන සම්ප්‍රදායික දේශපාලනඥයන්ට බව ඔවුන් කරන කතා සහ කටමැත දෙඩවීම් අහන විට අපට සිතේ.
අකුරු ප්‍රමාණය (Font Size):

integrity යන්න පරිපූර්ණ බව, සාකල්‍ය සහ ඒකාග්‍රතාව යන අර්ථ සඳහා ද යෙදෙන නමුත් එය බහුලව භාවිතා කරන්නේ සෘජු කම, අවංක බව, සාධු ගුණය සහ විශ්වසනීයත්වය ආදී යහ ගුණාංග වල එකතුවෙන් සමන්විත චරිත ලක්ෂණයටයි. එකී වචනවලට අමතරව ඒ සඳහා තනි සිංහල වචනයක් වසයෙන් ආචාර්ය සුචරිත ගම්ලත්  සිය ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ යොදා ඇති ‘ආර්ජවය’ යන වචනය ඒකී integrity යන්නෙහි සමස්තාර්ථය කැටි කර ගැනීමට වඩාත් සුදුසු යැයි මට සිතේ.

අප දන්නා පුද්ගලයින් අතර මේ ඉන්ටිග්‍රිටිය හෙවත් ආර්ජවය යහමින් ඇති පුද්ගලයින් ලෙස නම් කළ හැකි අය කොතෙකුත් වෙති. එහෙත් අන් කවර දෙනෙකුටත් වඩා මෙය අඩුවෙන් ම ඇත්තේ අපේ පාලකයන් බවට පත්වීමට කැස කවන සම්ප්‍රදායික දේශපාලනඥයන්ට බව ඔවුන් කරන කතා සහ කටමැත දෙඩවීම් අහන විට අපට සිතේ. කිසිදු ආර්ජවයක් නැති වංක දේශපාලනඥයින්ට අනුග්‍රහ දැක්වීම මෙන්ම ඔවුන්ට ආර්ජවයක් නැති බව නො තකා සිටීම ද එක හා සමානය. මින් ඇතමෙක් දුස්-තොරතුරු (dis-information) හෙවත් දැනුවත් ව බොරු තොරතුරු කියන්නෝ ද ඇතැමුන් දොස්-තොරතුරු (mis-information) හෙවත් නිරවද්‍යතාව නො සැලකීම නිසා වැරදි තොරතුරු සපයන්නෝ ද වෙති. එහෙත් ආර්ජවය අතින් ගත් විට ඒ දෙවර්ගය ම නුසුදුස්සෝ ය. සිය ආර්ජවය (Integrity) ගැන සැලකිල්ලක් නො දක්වන දේශපාලනඥයෝ භයානක ය. පිටු දැකිය යුතුය. නාසි පාලනය ගැන ලියූ සමාජ විද්‍යාඥය හැනා අරෙන්ඩ්ට් වරක් මෙසේ ලීවාය:

 

Dishonest businessman telling lies, lying businessperson holding fingers crossed behind his back
“සැමවිටම, සියලු දෙනා ඔබට බොරු කියන්නේ නම්, එහි ප්‍රතිවිපාකය වන්නේ ඔබ එම බොරු විශ්වාස කිරීම නොව, තවදුරටත් කිසිවෙකු කිසිවක් විශ්වාස නොකිරීමයි. [...] තවදුරටත් කිසිවක් විශ්වාස කළ නොහැකි ජනතාවකට, ස්ථිර නිගමනයකට එළඹිය නොහැක. එවැනි ජනතාවකට ක්‍රියා කිරීමට ඇති හැකියාව පමණක් නොව, සිතීමට සහ විනිශ්චය කිරීමට ඇති හැකියාව ද අහිමි වී යයි. සහ එවැනි ජනතාවක් සමඟ, ඔබට අභිමත ඕනෑම දෙයක් කළ හැකිය."

 ඒ නිසා අපි දේශපාලනඥයන්ගේ ආර්ජවය අඩුම වසයෙන් ඔවුන් වාද විවාද වලදී හා “වොයිස් කට්” දීමේ දී  ඉදිරිපත් කරන තොරතුරුවල ඉන්ට්‍රිග්‍රිටිය හෙවත් ආර්ජවය ගැන නිරන්තරයෙන් ප්‍රශ්න කළ යුතුය. මේ කටයුත්ත අප වෙනුවෙන් සාමාන්‍යයෙන් කළ යුත්තේ ජනමාධ්‍යයි.  එහෙත් ඒ සඳහා ජනමාධ්‍යයට ද තොරතුරු ආර්ජවය තිබිය යුතුය.

media 250809

තොරතුරු ආර්ජවය, අදාළ (relevant), විශ්වසනීය (reliable), සහ නිරවද්‍ය (accurate) තොරතුරු සහ දැනුම වෙත ප්‍රවේශය වීමට ඇති හැකියාව සහතික කරයි. තොරතුරු කියා පෑමේ දී සත්‍යවාදී බව සහ විශ්වසනීයත්වය පවත්වාගෙන යාමත් අවශ්‍යයෙන්ම නිරවද්‍යතාව, සංගතතාවය (consistency), සහ විශ්වසනීයත්වය ප්‍රමුඛ කොට තොරතුරු ඉදිරිපත් කිරීමත් අනුව කෙනෙකු ගේ ආර්ජවය අපට තීරණය කළ හැකිය. එහෙත් ඒ තොරතුරුවල ආර්ජවය ගැන විමසීම සඳහා ඉන්ටිග්‍රිටිය හෙවත් ආර්ජවය ප්‍රමුඛ කරගත් ජනමාධ්‍ය තිබීම සහ ජනමාධ්‍ය කරුවන් සිටීම අතිශයින් වැදගත් ය.  

තොරතුරු ආර්ජවය යනු තොරතුරු වලට ප්‍රවේශ වීමේ අයිතියේ ම වැදගත් පැතිකඩකි. ඒනිසා ඒම අයිතියට ගරු කොට තමන් ඉදිරිපත් කරන කියන ලියන නිපදවන දේවල තොරතුරු ආර්ජවය (Information Integrity) සාක්ෂාත් කරන ලෙස දේශපාලනඥයින්, සමාජ මාධ්‍ය කරුවන්ගෙන් සහ ජනමාධ්‍යයෙන් අප තදින් ඉල්ලා සිටිය යුතුය.

Wijayananda Jayaweera
(සටහන | විජයානන්ද ජයවීර)  
යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විචාරක

w.jayaweera@gmail.com

උපුටා ගැනීම - Wijayananda Jayaweera ගේ ෆේස්බුක් පිටුවෙන්..
November 17

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...