The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‌චැම්පියන්ස් ලීග් ජයග්‍රහණයෙන් පසුව දෙදෙනෙක් මරුට: 192කට තුවාල - 559ක් අත්අඩංගුවේ

T

The Leader Desk

June 3, 2025 • 10:29 AM

‌චැම්පියන්ස් ලීග් ජයග්‍රහණයෙන් පසුව දෙදෙනෙක් මරුට: 192කට තුවාල - 559ක් අත්අඩංගුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුරෝපීය පාපන්දුවේ ලොකුම ත්‍යාගය දිනා ගැනීමේ ප්‍රීතියෙන් ප්‍රංශය පුරා පැවති ජය සැමරුම්වලදී අනතුරට පත් පොලිස් නිලධාරියෙක් තවමත් සිටින්නේ සිහි නැති දිගු නින්දක.
  • දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි ඔවුන්ගේ පළමු Champions League කිරුළ ගෝල් 5-0කින් ඉන්ට මිලාන් කණ්ඩායම පරදවමින් PSG දිනා ගැනීමෙන් පසුව අතිශය උද්යෝගිමත් ලෙස ඇරඹුනු රාත්‍රිය අවලස්සන කරමිනුයි මේ මාරක විපත සිදුවුනේ.
  • ජර්මනියේ මියුනික් නුවර සෙනසුරාදා රාත්‍රියේ පැවති අවසාන තරගයෙන් පසුව Dax නමැති බටහිර නගරයක පැවති වීදි පාටියකදී 17 හැවිරිදි පිරිමි ළමයෙකුට පිහියෙන් ඇන මරා දැමුවා.
  • තරගයේ පළමු භාගය අවසානයේ PSG ගෝල් 2-0ක් ඉදිරියෙන් සිටීමට පෙර සිට ද කැරලි මර්ධන උපකරණ රැගත් පොලිසිය ප්‍රචණ්ඩකාරී පිරිස හසුරුවමින් සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):


යුරෝපීය පාපන්දුවේ ලොකුම ත්‍යාගය දිනා ගැනීමේ ප්‍රීතියෙන් ප්‍රංශය පුරා පැවති ජය සැමරුම්වලදී අනතුරට පත් පොලිස් නිලධාරියෙක් තවමත් සිටින්නේ සිහි නැති දිගු නින්දක.

 

දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි ඔවුන්ගේ පළමු Champions League කිරුළ ගෝල් 5-0කින් ඉන්ට මිලාන් කණ්ඩායම පරදවමින් PSG දිනා ගැනීමෙන් පසුව අතිශය උද්යෝගිමත් ලෙස ඇරඹුනු රාත්‍රිය අවලස්සන කරමිනුයි මේ මාරක විපත සිදුවුනේ. පැරිස් අගනුවර සංකේතාත්මක අයිෆල් කුළුණ PSG කණ්ඩායමේ වර්ණවලින් දිලිසෙමින් තිබියදී ක්‍රීඩා ලෝලීන් රැය පහන් වනතුරු සාමකාමීව පාටි දැමූව ද සමහර පෙදෙස්වල එම උත්සව ප්‍රචණ්ඩත්වයට හැරුනා.

clashes

 

ජර්මනියේ මියුනික් නුවර සෙනසුරාදා රාත්‍රියේ පැවති අවසාන තරගයෙන් පසුව Dax නමැති බටහිර නගරයක පැවති වීදි පාටියකදී 17 හැවිරිදි පිරිමි ළමයෙකුට පිහියෙන් ඇන මරා දැමුවා. පැරිසියේ පැවති උත්සවයකට කඩාවැදුනු කාරයකට වයස විසිගණන්වල පුද්ගලයෙකු යමින් සිටි ස්කූටරය ගැටීමෙන් ඔහු ද මරුමුවට පත්වුණා. වේගයෙන් පැමිණි කාරයේ ගැටුනු තරුණ කාන්තාවක් ඇගේ ජීවිතය බේරා ගැනීමේ සටනක නිරතව සිටියා.

පාපන්දු ක්‍රීඩාංගණයක් අසල මෝටර් බයිසිකල් හා මෙට්ට ගිනිතබා තිබෙන අයුරු සහ ඉන් පිටවූ තද කළු දුමාරය රාත්‍රී අහස මැදින් දැල්වෙන අයුරු වීඩියෝවකින් දිස්වුනා. Coutances නුවර පැවති සාදයකදී වැරදීමකින් ගිනි කෙළියකට මැදිවූ පොලිස් නිලධාරියෙක් බරපතල තුවාල ලැබ සිහිමුර්ජාවක පසුවනවා.

