The Leader News
BREAKING
Top Ad
Opinion

ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාව පලදායක කර ගැනීමට යෝජනාවක් | Wijayananda Jayaweera

T

The Leader Desk

April 11, 2026 • 5:03 AM

ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාව පලදායක කර ගැනීමට යෝජනාවක් | Wijayananda Jayaweera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආන්දෝලනයට තුඩු දී ඇති ගල් අඟුරු ව්‍යාපෘතියේ වගතුග සොයා අවශ්‍ය නිර්දේශ ලබාදීමට පූර්ණ බලැති ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන්නේනම් එය වැදගත් පියවරක් විය හැක්කේ,
  • පරණ ගල් අඟුරු දූෂණ සොයා බැලීම කොහොමටත් මේ රජයට ලැබුණු ජනවරමට ඇතුලත් වන බැවින් ඒ කටයුතු මහජන විශ්වාසය නිරන්තරයෙන් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය මේ සුවිශේෂී කටයුත්ත සමග පටලවා නො ගත යුතුය.
  • *කොමිසමේ විමර්ශන කාලය තුන් හාර මාසයකය සීමා කිරීම ද එක් කොන්දේසියක් විය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කොමිසමේ පරීක්ෂණය විගනකාධිපතිවරයා ඉදිරිපත් කළ අළුත්ම වාර්තාවෙන් පෙන්වාදී තිබෙන විවාදයට තුඩු දී ඇති වර්තමාන ගල් අඟුරු මිළ දී ගැනීමේ සිද්ධියට පමණක් සීමා කිරීමෙන් මිස මීටත් වඩා දේවල් ඉස්සරත් වෙලා තියෙනවා යැයි පෙන්වීමට මේ සිද්ධිය පරණ ආණ්ඩුවල දූෂණ වලින් වසා දැමීමට හැකිවන සේ කොමිසමේ මැන්ඩේටය පුළුල් කොට වසර ගණන් ඇදෙන විමර්ශන අචිචාරුවක් දැමීමෙන් නොවේ.

මේ සඳහා පත්කරන පූර්ණ බලැති ජනාධිපති කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරෙයකු සභාපති ධුරය දරන මහජන ගෞරවය දිනූ තවත් අදීන වෘත්තිකයන් දෙදෙනෙකු ඇති එකක් විය යුතු අතර එහි මැන්ඩේටය විය යුත්තේ විගණකාධිපතිවරයා පෙන්වා දී ඇති පරිදි පාඩුව සිදුව ඇත්තේ කිසියම් දූෂණයක් නිසාද නැතහොත් අදාළ වගකිව යුත්තන්ගේ නොසැලකිල්ල හා අකාරියක්ෂමතාව නිසාද යන්න විමසා වගකිව යුත්තන් සමිබන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමයි. 

*කොමිසමේ කටයුතු අවසන්වන තෙක් බලශක්ති ඇමැතිවරයා ස්වේච්ඡාවෙන්ම සිය ධුරය අත්හැර ජනාධිපතිවරයා විසින් වැඩ බැලීමට කෙනෙකු පත්කිරීමට ඉඩ ලබා දිය යුතුය.

*කොමිසමේ විමර්ශන කාලය තුන් හාර මාසයකය සීමා කිරීම ද එක් කොන්දේසියක් විය යුතුය.

gal aguru 260307
තම සගයන් බොහෝ කැපවීම් කොට දිනාගත් මහජන විශ්වාසය රැක ගැනීම පිණිස කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දීම පිණිස එසේ ස්වේච්ඡාවෙන් ඉවත්වීම ඇමැතිවරයාට කළහැකි ගරුකටයුතු දෙයකි.

පරණ ගල් අඟුරු දූෂණ සොයා බැලීම කොහොමටත් මේ රජයට ලැබුණු ජනවරමට ඇතුලත් වන බැවින් ඒ කටයුතු මහජන විශ්වාසය නිරන්තරයෙන් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය මේ සුවිශේෂී කටයුත්ත සමග පටලවා නො ගත යුතුය.


(සටහන | විජයානන්ද ජයවීර)  
යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විචාරක

w.jayaweera@gmail.com

jayavoice.com

උපුටා ගැනීම - Wijayananda Jayaweera ෆේස්බුක් පිටුවෙන්...


Screenshot 2026 04 11 101351

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාව පලදායක කර ගැනීමට යෝජනාවක් | Wijayananda Jayaweera | The Leader