The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
පුවත්

'ජනපති අස්වෙන්නේ නැත්නම් කරනදේ කියන්න' - රනිල්ගෙන් යෝජනා 12ක්

T

The Leader Desk

April 8, 2022 • 1:05 PM

'ජනපති අස්වෙන්නේ නැත්නම් කරනදේ කියන්න' - රනිල්ගෙන් යෝජනා 12ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පවතින දැඩි ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ ජනාධිපතිවරයා ඉවත් වන්නේත් නැතිනම්
  • මේසේ තියෙන කැවුමටත් රුපියල් 75ක් ගෙවන්න තියනවා.
  •  සියයට 40ක් වෙයිද  දන්නේ නෑ.
  • ඒත් ජනාධිපති ප්‍රකාශ කළා, ඉවත් වෙන්නේ නෑ කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ ද නැතිනම් මූල්‍ය කටයුතු පිළිබඳව සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව විසින් අත්පත් කරගනු ලැබිය යුතු බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව රටේ ආර්ථික අර්බුදය විසඳීමේ පූර්ණ වගකීම අත්පත් කර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔහු මේ සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් පිළිබඳව සභාවේදී යෝජනාවක් කළේ අද පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව පිළිබඳව කල්තැබීමේ විවාදයේදීය.

අපේ අලුත් අවුරුදු ලිතේ නොනගත දෙකයි එකක් ආර්ථික නොනගතය. අනෙක දේශපාලන නොනගතය. මේ ලිතේ පුණ්‍ය කාලයක් නෑ. මේසේ තියෙන කැවුමටත් රුපියල් 75ක් ගෙවන්න තියනවා. උද්ධමනය සියයට 30ක්.  සියයට 40ක් වෙයිද  දන්නේ නෑ. මේ අවුරුදු කාලේ තුන් වේලක් කන්න බැරි වෙනවා.  දේශපාලන නොනගතය මෙහෙමයි.  

මේ උද්ඝෝෂණවල පළමුවෙන්ම තිබෙන්නේ ජනාධිපති ඉවන් වෙන්න කියල. ඒත් ජනාධිපති ප්‍රකාශ කළා, ඉවත් වෙන්නේ නෑ කියල. මෙතන ජනාධිපතිගේ තීරණය එකක්. අපෙ පාර්ලිමේන්තුවේ තීරණය වෙන එකක් වෙන්න පුළුවන්.


1- ජනපති අස්නොවෙයි නම් කරන දේ ගැන ජනතාවට කියන්න


උද්ඝෝෂණ වැඩි වුණොත් ජනාධිතිතුමා ජනතාවට කියන්න ඕන මොකක්ද තමන් ඊළඟට කරන්නේ කියල. ජනතාව සෑහීමකට පත් වුණොත් ප්‍රශ්නේ ඉවරයි. ඉස්සරලා කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. මේ කැබිනට් මණ්ඩලය  පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගන්න ඕන ඉස්සරලාම. මොකද එතනින් තමයි වැඩ කරන්න පුළුවන්.  විශ්වාසය නැතිනම් ඊළග පියවරකට යමු  ඉක්මනින්.


2- හමුදාව සිවිල් කටයුතුවලට කැඳවන්න එපා !

තවත් කරුණක් මේ වෙලාවේ ජනතාව පාලනයට හමුදාව යොදවන්න එපා. අපේ සිවිල් බලය තවම රටේ තිබෙනවා එය බිද වැටී නෑ. එසේ නම් එතැනට හමුදාව ගෙන්වීම සුදුසු නෑ. හමුදාව කැඳවිය යුත්තේ සිවිල් බලය කැඩුණොත්. එහෙම වෙලා නෑ. මම දන්න හමුදාව නම් ව්‍යස්ථාවට විරද්ධව යන්නේ‍ නෑ. අපි ඒක දින 52 කාලයේදී දුටුවා.


3- මුදල් බලය සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුවට ගනිමු.

ආර්ථිකය නෙනාගතය ගැන කතා කළොත් අද  ආර්ථිකය ඉවරයි. මේ රටේ මුදල් පාලනයේ බලය පාර්ලිමේන්තුවට පවරා ගත යුතුයි.  

