The Leader News
BREAKING
Top Ad
පුවත්

බහුතරය පිළිගන්නා අගමැතිවරයෙකු පත්කරන්න - පොහොට්ටු මන්ත්‍රීවරු 10 ක් ඉල්ලයි

T

The Leader Desk

April 21, 2022 • 11:33 PM

බහුතරය පිළිගන්නා අගමැතිවරයෙකු පත්කරන්න - පොහොට්ටු මන්ත්‍රීවරු 10 ක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බහුතරය පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැතිවරයෙකු යටතේ නිවැරදි ආර්ථික හා දේශපාලනික
  • තම කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනා වෙනුවෙන් මින් ඉදිරියට කණ්ඩායමක් වශයෙන් පාර්ලිමේන්තුව තුළ හෘද සාක්ෂියට එකඟව අවශ්‍ය  ඕනෑම අභියෝගයක් හමුවේ එක්සිත්ව කටයුතු කරන බව එම මන්ත්‍රීවරුන් 10 දෙන ජනාධිපතිවරයාට වැඩි දුරටත් දන්වා ඇත.
  •   එම ලිපියේ මෙසේ සඳහන් වේ.
  • ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති දේශපාලනික අස්ථාවරත්වය මත, රාජ්‍යය අස්ථාවර වීමේ තර්ජනය හමුවේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් නවක කණ්ඩායමක් වශයෙන් අපගේ අදහස් සහ යෝජනා ඔබතුමාගේ අවධානයට මෙසේ ඉදිරිපත් කර සිටිමු.
අකුරු ප්‍රමාණය (Font Size):

වැඩපිළිවෙලකට එකඟ වන සෑම විරුද්ධ පක්ෂයකම නියෝජනයන් සම්බන්ධ කොටගත් සර්ව පාර්ශික නව කැබිනට් මණ්ඩලයක් පත්කොට රටට විසඳුමක් ලබා දීම සඳහා කැපවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු විසින් අප්‍රේල් 19 වන දා ජනාධිපතිවරයා වෙත බාරදෙන ලද ලිපියක එබව සඳහන්වේ.



තම කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනා වෙනුවෙන් මින් ඉදිරියට කණ්ඩායමක් වශයෙන් පාර්ලිමේන්තුව තුළ හෘද සාක්ෂියට එකඟව අවශ්‍ය  ඕනෑම අභියෝගයක් හමුවේ එක්සිත්ව කටයුතු කරන බව එම මන්ත්‍රීවරුන් 10 දෙන ජනාධිපතිවරයාට වැඩි දුරටත් දන්වා ඇත.

 


එම ලිපියේ මෙසේ සඳහන් වේ.

ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති දේශපාලනික අස්ථාවරත්වය මත, රාජ්‍යය අස්ථාවර වීමේ තර්ජනය හමුවේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් නවක කණ්ඩායමක් වශයෙන් අපගේ අදහස් සහ යෝජනා ඔබතුමාගේ අවධානයට මෙසේ ඉදිරිපත් කර සිටිමු.

මෙම ලිපිය ඉදිරිපත් කරනු ලබන අප සියලු දෙනාම සියලුම අවස්ථාවල ඔබතුමා සහ වර්තමාන අග්‍රමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මූලිකත්වයෙහි තබාගෙන කටයුතු  කරන පිරිසක් වන අතර, එකී ගෞරවය තවදුරටත් තබා ගනිමින්  මෙම යෝජනා ඉදිරිපත් කරන බවත් කියා සිටිමු.

අප සමඟ අත්වැල් බැඳගත් පක්ෂ හා  කණ්ඩායම් ඉදිරිපත් කළ මතයන් සහ සමාජය වෙතින් මතු වූ විරෝධතා ව්‍යාපාර යනාදි වශයෙන් උද්ගත වූ තත්වයන්ට අප ලබාදුන්නේද අවතක්සේරුවකි.



මේ අවස්ථාවේ අපගේ අදහස වන්නේ ඇති වී ඇති මහජන අසහනයට පාදක වූ සැබෑ කාරණා අප විසින් නිසි ලෙස හඳුනාගෙන නොමැති බවයි. ඒවායේ දේශපාලනික, අන්තර්ජාතික, ආගමික, අන්තවාදී ආදී කියවීම් පැත්තකින් තැබූ කල සැබෑ ජනතා විරෝධය හඳුනා ගැනීමට අප තවමත් ක්‍රියා කොට නැති බව පෙනේ.



මෙම  පවතින දේශපාලන අර්බුදය සබැඳිව පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට ක්‍රමවත් අඛණ්ඩ හා නිවැරදි විසඳුම් ලබා දීම සඳහා පැහැදිලි යෝජනාවලියක් ඔබතුමා විසින් මහජනතාව වෙත ඉදිරිපත් කළ යුතු අතර, ඒ සම්බන්ධයෙන් වන අපගේ යෝජනාවලියක් කඩිනමින් ඔබතුමා වෙත ඉදිරිපත් කරන බවත්  ප්‍රකාශ කර සිටිමු.

