ජපානයේ ඔසාකා හිදී පැවැත්වෙන C ශ්‍රේණිගත මලල ක්‍රීඩා තරගාවලියේ අද (06) පැවති

පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේදී සිය පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සමත්විය.

ඒ තත්පර 45.49ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

ඔහුට එම ඉසව්වේදී හිමිවූයේ දෙවන ස්ථානයයි.

සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර සහ ප්‍රසන්න අමරසේකරගෙන් අනතුරුව මීටර 400 පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙය වේ.

මීට දින කිහිපයකට පෙර ජපානයේදී පැවති තරගයකදීම අරුණ දර්ශන තත්ත්පර 45.59ක කාලයක් වාර්තා කළේය.
 


මේ අතර ඉන්දීය විවෘත පැරා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලියේ ටී 46 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

ඒ තත්පර 13 .71ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

T 35/42/47/62 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක් වූ කුමුදිකා දයානී තත්පර 13.55ක දක්ෂතාවක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්