තරගයේ පළමු භාගය අවසානයේ PSG ගෝල් 2-0ක් ඉදිරියෙන් සිටීමට පෙර සිට ද කැරලි මර්ධන උපකරණ රැගත් පොලිසිය ප්‍රචණ්ඩකාරී පිරිස හසුරුවමින් සිටියා.

 

පැරිස් අගනුවර වටා පුද්ගලයන් 192ක් තුවාල ලබා සිටින අතර මින් සිවු දෙනෙකු සිටින්නේ අසාධ්‍ය තත්ත්වයේ. සාමය පවත්වා ගෙන යාම පිණිස දහස් ගණන් පොලිස් නිලධාරීන් සේවයේ යොදවා තිබූ අතර අසංවර සෙනඟ විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා.

තුවාල සිදුවීම් හා අත්අඩංගුවට ගැනීම්වලට අමතරව කඩ සාප්පු හතරක් ද රාත්‍රියේ කොල්ල කා තිබුණා. උත්සව මධ්‍යයේ කැළි කසල දැමූ කෑන්වල අවුළුවා තිබූ ගිනි නිවා දැමීම පිණිස ගිනිනිවන හමුදා භටයන් යුහුසුළුව ක්‍රියා කළේ අනෙකුත් හදිසි අවස්ථාවන්ටද ඔවුන්ගේ සේවය ලබා දෙමින්.

 



පුද්ගලයන් 559 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ පිරිස අතර Champs-Elysees වීදියේ පාවහන් සාප්පුවකට කඩාවැදුනු පුද්ගලයන් 30 දෙනෙකු ද ඇතුළත්ව සිටියා. කුඩා සාප්පු පේලියක් තිබෙන එම වීදියේ බස් නැවතුම් පොලේ  වහල කඩා දැමූ වියරු ක්‍රීඩා ලෝලීන් කැරලි මර්ධන පොලිසිය වෙත විසිකළ හැකි සෑම දෙයකින්ම ඔවුන්ට දමාගැසූ අතර ඒ විශාල සෙනඟ පිටුපසට තල්ලු කිරීම පිණිස කඳුළු ගෑස් හා ජල ප්‍රහාර යොදා ගැනීමට පොලිසියට සිදුවුනා. නගරය මැද වීදියක කාර් දෙකක් ගිනි තබා තිබුනා.

ඉරිදා රාත්‍රියේ ගිනිතැබීම් සිය ගණනක් වාර්තා වී තිබූ අතර ගිනිබත් කළ වාහන 200කට වැඩි ප්‍රමාණයක් ද මීට ඇතුළත්. ආරක්ෂක හමුදාවල සාමාජිකයන් 22 දෙනෙක් සහ ගිනි නිවීමේ හමුදා භටයින් 7 දෙනෙකුට තුවාල සිදුව තිබුනා.

clashes2

 

Place de la Bastille චතුරස්‍රයේදී, ප්‍රීතිය දනවන දසුන් ද ගෙන එමින් ක්‍රීඩා ලෝලීන් එහි ජනප්‍රිය කුලුනේ අත්තිවාරමට නැග සිංදු කියමින් නටමින් ගිනි පන්දම් ගුවනට යවන විට ඔවුන් වටා සිටි අය ද ඊට එක්වුනා. එක් අවස්ථාවකදී, මෝටර් බයිසිකල් මහ හඬ නගන අයුරින් නැවත නැවත රේස් කරමින් කුලුන වටා රවුමේ යන විට සෙනඟ කෑගසමින් ඔවුන්ට චියර් කළා.

කලහකාරී සිදුවීම් වාර්තා වුනේ ප්‍රංශයෙන් පමණක් නෙවෙයි. අවසාන තරගය පැවති ජර්මනියේ මියුනික් නගරයේදී ද ක්‍රීඩා ලෝලීන් අතර තවත් ගැටුම් හටගත්තා.

තරගය නැරඹීම පිණිස පොදු ප්‍රවාහනයෙන් ක්‍රීඩාංගණයට යමින් සිටි ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන් අතර සටන් ඇවිලෙන අයුරු වීඩියෝවලින් පෙන්නුම් කරනවා. තරගය ක්‍රීඩා කෙරුනු Allianz Arena ක්‍රීඩාංගණය අසල Frottmaning දුම්රිය ස්ථානයේදී සමහරු එකිනෙකා වෙත ගල් ගැසූ සිද්ධීන් පවා වාර්තා වී තිබුනා.

බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...