The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නවසිලන්තය පරදවමින් ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟමාලාව 2-0කින් ජය ගනී

T

The Leader Desk

September 29, 2024 • 3:18 PM

නවසිලන්තය පරදවමින් ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟමාලාව 2-0කින් ජය ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව දෙපිල අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ 2-0ක ජයග්‍රහණයක් වාර්තා කළා.
  • නවසිලන්ත දෙවැනි ඉනිම අද දිවා ආහාරයෙන් පසුව මිනිත්තු 25ක් ගෙවී යද්දී අවසන් වූයේ ලකුණු 360කට දැවී යමින්.
  • නොදැවී ලකුණු 182ක් රැස්කර ගෙන ටෙස්ට් ක්‍රිකට් ලකුණු දහස තෙවැනියට වේගයෙන් ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිටි ඩොන් බ්‍රැඩ්මන් සමග සම තත්ත්වයට පිවිසි කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස නම් කෙරුනා.
  • | කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස “මම ලකුණු ලබා ගැනීමෙන් ලොකු සතුටක් ලබනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාව දෙපිල අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ 2-0ක ජයග්‍රහණයක් වාර්තා කළා.

එංගලන්ත සංචාරයේදී ලැබූ ජයග්‍රහණය තවදුරටත් ගෙන ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේ සිවු වැනි දිනයේදී ලබා ගත්තේ ඔවුන්ගේ පිට පිට තෙවැනි ජයග්‍රහණය.

නවසිලන්ත දෙවැනි ඉනිම අද දිවා ආහාරයෙන් පසුව මිනිත්තු 25ක් ගෙවී යද්දී අවසන් වූයේ ලකුණු 360කට දැවී යමින්.

නොදැවී ලකුණු 182ක් රැස්කර ගෙන ටෙස්ට් ක්‍රිකට් ලකුණු දහස තෙවැනියට වේගයෙන් ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිටි ඩොන් බ්‍රැඩ්මන් සමග සම තත්ත්වයට පිවිසි කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස නම් කෙරුනා.

| කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස
“මම ලකුණු ලබා ගැනීමෙන් ලොකු සතුටක් ලබනවා. විශේෂයෙන් මගේ උපන් නගරය වන ගාල්ලේදී. මනස සකස් කර ගැනීම එක ම ආකාරයෙන් පවත්වා ගෙන යාම හා එංගලන්ත සංචාරය සඳහා මා කළ පොඩි පොඩි දේවල් මට හොඳින් ලකුණු ලබා ගැනීමට උපකාරයක් වුනා. ගාල්ලේ තරගය සඳහාත් මම වෙනස්කම් කිහිපයක් කළා. අපි දවසින් දවස දියුණු විය යුතුයි. මොකද, තව ටෙස්ට් සංචාර, එක්දින හා විස්සයි20 තරග ඉදිරියේදී අපට තියෙන නිසා” යනුවෙන් කමිඳු ‘තරගයේ වීරයා’ සම්මානය ලබා ගත් අවස්ථාවේ කියා සිටියා.

kaminduPrabath| ප්‍රභාත් ජයසූරිය තරගාවලියේ වීරයා ලෙස
තරගමාලාවේ වීරයා වුනේ ටෙස්ට් තරග දෙකේදී කඩුලු 18ක් ලබා ගත් ප්‍රභාත් ජයසූරිය. “නිශාන් පීරිස් ඉතාමත් දක්ෂයි. මෙය ඔහුට ඉතාමත් ධනාත්මක වූ තරගයක්. කළින් තරගය පැවති තණතීරුවට වඩා මේ තණතීරුව කර්කශ එකක්. අපි සැලසුම් කළේ අපේ මූලික දේවල් හරියට කරන්නයි. අපි උත්සාහ කළේ කඩුල්ලෙන් කඩුල්ල ලබා ගැනීමට පන්දු යවන්නයි” ජයසූරිය ‘තරගමාලාවේ වීරයා’ සම්මානය ලබා ගනිමින් ප්‍රකාශ කළා.

