The Leader News
BREAKING
Top Ad
Opinion

රැවුල, මුව ආවරණ, හෙල්මට් සහ Z සුප්‍රෙමසියේ නැගීම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

August 28, 2022 • 5:54 PM

රැවුල, මුව ආවරණ, හෙල්මට් සහ Z සුප්‍රෙමසියේ නැගීම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරගලයේ යෙදුණු බොහෝ තරුණයන් කොණ්ඩය බූසියට වවාගත් මුහුණ පුරා රැවුල වවාගත් අය විය.
  • ඔවුන්ගේ අනන්‍යතාවය අනුන්ගෙන් සැඟවීම මූලික අරමුණ බව සිතේ.
  • නමුත් හඳුනාගත හොත් දඬුවම් විඳීමට ඇති බිය නිසා එසේ මුහුණ ආවරණය කරගැනීමට වැඩි යමක් එහි තිබේ.
  • තම මුහුණ ආවරණය කරගැනීම විසින් තමා නොවන කිසිවෙකු බවට පත්වීමක් වැනි දෙයක් සිදුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):



කාන්තාවන් සිටියේ තොප්පියක් දමාගෙන මුව ආවරණයක් පැළඳ ගෙනය.

රට පුරා තැනින් තැන ගෙවල් ගිනි තබා විනාශ කළ ත්‍රස්තයන් පැමිණ සිටියේ හෙල්මට් දමාගෙනය.

මේ නිරීක්ෂණය අප තේරුම් ගන්නේ කෙසේද? සොරුන් මංකොල්ලකරුවන් මිනීමරුවන් විසින් අපරාධයක් කරන බොහෝ විට ඔවුන් සිය මුහුණ ආවරණය කරගනී. ඔවුන්ගේ අනන්‍යතාවය අනුන්ගෙන් සැඟවීම මූලික අරමුණ බව සිතේ. නමුත් හඳුනාගත හොත් දඬුවම් විඳීමට ඇති බිය නිසා එසේ මුහුණ ආවරණය කරගැනීමට වැඩි යමක් එහි තිබේ.

kljsldf



තම මුහුණ ආවරණය කරගැනීම විසින් තමා නොවන කිසිවෙකු බවට පත්වීමක් වැනි දෙයක් සිදුවේ. මුහුණ පුරා රැවුල වවා ගත් විට ඒ තමාම දැයි සැකයක් උපදී. කණ්ණාඩියෙන් පෙනෙන්නේ තමා උපන් දා සිට හඳුනන නිරුවත් වානරයා නොවන සත්ත්වයෙකි. එය එක්තරා ආකාරයක නොදියුණු ප්‍රාග් මානවයාගේ වෙස්ටීජියල් ලක්ෂණයකි.

 

පරිණාම ගසේ ඇති දුර නෑකම් මතක් කරන දෘඩ රූපයකි.

නූතන මනුෂ්‍ය සමාජ සදාචාරය අදාළ නොවන ඊට පෙර පැවති ඉපැරණි පරිණාමීය මතකයකි.

ස්වකීය පෞරුෂයක් නොමැති මිටි කෙසඟ කොල්ලන් රැවුල වවාගත් විට කිසියම් ප්‍රාථමික මාංශභක්ෂක රෞද්‍ර ගතියක් ඉස්මතු වේ. වෙයාර්වුල්ෆ් වැනි මිත්‍යා ප්‍රබන්ධකරණයට තුඩු දෙන්නේ එම රූපාන්තරණයයි.

රැවුල වවාගෙන විප්ලවය කළ විජේවීර රැවුල කැපූ පසු වෙනස්ම රූපයකි.

rohana w

මිනිසා රැවුල් බාන්නේ හේතුවකටය. විලාසිතාවකට එහා ගිය නූතන පරිණාමීය අවශ්‍යතාවයක් එහි තිබේ.

වසංගතය සමග පැමිණි මුව ආවරණ පැළඳීම මෙයට තාක්ෂණිකව සමානය. එය පැළඳි විට පෙනෙන්නේ තමා නොවේ. නුපුරුදු වෙනත් අයෙකි.

මුළු හිසම ආවරණය කරන හෙල්මට් පැළඳි විට ඒ ඉන්නේ වෙනත් අයෙකි.

ඒවා හරියට අපගේ සැබෑ රූපය වසා දමන අලුත් හම් වැනිය.  එයින් අපගේ රූපය වෙනස් වේ.

මුහුණ යනු සිරුරේ ඉන්ද්‍රියයන්ගෙන් වසා ගැනීමට අපහසුම දෙයයි. එය පරිණාමීය අවශ්‍යතාවයකි.

මිනිස් සමාජ සම්බන්ධතා සඳහා විවෘත මුහුණ අත්‍යවශ්‍ය විය.

වර්චුඅල් අවකාශයේ එම අවශ්‍යතාවය නැති වී තිබේ.

ඇවටාර් යනු අපගේ මුහුණ වසාගන්නා කෘත්‍රිම හම්ය.

cgdsfgdf




අපගේ නාමරූපය වෙන කවරදාටත් වඩා අනිත්‍ය වී තිබේ. විපරිණාමය වෙමින් තිබේ. අනාත්ම වෙමින් තිබේ. පසුගිය කාලය තුළ මුහුණ වසා ගැනීම සාමාන්‍ය දෙයක් විය. එම තත්ත්වය විසින් සමාජයේ චර්යාවන් දැඩි ලෙස වෙනස් කෙරිණි.



