දක්ෂිනාන්සික ඩේලි මේල් පුවත්පත චාල්ස්ගේ රාජාභිෂේකය වාර්තා කරන්නේ 'සදාකාලික පොරොත්තුවීමක අවසානයක්' හැටියට (The eternal wait was over).
ඒ කියන්නේ රැජිණ එක්ක හැමදාම පැත්තකින් හිටගෙන ඉඳල ඉඳල ඇතිවෙනකම් ඉඳල අන්තිමේ ජීවිතේ සන්ධ්‍යා සමයේ එයාට මහා බ්‍රිතාන්‍යයේ රජු හැටියට ඔටුණු පළඳන්න පුළුවන් උණා කියන එක.
නිකම් රැඩිකල් ගේම් ගහන්නේ නැතුව, බොරුවට රැජිණ සහ රාජ්‍යත්වය විවේචනය කරන්නේ නැතුව, බොරු අවධානයක් ගන්න පත්තර කාරයෝ, ටීවී කාරයෝ, යූටියුබ් කාරයෝ පස්සේ යන්නේ නැතුව චාල්ස් තමන්ට හිමිවුන ''පැත්තකට වෙලා දෙන දෙයක් කාල වෙන දෙයක් බලාන ඉන්න'' තිබ්බ රෝල් ප්ලේ (role play) එක එයා ලොකුවට ප්‍රශ්න කරන්න නැතුව කරගෙන හිටිය. ලේසියි කියල හිතුවට එහෙම නිකම් ඉන්න එක ලේසි නැහැ.
එයාටම කියල විවේචන, එයාගෙම කියල අදහස් උදහස්, එයාගෙම කියල අනන්‍යතාවක් වෙනුවෙන් ආශාවක් තියෙන්න ඇති. හැබැයි ඒ හැම දෙයක්ම වගේ කැපකරලා තමයි රැජිණ වෙනුවෙන් සහ රාජ්‍යත්වය දිහා බලාන ඉන්න ලක්ෂ සංඛ්‍යාත බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙනුවෙන් ඒ කැපකිරීම කළේ.
ඉනුත් විශේෂයෙන් ඩයනා ලොකු අනුරාගික අනන්‍යතා ගැටළුවක් එක්ක සෑහෙන පීඩනයක් රජ පවුලට අරන් එද්දි තමයි චාල්ස් සියළු විවේචන ඉවසමින් එහෙම ''ඔහේ බලාන'' හිටියේ (just waiting).
දැන් හැරී කුමාරයා මේඝන් එක්ක එකතුවෙලා දෙන්නෙත් එහෙම පීඩනයක්. හැබැයි ඩයනා වගේම විළියම් - මේඝන් දෙන්නටත් සමාජ අවධානය එන්නේ එයාල රජ පවුලට සම්බන්ද නිසා මිසක් වෙන අල බෝලයක් හින්ද නෙවෙයි. එයාල රාජ්‍යත්වයේ සංකේත පසුබිම ම පාවිච්චි කරලා තමයි තමන්ගේ සංකේත ප්‍රාග්ධනය වැඩි කර ගන්නේ. එහෙම නැත්නම් එයාල නිකම්ම මිනිස්සු විතරයි. ටීවී කාරයෝ හැරිලා බලන්නේ නැහැ.
මේ අස්සේ ඩයනා ගිය පාර සහ මේඝන් යන පාර දිහා හොඳට බලාන සියල්ල දරාගෙන තවත් ඉවසීමෙන් ගමනක් යන කෙනෙක් තමයි කේට්. මෙදා පාරත් මාධ්‍ය වාර්තා කරන්නේ කේට් මිනිස්සුන්ගේ ඇස් ගිණිකණා වැටෙන්න ඇඳලා කරලා ආව කියල (dazzling Kate).
එයාටම කියල රජ පවුල ගැන, රාජ්‍යත්වය ගැන, පුද්ගල නිදහස ගැන, ස්ත්‍රීත්වය ගැන, බටහිර වටිනාකම් ගැන අදහස් ඔළුවේ පිරිලා ඇති. ඔය රජ ඇඳුම් අස්සේ දඟකරන එයාගෙම පෞරුෂයක් ඇති. හැබැයි එයා මේ මොහොතේ කරන්නේ එයාට නියමිත කාර්යය විතරයි.
ඉවසීමෙන් ඉඳල ඉඳල චාල්ස් පෙරේදා ඓතිහාසික බකිංහැම් බැල්කනියේ ඉදිරිපස ඉඳල මිනිස්සුන්ට ආචාර කළා. ඒ බ්‍රිතාන්‍යයේ රජු හැටියට. එයත් එක්ක හැමදාම හිටිය කැමිලා එක්ක. කවදාහරි ඔය ඉවසීමෙන් ම ඉඳල කේට් එයාගේ විලියම් එක්ක ඔය තැනට ඔය විදියටම එන්න නියමිතයි.
ඉවසීමෙන් ඉන්න. ඒ ඉවසීම නිසාම ලැබෙන්න නියමිත දේවල් ටිකක් තියනවා. එදාට බය නැතුව ඒ දේ ගන්න....
ලංකා කොළනියේ ඈත ගමක ඉඳල මෙහෙම ලියන්නේ කොන්වෙයි කියල බයට.(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)