The Leader News
BREAKING
Top Ad
බුකිය

සදාකාලික පොරොත්තුවක අවසානය -(Mahesh Hapugoda)

T

The Leader Desk

May 7, 2023 • 7:01 AM

සදාකාලික පොරොත්තුවක අවසානය -(Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියන්නේ රැජිණ එක්ක හැමදාම පැත්තකින් හිටගෙන ඉඳල ඉඳල ඇතිවෙනකම් ඉඳල අන්තිමේ ජීවිතේ සන්ධ්‍යා සමයේ එයාට මහා බ්‍රිතාන්‍යයේ රජු හැටියට ඔටුණු පළඳන්න පුළුවන් උණා කියන එක.
  • එයාටම කියල විවේචන, එයාගෙම කියල අදහස් උදහස්, එයාගෙම කියල අනන්‍යතාවක් වෙනුවෙන් ආශාවක් තියෙන්න ඇති.
  • මෙදා පාරත් මාධ්‍ය වාර්තා කරන්නේ කේට් මිනිස්සුන්ගේ ඇස් ගිණිකණා වැටෙන්න ඇඳලා කරලා ආව කියල (dazzling Kate).
  • එයාටම කියල රජ පවුල ගැන, රාජ්‍යත්වය ගැන, පුද්ගල නිදහස ගැන, ස්ත්‍රීත්වය ගැන, බටහිර වටිනාකම් ගැන අදහස් ඔළුවේ පිරිලා ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කියන්නේ රැජිණ එක්ක හැමදාම පැත්තකින් හිටගෙන ඉඳල ඉඳල ඇතිවෙනකම් ඉඳල අන්තිමේ ජීවිතේ සන්ධ්‍යා සමයේ එයාට මහා බ්‍රිතාන්‍යයේ රජු හැටියට ඔටුණු පළඳන්න පුළුවන් උණා කියන එක.

 

නිකම් රැඩිකල් ගේම් ගහන්නේ නැතුව, බොරුවට රැජිණ සහ රාජ්‍යත්වය විවේචනය කරන්නේ නැතුව, බොරු අවධානයක් ගන්න පත්තර කාරයෝ, ටීවී කාරයෝ, යූටියුබ් කාරයෝ පස්සේ යන්නේ නැතුව චාල්ස් තමන්ට හිමිවුන ''පැත්තකට වෙලා දෙන දෙයක් කාල වෙන දෙයක් බලාන ඉන්න'' තිබ්බ රෝල් ප්ලේ (role play) එක එයා ලොකුවට ප්‍රශ්න කරන්න නැතුව කරගෙන හිටිය. ලේසියි කියල හිතුවට එහෙම නිකම් ඉන්න එක ලේසි නැහැ.

 124658670 gettyimages 1175861027

 

එයාටම කියල විවේචන, එයාගෙම කියල අදහස් උදහස්, එයාගෙම කියල අනන්‍යතාවක් වෙනුවෙන් ආශාවක් තියෙන්න ඇති. හැබැයි ඒ හැම දෙයක්ම වගේ කැපකරලා තමයි රැජිණ වෙනුවෙන් සහ රාජ්‍යත්වය දිහා බලාන ඉන්න ලක්ෂ සංඛ්‍යාත බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙනුවෙන් ඒ කැපකිරීම කළේ.

ඉනුත් විශේෂයෙන් ඩයනා ලොකු අනුරාගික අනන්‍යතා ගැටළුවක් එක්ක සෑහෙන පීඩනයක් රජ පවුලට අරන් එද්දි තමයි චාල්ස් සියළු විවේචන ඉවසමින් එහෙම ''ඔහේ බලාන'' හිටියේ (just waiting).

 

1 Diana Usa Tour

දැන් හැරී කුමාරයා මේඝන් එක්ක එකතුවෙලා දෙන්නෙත් එහෙම පීඩනයක්. හැබැයි ඩයනා වගේම විළියම් - මේඝන් දෙන්නටත් සමාජ අවධානය එන්නේ එයාල රජ පවුලට සම්බන්ද නිසා මිසක් වෙන අල බෝලයක් හින්ද නෙවෙයි. එයාල රාජ්‍යත්වයේ සංකේත පසුබිම ම පාවිච්චි කරලා තමයි තමන්ගේ සංකේත ප්‍රාග්ධනය වැඩි කර ගන්නේ. එහෙම නැත්නම් එයාල නිකම්ම මිනිස්සු විතරයි. ටීවී කාරයෝ හැරිලා බලන්නේ නැහැ.

මේ අස්සේ ඩයනා ගිය පාර සහ මේඝන් යන පාර දිහා හොඳට බලාන සියල්ල දරාගෙන තවත් ඉවසීමෙන් ගමනක් යන කෙනෙක් තමයි කේට්. මෙදා පාරත් මාධ්‍ය වාර්තා කරන්නේ කේට් මිනිස්සුන්ගේ ඇස් ගිණිකණා වැටෙන්න ඇඳලා කරලා ආව කියල (dazzling Kate).

 

GettyImages 1487963771 1274a5e86af1432687299e87e4a350e3

 

එයාටම කියල රජ පවුල ගැන, රාජ්‍යත්වය ගැන, පුද්ගල නිදහස ගැන, ස්ත්‍රීත්වය ගැන, බටහිර වටිනාකම් ගැන අදහස් ඔළුවේ පිරිලා ඇති. ඔය රජ ඇඳුම් අස්සේ දඟකරන එයාගෙම පෞරුෂයක් ඇති. හැබැයි එයා මේ මොහොතේ කරන්නේ එයාට නියමිත කාර්යය විතරයි.

Britain's King Charles III and Queen Camilla wave to the crowds from the balcony of Buckingham Palace after the coronation ceremony in London, Saturday, May 6, 2023. (AP Photo/Frank Augstein)

 

ඉවසීමෙන් ඉඳල ඉඳල චාල්ස් පෙරේදා ඓතිහාසික බකිංහැම් බැල්කනියේ ඉදිරිපස ඉඳල මිනිස්සුන්ට ආචාර කළා. ඒ බ්‍රිතාන්‍යයේ රජු හැටියට. එයත් එක්ක හැමදාම හිටිය කැමිලා එක්ක. කවදාහරි ඔය ඉවසීමෙන් ම ඉඳල කේට් එයාගේ විලියම් එක්ක ඔය තැනට ඔය විදියටම එන්න නියමිතයි.

ඉවසීමෙන් ඉන්න. ඒ ඉවසීම නිසාම ලැබෙන්න නියමිත දේවල් ටිකක් තියනවා. එදාට බය නැතුව ඒ දේ ගන්න....

ලංකා කොළනියේ ඈත ගමක ඉඳල මෙහෙම ලියන්නේ කොන්වෙයි කියල බයට.


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...