මුහුණ වසාගෙන සංවිධානාත්මක අපරාධ කළ ප්‍රසිද්ධ කල්ලියක් වන්නේ ඇමරිකාවේ කූ ක්ලක්ස් ක්ලෑන් නම් වයිට් සුප්‍රෙමසි හෙවත් සුදු ආධිපත්‍යවාදී කල්ලියයි. උඩුකුරු කළ ගොටු හැඩැති සුදු පැහැති හිස් ආවරණයක් පැළඳි එහි සාමාජිකයන් විසින් කළු ජාතිකයන් අමානුෂික ලෙස ඝාතනය කෙරිණි.

එයත් මා මීට පෙර ලියූ ලිපියේ පැහැදිලි කළ යුජෙනික (Eugenics) පදනමින් ක්‍රියාත්මක වූවකි. (එම ලිපිය ලීවාට ෆේස්බුක් එකේ මා හට දඬුවම් ලබා දුන් බව මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි.)

ඊනියා අරගලය තුළ සිදු කළෙත් එවැනිම ක්‍රියාවකි. රැවුල්වලින් මුහුණු වසාගත්, මුව ආවරණවලින් මුහුණු වසාගත්, හෙල්මට්වලින් මුහුණු වසාගත් එක්තරා ඒකකාරී පිරිසක් විසින් සමාජයේ නිශ්චිත දේශපාලන සාමාජික කුලකයක් ඉලක්ක කර සාහසික මර්දනයක් දියත් කෙරිණි.



එම දේශපාලන කල්ලිය තවම නිශ්චිතව හැඳින්වීමට නොහැකි බැවින් දැනට Z සුප්‍රෙමසිකයන් ලෙස නම් කරමු. ඔවුන්ගේ පොදු ලක්ෂණ කිහිපයක් දැනට නිරීක්ෂණය කළ හැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ ආධිපත්‍යය ඔවුන් පමණක් සතු විය යුතු බවට ඔවුන් විශ්වාස කරන බව පෙනේ. ලංකාව පාලනය කිරීමට හරියටම දන්නේ ඔවුන් පමණක් බව ඔවුන් විශ්වාස කරන බව පෙනේ.



විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබීම, යූටියුබ් තුළ විශාල සබ්ස්ක්රයිබර්ස්ලා සිටීම, ගිග් ඉකොනොමිය තුළ නිවසේ සිට මුදල් ඉපැයීම වැනි හේතු මත අට පාස් එකාට වඩා තමා උසස් යැයි සිතන වර්ගවාදී මානසිකත්වයක් විසින් එම විශ්වාසය මෙහෙයවන බව පෙනේ.

මහජනතාව විසින් එකඟ වූ ව්‍යවස්ථා වැනි සමාජ ගිවිසුම් උල්ලංඝනය කිරීමට ඔවුන්ට බලයක් ඇති බව ඔවුන් විශ්වාස කරන බව පෙනේ.

නිදහස් සංවාද විවාද සහ මැතිවරණ වැනි පිළිගත් ප්‍රජාතාන්ත්‍රික සම්මුතීන් පිළිනොගන්නා ස්වභාවයක් ඔවුන්ගෙන් පෙනේ.

ප්‍රචණ්ඩත්වය උද්දීපනය කරන වීඩියෝ ගේම් අන්තර්ජාලය ඔස්සේ රංචු ගැසී කරන Z පරම්පරාවේ අය මේ අතර කැපී පෙනේ.

cbfhd



එම පිරිස පැරණි හෝ නූතන සම්මත වාමාංශිකයන් ලෙස හැඳින්වීමට අපහසු වන්නේ ඔවුන් අරගල කළේ දේශගුණික විපර්යාසය, තිරසාර ආහාර නිෂ්පාදනය, සත්ත්ව අවිහිංසාවාදය වැනි දේ වෙනුවෙන් නොවන නිසාය. ඔවුන් අරගල කළේ ෆොසිල ඉන්ධන වෙනුවෙනි. ඔවුන් අරගල කළේ රසායනික පොහොර වෙනුවෙනි. ඔවුන් අරගල කළේ කිසිසේත්ම පවත්වාගෙන යා නොහැකි අධිපරිභෝජනවාදී කාමසුඛල්ලික ජීවිත නැවත පවත්වාගෙන යෑම වෙනුවෙනි.





එබැවින් එය වාමාංශික විප්ලවයක් නොවේ. සම්මත අර්ථයෙන් එය ප්‍රතිගාමී විප්ලවයකි. එය දක්ෂිණාංශික ඇනොමලියකි. මේ වෙනත් නැගිටීමකි. මෙය තවම පැහැදිලිව සාකච්ඡාවට ලක්වී නොමැත. මේ Z සුප්‍රෙමසියේ නැගීමයි.

ධර්මය අපට මග වේවා!


eranda G(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
2022 අගෝස්තු 28
eranda.ginige@gmail.com

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රැවුල, මුව ආවරණ, හෙල්මට් සහ Z සුප්‍රෙමසියේ නැගීම - (එරන්ද ගිනිගේ) | The Leader