සිංගප්පූරුවේදී පැවති ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් සහ සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකරගත් හෂිනි හේවගේ ක්‍රීඩිකාව අද (2) අලුයම මෙරටට පැමිණියාය.
ජාත්‍යන්තර ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සංවිධානයෙන් සිංගප්පූරුවේ පැවති FIF Worldwide Calssic Pro තරගාවලියේදී ශූරතාවක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ හෂිනි හේවගේ සමත් වූවාය.
මේ තරගාවලියේ Ms. Sport Model තරග අංශය නියෝජනය කළ 25 හැවිරිදි හෂිනි රටවල් ගණනාවක තරගකාරියන් 12 දෙනකු අබිබවා මේ ජය අත් කර ගත් අතර, ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් මේ තරගය ජයගත් පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.
වසර 2ක කාලයක සිට ඩුබායිහී ගණකාධිකාරිවරියක ලෙස සේවය කරන හෂිනි එහිදී මේ තරගාවලියට එක් වූවාය.