මේ අවස්ථාවේ අපගේ ප්‍රමුඛතම කාර්යය විය යුත්තේ රටේ  දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා වන කඩිනම්  ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කිරීමයි.

මෙම අර්බුද උග්‍ර වීමට බලපෑ හේතු කිහිපයක් ඔබතුමා වෙත මතක් කරන්නට කැමැත්තෙමු.

ආණ්ඩු පක්ෂය වශයෙන් අප සමහර සංවේදි දේශපාලන ආර්ථික කරුණු සම්බන්ධයෙන්  අනුගමනය කළේ අප පිළිබඳව වූ අධි තක්සේරුවකින් බව අපගේ හැඟීමයි.

ඉතිහාසයේ බොහෝ ආණ්ඩු සේම අප ආණ්ඩුවද රටේ මූල්‍ය විනය පිරිහීම සඳහා දුර්වල මූල්‍ය කළමනාකරණයේ වගකීම භාරගත යුතුය. එමඟින් වත්මන් ආර්ථික අර්බුදය මතුවූ බව පිළිගත යුතුය. ඒ සඳහා රජයක් වශයෙන් නිසි විසිඳුම්, නිසි කාලරාමු තුළ ඉදිරිපත් නොකිරීමේ වරද අප තව දුරටත්  දිගින් දිගටම කරමින් සිටින බව පෙනේ.

 

සමහර වැදගත් තීන්දු තීරණ ගැනීමේදි නායකත්වයන් අතර එකඟතාවයක් තිබුණේ නැත. තීරණ  ගැනීමේ ප්‍රමාදයත්, ජනතාවගේ ඉල්ලීම් වලට සංවේදි නොවීමත්, 'වියත්මග' සංකල්පය යටතේ ඇති කළ බලාපොරොත්තු ඉටු කිරීමට ක්‍රියා නොකිරීමත් මත මෙම දේශපාලන හා ආර්ථික අර්බුදය උග්‍ර වී ඇත.




මේ අවස්ථාවේ අපගේ යෝජනාවන් වන්නේ,

1- දේශපාලන අර්බුදය කළමනාකරණය කර ගැනීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝදන ඉතා කඩිනමින්  ගෙන ආ යුතු බවයි.

2- බරපතළ ආර්ථික පරිහානියකින්  පීඩා විඳින අපගේ සහෝදර පුරවැසියන් ඉන් මුඳවා ගැනීම සඳහා කඩිනමින් සාමූහික තීන්දු තීරණ ගත යුතු බවයි.

3- ආණ්ඩු පක්ෂය  ලෙස බහුතරය ආරක්ෂා වීම සම්බන්ධයෙන් තර්ජනයක් තිබෙන බව ප්‍රායෝගිකව පිළිගත යුතුයුතු බවයි.

4- දේශපාලනික වශයෙන් අප සමඟ එක් ව සිටි බහුතරය නැවත එක් කොට ගෙන, බහුතරය පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රමාත්‍යවරයෙකු යටතේ නිවැරදි ආර්ථික හා දේශපාලනික වැඩපිළිවෙලකට එකඟ වන සෑම විරුද්ධ පක්ෂයකම නියෝජනයන් සම්බන්ධ කොටගත් සර්ව පාර්ශික නව කැබිනට් මණ්ඩලයක් පත්කොට විසඳුමක් ලබා දීම සඳහා කැපවිය යුතු බව අපගේ අදහසයි.

5- කෙසේ නමුත්, අප කණ්ඩායමක් ලෙස, හැට නම ලක්ෂයේ ජනවරමට මුළුමනින්ම ගරු කරමින්, ඔවුන් ද ආරක්ෂා කොට ගෙන රටද ආරක්ෂා කර ගනිමින් අප විසින් ඔබතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබු යෝජනා වෙනුවෙන් මින් ඉදිරියට කණ්ඩායමක් වශයෙන් පාර්ලිමේන්තුව තුළ හෘද සාක්ෂියට එකඟව අවශ්‍ය  ඕනෑම අභියෝගයක් හමුවේ එක්සිත්ව කටයුතු කරන බවත් මෙයින් වැඩි දුරටත් දන්වා සිටිමු.


මෙම ලිපියට පොහොට්ටු පක්ෂයේ පහත සඳහන් මන්ත්‍රීවරුන් අත්සන් කර ඇත.

1- K.P.S. කුමාරසිරි
2- ලලිත් එල්ලාවල
3- සුදත් මංජුල
4- නීතිඥ වසන්ත යාපා බණ්ඩාර
5- වෛද්‍ය උපුල් ගලප්පත්ති
6- නීතිඥ උදයන කිරිඳිගොඩ
7- කරුණාදාස කොඩිතුවක්කු
8- මහාචාර්ය ගුණපාල රත්නසේකර
9- අකිල සාලිය එල්ලාවල
10- උදයකාන්ත ගුණතිලක

11111 2

11111 1


සබැඳි පුවත් :

ජනාධිපති හමුවූ පොහොට්ටු මන්ත්‍රීවරු 13කට බැසිල්වාදීන්ගෙන් තර්ජන !

 


Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...