The Leader News
BREAKING
Top Ad
Opinion

ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද? - මහාචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහයක්

T

The Leader Desk

February 6, 2020 • 5:51 AM

ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද? - මහාචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහයක්   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොට්ටුවාදීන් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැතිව ම බැරි ලකුණක් ලෙස. හරියට ගෝඨාභය රාජපක්‍ෂ දිනුවෙ පොහාට්ටුව හින්ද වගේ.
  • අප මෙන් නොව මැන්ටල් නොවූ තරුණ පරපුර සමහරවිට ඒ බව නොදන්නවා ඇති.
  • එහෙම නම් පොහොට්ටුවට 2019 නොවැම්බරයට පෙර කිසිම ඡන්දයකින් 50%ක ඡන්දයක් ගන්න බැරිව තිබිය දී ගෝඨාභය පොහාට්ටුවෙන් ඉදිරිපත් කරන්න තීරණය කෙළේ ඇයි?
  •   ''ශ්‍රීලනිපයේ සහය නොලැබෙන්න ගෝඨාභයට 50% ගන්න බැහැ '' දැන් පොහොට්ටුවාදීන් කියන්න බැරි නැහැ, ප්‍රශ්නය පොහොට්ටුව, ලකුණ නොව පක්‍ෂය කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

මට අහන්න තියෙන්නෙ පොඩි ප්‍රශ්නයක්. ගෝඨාභය වෙන ලකුණකින් ඉදිරිපත් වුණා නම් පරදිනවා ද? පරදන්න තිබුණ ද කියල අහමු.

කලකට පෙර, සමසමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය අභාවයට යන්නට පෙර, ඔවුන්ගේ ලකුණු වුණෙ යතුර හා තරුව. අප මෙන් නොව මැන්ටල් නොවූ තරුණ පරපුර සමහරවිට ඒ බව නොදන්නවා ඇති. නොදැනීමත් එක්තරා දැනීමක්. වෙන කිසිවක් අත්හරින්න පෙර දැනුම අත්හරින්න පුළුවන් නම් වෙන කිසිවක් අත්හරින්න අවශ්‍ය වෙන්නෙ නැහැ. අත්හරින්න අමාරු ම දේ තමයි දැනුම. දැනුම අත්හරින්න ඉතාමත් අමාරු නිසා තමයි මුල දි අප වෙන වෙන දේ අත්හරින්න උත්සාහ කරන්නෙ. මා මේ කියන්නෙ පාසලේ දි හරි වෙනත් තැනක දි හරි ලබා ගන්න දැනුම පමණක් නො වෙයි.

Text 6 1ගෝඨාභය යතුර ලකුණෙන් ඉල්ලුවා නම් පරාද වෙනවා ද? එහෙම නැත්නම් පරදින්න තිබුණ ද? කවුරු හරි පඬියකුට කියන්න පුළුවන් සිද්ධිය වන තුරු ඒක කියන්න බැහැ කියලා. එහෙම නම් පොහොට්ටුවට 2019 නොවැම්බරයට පෙර කිසිම ඡන්දයකින් 50%ක ඡන්දයක් ගන්න බැරිව තිබිය දී ගෝඨාභය පොහාට්ටුවෙන් ඉදිරිපත් කරන්න තීරණය කෙළේ ඇයි? ඔහු පරදින්න ඉඩක් තිබුණ කියල හිතා ගෙන ද?

ලකුණ කියන එක වැදගත් දෙයක් නො වෙයි. යතුරෙන් හරි තරුවෙන් හරි ඉල්ලුවත් ගෝඨාභය දිනනවා. ඔය පඬියන්, ජාතිකවාදීන් පවා ගෝඨාභයට සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් කියල කිවුව ම ඒක මැන්ටල් කතාවක් කියල හිතුව. ඒත් දැන් බලාගෙන යනකොට ඔක්කො ම වගේ මැන්ටල්ලා. මා කියන්නෙ මා හැම තිස්සෙ ම නිවැරදි කියන එක නො වෙයි. මා හිතන්නේ වෙනත් විධියකට යන්න පමණයි.

 

''ශ්‍රීලනිපයේ සහය නොලැබෙන්න ගෝඨාභයට 50% ගන්න බැහැ ''

දැන් පොහොට්ටුවාදීන් කියන්න බැරි නැහැ, ප්‍රශ්නය පොහොට්ටුව, ලකුණ නොව පක්‍ෂය කියල. ගෝඨාභය දිනුවෙ පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වුණ නිසා කියලා. එහෙත් මතක තියා ගන්න ඕන කාරණේ තමයි ශ්‍රී ල නි පක්‍ෂය ගෝඨාභයට සහාය නොදෙන්න ඔහුට 50%ක් ඡන්ද ගන්න බැහැ කියන එක. ශ්‍රී ල නි පක්‍ෂයෙ ඇතැමුන් යහපාලනයට ගියත් ඔවුන් ගෝඨාභයට සහාය දෙන බවට අපට නම් විශ්වාසයක් තිබුණ.