විශේෂයෙන්ම ව්‍යවසථාවේ 148 යටතේ මුදල් පාලනය කරන්නේ අපි. මූලික වශයෙන් මේ වගකීම් යන්නේ කැබිනට් මණ්ඩලයට. ඔවුන්ට ඒක ප්‍රශ්නයක් නම්  බලතල  සභාවට ගන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන්.

148 යටතේ පාර්ලිමේන්තුවට පුළුවන් මේ රටේ මුදල් පාලනය කරන යෝජනා ගේන්න. විශේෂයෙන්ම අපට තියෙන්නේ මහජන මුදල් නීති හදල ඒක කැඩුවොත් ඒව ක්‍රියාත්මක කරන්න.

අද පවතින පුශ්නය ඇති වුණෙත් නිලධාරීන් දෙතුන් දෙනෙක් නිසානේ. මේ පාර්ලිමේන්තුවේ යෝජනාවකින් අපට මේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන රාමුව සකස් කරන්න.


4- පාර්ලිමේන්තුවෙන් දඬුවම් ලැබිය යුතු නිලධාරීන් කවුද?


පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර දෙකක් තිබෙනවා. එකක්  මේ ප්‍රශ්න ඇතිවුණේ කොහාමද කියල බලන්ත තේරීම් කාරක සභාවක් පත් කිරීම. කවුද ඩොලරය පා කිරීමේ තීරණය මේ වෙලාවේ ගත්තේ. එය ඇත්තටම පා කිරීමක් නෙවෙයි අවප්‍රමාණය කිරීමක්. රුපියල ඩොලරට සාපේක්ෂව සියයට 50ක් විර අවප්‍රමාණය වෙලා. සාමාන්‍යෙයන් එය සියයට 5කට වඩා වෙනස් වෙනවා නම් කැබිනට් අනුමැතිය ගත යුතුයි. එහෙම අනුමැතියක් ගත්තද?



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ කාලයක් අරගෙන කරන්න කියල. මේ තීරණය ගැන මූල්‍ය මණ්ඩලය දන්නෙත් නෑ. මේ තීරණය ගැන මුදල් කාරක සබාවට කිව්වද ? ඔවුන්ට කියලත් නෑ. කවුද මේකට  වගකියන්නේ? ? . මේ පියවරෙන් ආර්ථිකය නැතිම වුණා. මෙම තීරණ ගත්ත නිලධාරීන්ට පාර්ලිමේන්තුවෙන් දඬුවම් කරන්න ඕන.


5- IMF යන්න එපා කියල කිව්වේ කවුද කියල හොයන්න

අයි.එම්. එෆ් එකට නොයන්න කියල කවුද තීරණය කළේ ? මේ සම්බන්ධ ගත් තීරණ පිළිබඳව සොයන්න තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි. අපි මේව  හෙයාන්න ඕන.  

2021, 2022 වසරවල ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් ජාතික ඉකිරි කිරීමේ බැංකුවෙන් ආදායම් පෙන්වන්න රුපියල් ට්‍රිලියනයක් විතර අරන්.   බංකොලොත් සමාගම් කරනවා වගේ. අද මොකක්ද වෙලා තියෙන්නේ අද ආර්ථිකය රිම් එකේ. තව මාසයක් විතර යනකොට රිම් එකෙන් යන්නත් බැරිවෙයි.


6- ඉන්දියාවෙන් දුන්න මුදල් ඉවර වුණාම රට දුවන හැටි

ඉන්දියාවෙන් එන එන මුදල් නැති වුණාම අපිට අමාරු වෙනවා. දැනට පවතින ඉන්දන හිගය නැති කරන්න නම් එකවර නැව් හතරක් ගන්න ඕන. ඉන්දියාව ලබා දුන්නු ඩොලර් මිලියන 500න් මිලියන 250ක් විතර දැනටත් ඉවරයි. තව අපිට තිනෙවා ජූලි මාසය ඩොලර් බිලියනයක් ආපසු ණය ගෙවන්න මැයි මාසෙන් පසුව ගෙවන්න මුදල් නෑ. 


