The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

You are what you read - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 25, 2023 • 6:01 AM

You are what you read - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “මේ රටේ මිනිස්සු පොත් කියවන හැටියට අපි කොහොම ඉන්න ඕන රටක්ද!” වගේ ඇනුම්පද ඇහෙන්න පටන් ගත්තේ BMICH එකේ මහා පරිමාණයෙන් වාර්ෂික පොත් සල්පිලක් තියන්න පටන් ගත්ත මුල් කාලේමයි.
  • ඒ ප්‍රකාශයේ දෘෂ්ටිවාදය තමයි “පොත් කියවන සමාජයක් දැනුමෙන් උසස් විය යුතුය” යන්න.
  • නමුත් ඉහත ප්‍රකාශනයේ උපහාසය තමයි “එහෙම මහා පොත් කන්දරාවක් කියෙව්වට අපි රටක් සමාජයක් හැටියට ඒ ඒ අර්ථ කිසිවකින් කිසිම දියුණුවක් ලබා නැතය” යන්න.
  • ලංකාවේ ජනප්‍රිය වෙන පොත් විසින් (චිත්‍රපට, ටෙලිනාට්‍ය, ගීත ආදී සියලු නිර්මාණ ඇතුළත්ව) ලංකාවේ සමාජය මොට කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අදටත් කියනවා. 

එයින් අදහස් කරන්නේ ඒ පොත් සල්පිලට එන මහා ජනකාය දැක්කම අපට හිතෙනවා "යකඩෝ මේ රටේ මිනිස්සු පුදුම විදිහට පොත් කියවනවා නේද" කියලා. ඒ ප්‍රකාශයේ දෘෂ්ටිවාදය තමයි “පොත් කියවන සමාජයක් දැනුමෙන් උසස් විය යුතුය” යන්න. එතකොට ඒ දෘෂ්ටිවාදය තුළ අප හිතනවා එහෙම දැනුමෙන් සුපෝෂිත සමාජයක් “අප හිතන ආකාරයට” දියුණු විය යුතුය කියා. සමහරු ඒක ආර්ථික දියුණුව පැත්තෙන් දකිනවා. සමහරු ඒක ආධ්‍යාත්මික දියුණුව පැත්තෙන් දකිනවා. සමහරු දේශපාලනිකව දකිනවා. නමුත් ඉහත ප්‍රකාශනයේ උපහාසය තමයි “එහෙම මහා පොත් කන්දරාවක් කියෙව්වට අපි රටක් සමාජයක් හැටියට ඒ ඒ අර්ථ කිසිවකින් කිසිම දියුණුවක් ලබා නැතය” යන්න. එහෙම වෙන්නේ කොහොමද?

Bookfair BMICH 1200px 2023 09 22

ඒ ගැටලුවට විවිධ හේතු තිබුණත් මට හිතෙනවා අපි කතා නොකරනම හේතුව තමයි ප්‍රධාන කියා. මේක බොහෝ අයට දිරවා ගන්න අමාරු වෙයි. මම හිතන්නේ මොනතරම් පොත් කියෙව්වත් වැඩක් නැහැ ඒ කියවන්නේ බාල පොත් නම්… කියමනක් තියෙනවා “you are what you read” කියා. ඒකත් ඉහත දෘෂ්ටියම තමයි. ඒ අනුව ගත්තම මේ රටේ සමාජ සංස්කෘතික ආර්ථික පරිහානියට හේතුව වෙන්නෙම අප කියවන පොත් කියා මා යෝජනා කරනවා. මොකද එහෙම නැත්නම් අර කියනවත් වගේ අප කිසියම් හෝ පැත්තකින් කිසියම් හෝ දියුණුවක් ලබා තිබිය යුතුයි.