Text 6 2පොදුජන පෙරමුණ 2018 පෙබරවාරියෙ පළාත් පාලන මැතිවරණයෙන් ලබා ගත්තෙ 40%ක ඡන්දයක් පමණයි. එහෙත් පොහොට්ටුවාදීන් එය අමතක කරනවා. ඔවුන් කතා කරන්නෙ තමන්ට 50%කට වඩා ඡන්ද ලැබුණ වගෙයි. මේ මෝඩ උද්ධච්ඡකමත් එක්ක වැඩ කරන්න අමාරුයි. තවමත් මේ රටේ ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ල නි පක්‍ෂයයි. පොදුජන පෙරමුණ ජාතිකත්වයේ පක්‍ෂයක් නොවෙයි. ඒ වටා ජාතිකත්වයේ පිරිස් ගොනු වෙලා ඇති. 1952ට පෙර ජාතිකත්ව පිරිස් සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ වටාත් ගොනු වෙලා හිටියා. එහෙත් ඒ පක්‍ෂවල නායකයන්ට, ප්‍රතිපත්තිවලට ජාතිකත්වයක් තිබුණේ නැහැ.

පොදුජන පෙරමුණේ නායකයන්ට ද ජාතිකත්වයක් නැහැ. ඔවුන් අටපිරිකර උස්සා ගෙන මල්වත්තට අස්ගිරියට ගියාට ජාතිකත්වයක් ඇති වන්නේ නැහැ. ඒ මදිවාට අද ඒ පක්‍ෂය වටා ජාතිකත්වයට විරුද්ධ පිරිස් පවා මන්ත්‍රීකම් ඇමතිකම් බලාපොරාත්තුවෙන් එකතු වෙලා ඉන්නවා. ජාතිකත්වයට විරුද්ධ කිසිවකු පාර්ලිමේන්තුවට නොඑවීමට ජනතාව වග බලාගන්න ඕන.

කොහොමටත් මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන සංධානයකින්. පොදුජන පෙරමුණෙන් නොවෙයි. කිසිවකු කියනවා නම් ශ්‍රී ල නි ප අත්හැර පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වෙලා දිනනන පුළුවන් කියල ඒ ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් ලබා නොදීමට කරන උත්සාහයක්.

ගෝඨාභය රාජපක්‍ෂ මා හිතන විධියට පොදුජන පෙරමුණේ සාමාජිකයකු නො වෙයි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයෙක් ද කියා මා දන්නේ නැහැ. බැරි වෙලාවත් ඔහු යම් දවසක ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයකු වුණා නම් ඒ පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව පක්‍ෂ සභාපති විය යුත්තේ මෛත්‍රිපාල නොව ගෝඨාභයයි. පක්‍ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මේ කාරණය පැහැදිලි කරනවා ද?

අද ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වයෙන් පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය නමින් සංධානයක් තියෙනවා. එයට පක්‍ෂ හා සංවිධාන දහහතක් එකතු වුණා. ගෝඨාභයත් ඒ ගිවිසුම්වලට අත්සන් කළා. මේ සංධානය වහාම ලියාපදිංචි කරන්න ඕන. මැතිවරණයේ දී ඒ සංධානයෙන් තරග කළොත් මන්ත්‍රී ධුර 130ක් පමණ ලබා ගන්න පුළුවන් වේවි.

Text 6 3මා කලින් ලිපියක (2020 ජනවාරි 25) සඳහන් කළ කරුණු ක්‍රියත්මක කිරීමට පියවර ගෙන ජාතිකත්වයකින් ප්‍රධාන වශයෙන් සිංහල ජනයාට හරියට කතා කළොත් 150ක්, තුනෙන් දෙකක් ලබාගන්න පුළුවන්.

 

''පොහොට්ටුවාදීන් වැඩ කරන්නේ ශ්‍රීලනිපය නැති කරන්න''

පොහොට්ටුවාදීන් සමහරකු අද වැඩ කරන්නේ ශ්‍රී ල නි පක්‍ෂය නැති කරන්න. මෛත්‍රිපාල සමග ඇති පෞද්ගලික තරහ මරහ, දිස්ත්‍රික්ක ලැයිස්තුවේ මන්ත්‍රී ධුර අපේක්‍ෂකකම් ලබා ගැනීම, මනාප පොරය ආදී කරුණු මුල් කර ගෙන කටයුතු කරන පොහොට්ටුවාදීන් අවසාන වශයෙන් කරන්නේ ගෝඨාභය දුර්වල කිරීමයි.

ගෝඨාභය ඉදිරිපත් කෙරුණේ ජාතිය විසින් මිස පොදුජන පෙරමුණ විසින් නො වෙයි. පොදුජන පෙරමුණේ ඇතැමුන් ඔහුට විරුද්ධ වුණා. මා නම් ගම් කියන්නේ නැහැ. දන්නෝ දන්නවා. පසුව පොදුජන පෙරමුණ ගෝඨාභයගෙ අපේක්‍ෂකත්වය අනුමත කළා. ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා.

ඔහු මොන පක්‍ෂයෙන් තරග කළත් දිනනවා. ඔහුට පක්‍ෂයකින් තරග කිරීමට සිදු වූයේ මැතිවරණ නීති නිසා. ඔහු අද ජාතික ජනාධිපති. ඔහු එ විධියට ම හිටියාවේ. ''

(මහාචාර්ය නලින් ද සිල්වා - ජාතික චින්තනය 'කාලය ( kalaya) FB පිටුවෙන් උපුටා ගන්නා ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...