මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
තම අධ්‍යාපන කලාපයේ අනෙකුත් පාසල් වලට සාපේක්ෂව කොලොන්නාවට දක්වන කුඩම්මාගේ සැළකිලි නතර කරන ලෙස ද මන්ත්‍රීවරයා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාවගෙන් ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන "සක්වළ" වැඩසටහනේ 233 වැනි සුහුරු පන්ති කාමරය කොටිකාවත්ත රාජසිංහ ජාතික පාසලේදී විවෘත කෙරුණ අතර එම අවස්ථාවට සමගි ජන බලවේගයේ, කොලොන්නාව ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් එම ඉල්ලිම සිදු කරන ලදී.
අඛණ්ඩව පාර්ලිමේන්තු වාර දෙකක් සඳහා තමන් දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් තේරී පත් වූ ජනතාවාදී නායකයෙකු වශයෙන්, තමාගේ පළමු අභිප්‍රායවන්නේ කොලොන්නාව මැතිවරණ බල ප්‍රදේශයේ දරුවන්ට නිසි අධ්‍යාපන අවස්ථා උදා කිරිම බව ද ඔහු කියා සිටියේය.
එම ඉලක්කය සපුරාලීම සඳහා කොලොන්නාව බල ප්‍රදේශය තුළ මුල්ලේරියාව එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලය, රාහුල විද්‍යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය සහ ගොතටුව මහ විද්‍යාලය ජාතික පාසල් 4ක් ලෙස සංවර්ධනය කිරීමට සැළසුම් කෙරේ.
වර්තමාන මීතොටමුල්ල බස් ඩිපෝව එම භූමියෙන් ඉවත් කර කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලය හා සමාන පහසුකම් සපිරි, අංගසම්පූර්ණ පාසලක් ඉදිකිරීමටද යෝජිත බව මන්ත්‍රීවරයා පවසයි.
එම සැලසුම් හරහා සෑම වසරකම විශ්ව විද්‍යාලවලට කොලොන්නාවෙන් දරුවන් 100 දෙනෙකු හට උසස් අධ්‍යාපන වරම් ලබා ගනු ඇති බවට මරික්කාර් මන්ත්‍රීවරයා විශ්වාසය පළ කරයි.
කොලොන්නාව සංවර්ධන අරමුණ හරහා 1905 සුද්දන් හැදූ පැරණි පාලමේ සිට වේගවත් මංමාවත් හරහා ගොඩ නැගෙන අධි තාක්ෂණික නගරයට මං තීරු 3කින් යුක්ත අඹතලේ - ග්‍රාන්ඩ්පාස් පාර ඉදි කළ පසු අවශ්‍යවන්නේ උගත්, බුද්ධිමත් හා නවීන දැනුමින් - නව අදහස් වලින් පිරි දරු පරපුරක් බව කී මන්ත්‍රීවරයා ඒ සඳහා සූදානම් වීමට අධ්‍යාපනයෙන් සන්නද්ධ වන්නැයි කොටිකාවත්ත රාජසිංහ ජාතික පාසලේ දරුවන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.
කොලොන්නාවෙන් දරුවෝ 100ක් කැම්පස් යවන මරික්කාර්ගේ සිහිනය
T
The Leader Desk
June 8, 2024 • 7:38 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සෑම වසරකම කොලොන්නාවෙන් අවම වශයෙන් දරුවන් 100 දෙනෙකු විශ්ව විද්‍යාල හිමි කරගන්නවා දැකිම තම ආශාව බව එස්. එම්. මරික්කාර්
- තම අධ්‍යාපන කලාපයේ අනෙකුත් පාසල් වලට සාපේක්ෂව කොලොන්නාවට දක්වන කුඩම්මාගේ සැළකිලි නතර කරන ලෙස ද මන්ත්‍රීවරයා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාවගෙන් ඉල්ලීමක් කළේය.
- අඛණ්ඩව පාර්ලිමේන්තු වාර දෙකක් සඳහා තමන් දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් තේරී පත් වූ ජනතාවාදී නායකයෙකු වශයෙන්, තමාගේ පළමු අභිප්‍රායවන්නේ කොලොන්නාව මැතිවරණ බල ප්‍රදේශයේ දරුවන්ට නිසි අධ්‍යාපන අවස්ථා උදා කිරිම බව ද ඔහු කියා සිටියේය.
- එම ඉලක්කය සපුරාලීම සඳහා කොලොන්නාව බල ප්‍රදේශය තුළ මුල්ලේරියාව එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලය, රාහුල විද්‍යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය සහ ගොතටුව මහ විද්‍යාලය ජාතික පාසල් 4ක් ලෙස සංවර්ධනය කිරීමට සැළසුම් කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


