The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

1,100 වැනි ජයග්‍රහණයෙන් ටෙනිස් ශූරයා 37 වැනි උපන්දිනය සමරයි

T

The Leader Desk

May 26, 2024 • 4:37 AM

1,100 වැනි ජයග්‍රහණයෙන් ටෙනිස් ශූරයා 37 වැනි උපන්දිනය සමරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව අංක 1 ටෙනිස් ශූරයා වන සර්බියාවේ නෝවැක් ජොකවිච් (Novak Djokovic) ඔහුගේ 37 වැනි උපන්දිනය සැමරුවේ සිය ක්‍රීඩා දිවියේ 1,100 වැනි ජයග්‍රහණයෙන්.
  • නෝවැක් ජොකවිච්ගේ මේ වසරේ වාර්තාව ජයග්‍රහණ 13ක් හා පරාජ 5ක් වශයෙන් දැන් සටහන්ව තිබෙනවා.
  • 2024 වසරේ ඔහු තවමත් තරගාවලියක අවසාන තරගයට පිවිස නැහැ.
  • “මේ තරගාවලියේ ප්‍රථම වතාවට මට මෙහි ඉන්න ලැබීමත්, මට සහයෝගය දක්වන්න මගේ පවුලේ අය මෙහි ඇවිත් ඉන්න එක  ගැනත් මට සතුටුයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ ජයග්‍රහණය වාර්තා කළේ ජිනීවා ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේදී ජර්මනියේ යැනික් හැන්ෆ්මන් (Yannick Hanfmann) 6-3, 6-3ක් ලෙස පරාජය කර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේදී.

 

ජිමී කොනර්ස් (Jimmy Connors) හා රොජ ෆෙඩර (Roger Federer) ට පසුව ජයග්‍රහණ 1,100 කඩඉමට පැමිණි තෙවැනි පුද්ගලයා බවට ජොකව්ච් පත්වනවා. 

AFP7235676620985964830299100806199342269572 1

 

ඔහු දැන් සූදානම් වන්නේ මේ වසරේ දෙවැනි ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ ඉසව්ව වන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී තමා සතු කිරුළ රැක ගැනීමට.

නෝවැක් ජොකවිච්ගේ මේ වසරේ වාර්තාව ජයග්‍රහණ 13ක් හා පරාජ 5ක් වශයෙන් දැන් සටහන්ව තිබෙනවා. 2024 වසරේ ඔහු තවමත් තරගාවලියක අවසාන තරගයට පිවිස නැහැ.

හැන්ෆ්මන් පරාජය කිරීමෙන් පසුව, තරගය නරඹමින් සිටි සෙනඟ ජොකවිච් ට ‘සුභ උපන්දිනක් වේවා’ ගීතය ගායනා කළ අතර ඉටිපන්දම් දැල්වුනු කේක් ගෙඩියක් තරග පිටිය ගෙන ආවා.

 



ඔහු කේක් ගෙඩිය ඔසවා සෙනඟට පෙන්වීමෙන් පසුව එහි කෑල්ලක් කඩා මුවට දමා ගෙන කේක් ගෙඩිය තරග පිටියේ පන්දු අහුලන කොල්ලන්ට හා කෙල්ලන්ට පිරිනැමුවා.

“ප්‍රධාන දේ මගේ උපන්දිනය යි. මම මේ තරගය දිනුවේ නැත්නම් මගේ උපන්දිනය මේ වගේ නොවෙන්නත් ඉඩ තිබුනා” යැයි ජොකවිච් පැවසුවා. “මේ තරගාවලියේ ප්‍රථම වතාවට මට මෙහි ඉන්න ලැබීමත්, මට සහයෝගය දක්වන්න මගේ පවුලේ අය මෙහි ඇවිත් ඉන්න එක  ගැනත් මට සතුටුයි. මම මගේ ජීවිතයේ වැඩි හරියක් හැදී වැඩුනේ මගේ නැන්දයි මාමයි මගේ ඥාතින් දෙන්නාත් එක්කයි” ජොකවිච් පැවසුවේ දැන් ජිනීවා නුවර ‌වෙසෙන ඔහුගේ ඥාතීන් මතක් කරමින්.

vrwver

 

“අපට එකිනෙකා මුණගැහෙන්න ළඟදී අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ නිසා මේ ලැබුනු අවස්ථාව බොහොම වටිනවා. මට තරග බිමේ මෙන්ම ඉන් පිටතත් හොඳ කාලයක් මෙහිදී ලැබී තියෙනවා.”

“මං වෙනුවෙන් ‘සුභ උපන්දිනක්’ සිංදුව කිවුවාට බොහොම ස්තූතියි. මට ඒක හදවතට තදින් දැනුනා. ඒ නිසා මගේ මේ විශේෂ දිනයේදී තරගයක් ජය ගන්න ලැබුනු එක ගැන මම හරියට සතුටු වෙනවා” සර්බියානු ලෝක ටෙනිස් ශූරයා වැඩිදුරටත් කියා සිටියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...