ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ලකුණු 175කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ ප්‍රතිවාදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන් ලකුණු 355ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්තා කිරීම මෙහිදී කැපී පෙනෙන විශේෂත්වයක් විය.

පළමු කඩුල්ල සඳහා ලකුණු 95ක සබඳතාවක් එක්කිරීමට ආරම්භක පිතිකුරු යුගල වූ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක සමත් විය. පළමු කඩුල්ල ලෙස කරුණාරත්න ලකුණු 52කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 57ක් ද කුසල් මෙන්ඩිස් 78 ද සදීර සමරවික්‍රම 73 ක් වශයෙන් අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා ළකුණු පුවරුව ඉහළ නැංවීය.

චරිත් අසලංක පන්දු 23කදී ලකුණු 48 ක් හිමිකර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී අලි නසීර් කඩුලු 2ක් දවාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 356ක ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 180ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 6ක් දවාගත්තේය.

මේ අතර ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද (19) පැවති තවත් තරගයක් වන අයර්ලන්තය සහ ඕමානය අතර තරගයේදී කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම සමත් විය.

 


සබැඳි පුවත් :

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබිය හැකිවෙයි ද?

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්