The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

14න් පහළ නෙට්බෝල් කිරුළ කොළඹ ගේට්වේ විදුහලට

T

The Leader Desk

May 15, 2024 • 11:35 AM

14න් පහළ නෙට්බෝල් කිරුළ කොළඹ ගේට්වේ විදුහලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ගේට්වේ විදුහල අන්තර් ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 14න් පහළ නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.
  • වාර්ෂිකව පැවැත්වෙන මේ කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියට දිවයිනේ ජාත්‍යන්තර පාසල් 15ක කණ්ඩායම් සහභාගි වූ අතර මෙහි ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් ම කොළඹ ගේට්වේ ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගැනීම විශේෂත්වයක්.
  • ‘හොඳම සෙන්ට කෝට් ක්‍රීඩිකාව’ ලෙස නම් කෙරුනේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමේ රිආරි වික්‍රමආරච්චි.
  • තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර ගේට්වේ විදුහල 7-5කින් පරාජය කිරීමට කොළඹ ගේට්වේ විදුහල සමත් වූ අතර වත්තල ලසියියම් ජාත්‍යන්තර පාසල අවසාන තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල 10-4කින් පරාජය කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):



සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති තරගාවලියේ අවසාන මහා තරගයේ තියුණු සටනකින් පසුව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල 10-8කින් පරාජය කරමින් කොළඹ ගේට්වේ විදුහල් කණ්ඩායම මෙවර කිරුළ හිමි කර ගත්තා.

වාර්ෂිකව පැවැත්වෙන මේ කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියට දිවයිනේ ජාත්‍යන්තර පාසල් 15ක කණ්ඩායම් සහභාගි වූ අතර මෙහි ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් ම කොළඹ ගේට්වේ ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගැනීම විශේෂත්වයක්.

මේ තරගාවලියේදී අනාගත ජාතික නෙට්බෝල් ක්‍රීඩිකාවකගේ පෙරනිමිති පහළ කළ 12 හැවිරිදි දිනි ජයවීර ‘නෙට්බෝල් රැජින’ ලෙස කිරුළු පැළඳූ අතර ඇගේ කණ්ඩායම් සහායිකාවන් වන චෙනුති පෙරේරා ‘හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙසත්, නායිකා රනින් නසි ‘හොඳම පන්දු විදින්නිය’ ලෙසත් තේරුණා. ‘හොඳම සෙන්ට කෝට් ක්‍රීඩිකාව’ ලෙස නම් කෙරුනේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමේ රිආරි වික්‍රමආරච්චි.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර ගේට්වේ විදුහල 7-5කින් පරාජය කිරීමට කොළඹ ගේට්වේ විදුහල සමත් වූ අතර වත්තල ලසියියම් ජාත්‍යන්තර පාසල අවසාන තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල 10-4කින් පරාජය කරමින්.

netball 8
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

14න් පහළ නෙට්බෝල් කිරුළ කොළඹ ගේට්වේ විදුහලට | The Leader