පුද්ගලික අංශයටත් වහන්න වෙනවා මුදල් සහ අමුද්‍රව්‍ය නැතිව. මේ නිසා කඩිනමින්  මුදල් වගකීම පාර්ලිමේන්තුව භාර ගත යුතුයි. ජාත්‍යන්කර මූල්‍ය අරමුදල සමඟ  සාකච්ඡා කළ යුතුයි. මේ සඳහා පත් කළ විශේෂඥයන් තුන් දෙනාට එම වගකීම පැවරිය යුතුයි. ඔවුන්ට මේ සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙනවා.

 ශ්‍රි ලංකාව පාර්ශවයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යවන කෙටුම්පත් වාර්තාව මාසයක් තුල දෙනන් කියන්න. අපට රට දුවන්න මුදල් නෑ. ලෝක බැංකුව එක්ක ආසියානු සංවර්ධන බැංකුව එක්ක අපි හොඳ හිතින් සාකච්ඡා කරන්න ඕන. මොකද අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍ය පියවර ගන්නා විට ඔවුන් තුළත් විශ්වාසයක් ගොඩ නැගේවි. ඔවුන් හරහා ඩොලර් මිලියන 500ක් 600ක් හොයා ගන්න අපට පුළුවන්.


8- ආධාර සමුළුවක් ගැන යෝජනාවක්

අපිට පුළුවන් සමුළුවක් කැඳවල ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව, යුරෝපා සංගමය වැනි අපට හිතවත් රටවලින් ආධාර ගන්න. ඒ සඳහා මුල පුරන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලුවොත් ඔවුන් එය කරාවි.  අපි  ලෝක බැංකුව  බැංකුවෙන් ඊට ඉල්ලිමක් කරමු.

 
9- ආහාර ඉල්ලාගෙන අසල්වැසි රටවලට යමු  

ඊළඟට ප්‍රශ්නය ආහාර හිගය. කොහොමද අපි ආහාර හිගය නවත්වන්නේ? සාක් පාර්ලිමේන්තුවට ගිහින් ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශයෙන් ආහාර ඉල්ලන්න. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපටත් කරන්න පුළුවන්. ඉන්දියාවේ චීනයේ ජනගහණය අපේ වගේ විශාල ගුණයක්. ඔවුන්ට මෙයට ආධාර කරන එක සුළු දෙයක්. ඔවුන් එය කරාවි.


10- අනවශ්‍ය වියදම් කපා සහන දෙන අයවැයක්

රජය  අලුත් සහන අයවැයක් ඉදිරිපත් කළ යුතුයි. අනවශ්‍ය සංවර්ධන වියදම් සියල්ල ඉවත් කළ යුතුයි. රාජ්‍ය මූල්‍ය කොමිටිය තව ශක්තිමත් කරන්න. ආදායම් වැඩි කිරීමේ වෙනම පාර්ලිමේන්තු කමිටුවක් දාන්න.


11- ණය කළමනාකරණයට වැඩසටහනක් අවශ්‍යයි

අපිට ණය කළමනාකරණය කිරීමේ වැඩසටහනක් ගේන්න.


12- අලුත් මන්ත්‍රිවරුන්ට අවස්ථාවක් දෙන්න

මම කියන්නේ අධීක්ෂණ කොමිටි 20ක් පත් කරන්න. මන්ත්‍රිවරු ගණනාවක් අවස්ථාවක් ප්‍රශ්නයක් දෙන්න සභාපතිකම් බහුතරයක් ආණ්ඩුවට දෙන්න. පසුපස මන්ත්‍රිවරු ඇයි අවිශ්වාස කරන්නේ? අලුත් මන්ත්‍රීවරු 60ක් 70ක් ඉන්නවා. ඔවුන්ට කිසිදු වගකීමක් නෑ. දුක හිතෙනවා . ඔවුන්ට වගකීමක් දෙන්න.

(lankasara.com)
 

 

 


The Leader TV අද වීඩියෝ 
 
 
  
 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ජනපති අස්වෙන්නේ නැත්නම් කරනදේ කියන්න' - රනිල්ගෙන් යෝජනා 12ක් | The Leader