The Leader News
BREAKING
නාමල්ට හෙටක් ! නැද්ද●කෘත්‍රිම බුද්ධියෙන් පොත් 370ක් ලියූ ලේඛිකාවකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව●බටහිර දොර වැසෙද්දී ශ්‍රී ලංකාවට මතුවන අලුත් මාවත●රුවන්වැලි සෑය ස්මාරකයක් ද: බෙල්-හරිශ්චන්ද්‍ර ගැටුම යළිත් කරලියට●අලියා නැගිට්ටවන ඇත් රජු කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය●නැගෙනහිර බහාලුම් පර්යන්තය: අවිනිශ්චිතතාවේ දශකයක ආර්ථික පාඩම●වදනක: නිසරු භාවය, අශිෂ්ට භාවය හෝ තක්කඩි භාවය යනු කුමක් ද…?●සයිබර් වංචා සැකකරුවන් දහසක් දැලේ: නීතිය හමුවට නොපැමිණීමේ අර්බුදය●සෞදි අර්බුදය හමුවේ ලාංකික උම්රා බැතිමතුන් ගැන අවධානයක්●ශ්‍රීලංකන් සයිබර් ප්‍රහාරය වසන් කළාද? විමර්ශන දෙකක්●
Top Ad
බුකිය

ආයේ ආයෙත් මුණගැසෙන රහස්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 4, 2023 • 12:11 PM

ආයේ ආයෙත් මුණගැසෙන රහස්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහර විට චැනල් ෆෝ හරහා අපෙන් මෙච්චර කල් සඟවා තිබ්බ, වියෝ කරලා තිබ්බ ඇත්තක් අපිට හම්බ වෙන්න පුළුවන්.
  • සමහර විට ඒ දේවල් අපි දැනටමත් දන්නා දේවල් තහවුරුවීමක් වෙන්නත් පුළුවන්.
  • ලේ ගංගා ගලාන ගිහිල්ල, මිණී කඳු ගොඩ ගැහුණ අපේ වගේ රටක බලය සඳහා මිණීමරන්න පුළුවන් ඒත් එහෙම කරලා බුදුවරු වගේ ඉන්න පුළුවන් දේශපාලඥයෝ නිරාවරණය වෙනවා නම් අර මැරුණු මිනිස්සුන්ගේ තවමත් අඬන ඥාතීන්ට යම් අස්වැසිල්ලක් ඒකෙන් ගේන්න පුළුවන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ තමයි මම කාලෙකට කළින් බලපු හැබැයි ඉතාම සංවේදී අවස්ථාවල නැවත නැවත බලන ස්පිල්බර්ග්ගේ Munich (2005) චිත්‍රපටයේ එන එක අමරණීය කියමනක් ගැන. 

ඒකෙ එක තැනක කියනවා ''අපිට ජීවත් වෙන්න සිද්දවෙලා තියෙන්නේ රහස් එකෙනෙකින් වෙන්කරලා කරලා තියන ලෝකෙක උනත් අපි කවදාහරි මියැදෙන්නේ ඒ රහස් එකිනෙක මුණගැසෙන ලෝකෙක'' කියල.

සමහර විට චැනල් ෆෝ හරහා අපෙන් මෙච්චර කල් සඟවා තිබ්බ, වියෝ කරලා තිබ්බ ඇත්තක් අපිට හම්බ වෙන්න පුළුවන්. සමහර විට ඒ දේවල් අපි දැනටමත් දන්නා දේවල් තහවුරුවීමක් වෙන්නත් පුළුවන්.  

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය: චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව සැප්. 5 එලියට !

ලේ ගංගා ගලාන ගිහිල්ල, මිණී කඳු ගොඩ ගැහුණ අපේ වගේ රටක බලය සඳහා මිණීමරන්න පුළුවන් ඒත් එහෙම කරලා බුදුවරු වගේ ඉන්න පුළුවන් දේශපාලඥයෝ නිරාවරණය වෙනවා නම් අර මැරුණු මිනිස්සුන්ගේ තවමත් අඬන ඥාතීන්ට යම් අස්වැසිල්ලක් ඒකෙන් ගේන්න පුළුවන් වෙයි.

''රට ජාතිය බේරා ගන්නවා'' කියල, ''නූතන දියසෙන්'' කියල, ''ජාතියේ ගැලවුම්කරුවා'' කියල බලයට එන එක කොච්චර අඳුරු අගාධයකින් මතුවෙන කෘතීම දෙයක්ද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි. 

Editorial style illustration of a business man or politician taking an oath. This is a two part illustration.

තමන්ගේ ඇත්ත යක්ෂ වෙස්මූණ වසාගෙන බලය ඉස්සරහා බලයට ඉව අල්ලන මිනිස්සු කොච්චර අසංවේදී වෘකයින්ද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි. 

පියවරුන් යනු කවුරුද, ඔවුන් කොච්චර දරුවන් ගැන අසංවේදීද කියල තේරුම් අරන් ආයේ කවදාවත් ඒ වලේ නොවැටී ඉන්න ජනතාවක් බිහිකර ගත්තොත් ඇත්තටම අර පාස්කු බෝම්බ වලින් මියගිය මිනිස්සුන්ට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි. 

එකිනෙකාගෙන් වෙන්කරලා තිබ්බ රහස් ඇත්තටම ආයෙත් එකිනෙකාට මුණගැහෙන එක කොච්චර අමාරුද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි.


කොළඹ යනුවෙන් යමක් නොපවතී ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

Rajapaksa officials ‘linked to Easter Sunday Sri Lanka bombs’


සබැඳි පුවත් :
පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් - (පළමු කොටස) 

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය: චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව සැප්. 5 එලියට !


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...