නවසිලන්තය සමග පැවති දෙවැනි ටෙස්ට් තරගය සම්පූර්ණයෙන් ම ජයසූරිය හා නිශාන් පීරිස් යන දඟ පන්දු යවන්නන්ගේ කතාන්දරයක් වුනා. තරගයේ බිඳ වැටුනු නවසිලන්ත කඩුලු විස්සෙන් දහ අටක් ම ලබා ගත්තේ මේ දෙදෙනා. දෙවැනි ඉනිමේදී පීරිස් ලකුණු 170කට කඩුලු 6ක් ද, ජයසූරිය ලකුණු 139කට කඩුලු 3ක් ද ලබා ගත්තා.

t3454| ලකුණු 170කට කඩුලු 6ක් ලබාගත් නිශාන් පීරිස්
ශ්‍රී ලංකාව මුළු ලකුණු 602ක් වාර්තා කළ තැන් පටන් නවසිලන්තය හමුවේ තිබුනේ ඉතාමත් දුෂ්කර කාර්යයක්. ඔවුන් පළමු ඉනිමේදී ලකුණු 88කට දැවී යාමෙන් තත්ත්වය තවත් බරපතළ වුනා. දෙවැනි ඉනිම ආරම්භයේදී පසු ඩෙවොන් කොන්වේ (61) ද, පසු භාගයේදී ග්ලෙන් ෆිලිප්ස් (78), ටොම් බ්ලන්ඩල් 60) සහ මිචල් සැන්ට්න (67) නැවත සටන් වැදුනත් එය තරණය කිරීමට ඉතාමත් අපහසු යෝධ කන්දක් බවට සැමවිටම පත්ව තිබුනා.

අද සිවු වැනි දින තරගයේ සිවු වැනි ඔ්වරයේදීම නවසිලන්ත කඩුල්ලක් බිඳ දැමීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම කඩුල්ල ලබා ගත්තේ සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරමින් සිටින පිට දඟ පන්දු යවන නිශාන් පීරිස්. ඔහුගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් ටොම් බ්ලන්ඩල් දැවී ගිය අතර ඒ සමග ඔහු සහ ග්ලෙන් ෆිලිප්ස් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 105කින් පවත්වා ගෙන ගිය ලකුණු 95ක සබඳතාව අවසන් වුනා. ඊයේ තරගය නතර කරන විට ලකුණු 47ක් රැස්කර ගෙන සිටි බ්ලන්ඩල් අද තවත් ලබා ගත්තේ ලකුණු 13ක් පමණයි. පන්දු 64කට මුහුණ දුන් ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 60ක්. නවසිලන්ත 6 වැනි කඩුල්ල දෙවැනි ඉනිමේ 45 වැනි ඕවරයේදී බිඳ වැටුනේ මුළු ලකුණු 216දී.

නිශාන් පීරිස් ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ කඩුලු පහක මල්ලක් ලබා ගැනීමට අද සමත් වුනා. ඔහු පස්වැනි කඩුල්ල ලබා ගත්තේ ග්ලෙන් ෆිලිප්ස් දවාලමින්. මුළු ලකුණු 280දී යැවුනු 62 වැනි ඕවරයේදී පීරිස්ගේ පන්දුවට ෆිලිප්ස් එල්ල කළ පහරේදී දිමුත් කරුණාරත්න ‘ලෝං ඕන්’ ස්ථානයේ සිට උඩ පන්දුව රැක ගත්තා.

xdt345
ෆිලිප්ස් පන්දු 99කින් ලකුණු 78ක් ලබා ගත් අතර ඔහු මිචල් සැන්ට්න සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103කින් ලකුණු 64ක් එක් කළා.

ටිම් සවුතී හතරේ පහරකින් සහ හයේ පහරකින් ලකුණු 10ක් ලබා ගෙන ජයසූරියගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් දැවී ගියා. නවසිලන්ත 8 වැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 291දී. ඕවරය 64.3.

පිට පිට දෙවැනි වතාවට පන්දුවට පහර දෙමින් සිටින නවසිලන්තය දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 8කට ලකුණු 335ක් රැස්කර ගෙන සිටියා.

තරගය නැවත ආරම්භ වීමෙන් පසුව සිවු වැනි ඕවරයේදී මිචල් සැන්ට්න හා අජාස් පටෙල්ගේ ලකුණු 53ක නව වැනි කඩුලු සබඳතාව කඩා දමමින් ප්‍රභාත් ජයසූරිය විසින් පටෙල්ගේ කඩුල්ල බිඳ දැමුවා. එම සබඳතාව වාර්තා වුනේ පන්දු 84කින්. පන්දු 40කට මුහුණ දුන් පටෙල් හතරේ පහර 3ක් හා හයේ පහරක් ද සමග ලකුණු 22ක් රැස් කළා.

හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමග පන්දු 115කින් ලකුණු 67ක් රැස්කර ගෙන සිටි මිචල් සැන්ටන, නිශාන් පීරිස්ගේ පන්දුවට ‘ස්ටම්ප්’ කිරීමට හසුව දැවී යාමත් සමග තරගය අවසන් වුනා.

අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් උඩ පන්දු කිහිපයක් ම ගිළිහී යනු දක්නට ලැබුනා.

dy456
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...