ලංකාවේ ජනප්‍රිය වෙන පොත් විසින් (චිත්‍රපට, ටෙලිනාට්‍ය, ගීත ආදී සියලු නිර්මාණ ඇතුළත්ව) ලංකාවේ සමාජය මොට කරනවා. ලංකාවේ නිර්මාණකරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජයට දෙන්නේ පසුගාමී මධ්‍යමාන අදහස්. වත්මන් ලංකාවේ විශිෂ්ටතම කෘතියක් හැටියට පොත් කියවන සමාජය විසින් හඳුන්වන පොතක පවා තියෙන්නේ ඓතිහාසික කුලවාදයක් ගැන. කුලවාදය ගැන කතා කළ යුතුයි. නමුත් එය පොතෙන් කතා කරන්නේ කොහොමද යන ප්‍රශ්නය කතුවරයා කල්පනා කළ යුතුයි. පාඨකයා හුදෙක් සංවේගයට පත් කිරීම පමණක් මදි. ඒ දුක නැති කරන මාර්ගයත් ඒ මොහොතේම ලියා තැබිය යුතුයි. උදාහරණයක් ලෙස කුලවාදයෙන් අසාධාරණයට ලක්වන චරිතය ඊළඟ මොහොතේ එයින් ගලවා ගන්නා වීරයා පැමිණිය යුතුයි. කුලවාදය අතික්‍රමණය කරන මාර්ගය පොතෙන්ම පෙන්විය යුතුයි. නැත්නම් වෙන්නේ පාඨකයා තුළ සිය සමාජය කෙරෙහි ඒක පාර්ශවික අසුබවාදී වෛරයක් පැළපදියම් වීම පමණයි. ලංකාවේ ඊනියා සම්භාව්‍ය කෘති සියල්ල පාහේ කරන්නේ එයයි. ඒක හොඳ බිස්නස් එකක්.

image bee8e3e93b

ලංකාවේ නවකතා කෙටිකතා මධ්‍යමාන සාහිත්‍යය ගැන කතා කරලා වැඩක්ම නැහැ. ඒවායේ තියෙන්නේ අන්තිම සරල සමාජ ප්‍රතිනිර්මාණයන් පමණයි. ලංකාවේ කියලා එතරම් වැදගත් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයක් නැහැ. ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් ගණයේ ෆැන්ටසි සාහිත්‍යයකුත් නැහැ. ප්‍රබන්ධ-නොවන ජීවන මාර්ගෝපදේශ වැනි පොත් බොහෝ විට කොපි පමණයි. ඒවා ලංකාවේ සමාජයට ගැලපෙන ආකාරයට පරිවර්තනය කර නැහැ. විශ්වවිද්‍යාලවලින් කිසිම වැදගත් විද්‍යාත්මක පර්යේෂණ කෘති බිහිවෙන්නෙත් නැහැ. මාර්ටින් වික්‍රමසිංහගෙන් එහාට ලංකාවේ කතාකාරයා පරිකල්පනය කරන්නේ නැහැ. ගම්පෙරලිය ආකෘතියම තමයි නැවත නැවත එන්නේ. එහි අවුල තමයි සමාජය පවතින ආකාරයෙන්ම පෙන්වීම හැර එම භවය තරණය කරන්නේ කෙසේද කියා නොපෙන්වීම. ජිනදාස හැමදාම සිංහලේ ගිහින් මැරෙනවා. පියල් හැමදාම කොළඹ ගිහින් පෝසත් වෙනවා. නන්දා හැමදාම චපලයි.

ලංකාවේ සියලු පොත් මේ වගේය කියා නොවෙයි මා කියන්නේ. නමුත් අතිමහත් බහුතරය මෙහෙම තමයි. වැඩිපුර උපාදානය කරගන්නේ ඒවාම නිසා වැඩිපුර හැදෙන්නෙත් ඒවාමයි. මේ ගැන මීට වඩා පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. නමුත් මේ ලිපියවත් සම්පුර්ණයෙන් කියවන්නේ කී දෙනාද? කියෙව්වත් මේ ගැන විවෘතව කල්පනා කරන්නේ කී දෙනාද? වත්මන් ලංකාවේ සමස්ත ඛේදවාචකයට ලංකාවේ ගත්කතුවරුන්ද ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා.

ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 සැප්තැම්බර් 24


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...