The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චන්දිමාල්ගේ නොදැවුනු ශතකය මත ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 2 ට ලකුණු 194

T

The Leader Desk

September 26, 2024 • 12:53 PM

චන්දිමාල්ගේ නොදැවුනු ශතකය මත ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 2 ට ලකුණු 194

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චන්දිමාල් පන්දු 183කට මුහුණ දෙමින් ලකුණු 106ක් ලබා ගෙන සිටි අතර ඔහුගේ නොදැවුනු ඉනිමට හතරේ පහර 14ක් ඇතුළත්ව තිබුනා.
  • ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 3ක් එල්ල කරමින් නොදැවී ලකුණු 35ක් රැස්කර ගෙන සිටියේ පන්දු 79කට මුහුණ දෙමින්.
  • තරගයේ පළමු ඕවරයේදීම ශ්‍රී ලංකා කඩුල්ලක් බිඳ වැටීමෙන් පසුව දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුනා.
  • තරගය ආරම්භ වී මිනිත්තු 48කට පසුව හදිසියේම වැසි ඇද හැලීම හේතුවෙන් ඕවර 11ක් යවා තිබියදී ක්‍රීඩාව මඳ වේලාවකට නතර කෙරුනු අතර ඒ වන විට, කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාවේ එක් කඩුල්ලක් ලකුණු 41කට බිඳ වැටී තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
චන්දිමාල් පන්දු 183කට මුහුණ දෙමින් ලකුණු 106ක් ලබා ගෙන සිටි අතර ඔහුගේ නොදැවුනු ඉනිමට හතරේ පහර 14ක් ඇතුළත්ව තිබුනා. ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 3ක් එල්ල කරමින් නොදැවී ලකුණු 35ක් රැස්කර ගෙන සිටියේ පන්දු 79කට මුහුණ දෙමින්.

තරගයේ පළමු ඕවරයේදීම ශ්‍රී ලංකා කඩුල්ලක් බිඳ වැටීමෙන් පසුව දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුනා.
 
1dims.apnews
පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මංගල ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබුවා. ඔහු ටෙස්ට් කැප් තොප්පිය ලබා ගත්තේ තවත් පිට දඟ පන්දු යවන්නෙකු වන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා අතින්.
වේග පන්දු යවන මිලාන් රත්නායක මේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබූ අතර නවසිලන්තය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ කණ්ඩායම ම නම් කර තිබුනා.

තරගය ආරම්භ වී මිනිත්තු 48කට පසුව හදිසියේම වැසි ඇද හැලීම හේතුවෙන් ඕවර 11ක් යවා තිබියදී ක්‍රීඩාව මඳ වේලාවකට නතර කෙරුනු අතර ඒ වන විට, කාසියේ වාසිය දිනා ගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාවේ එක් කඩුල්ලක් ලකුණු 41කට බිඳ වැටී තිබුනා. දැවී ගිය පිතිකරුවා වූයේ පැතුම් නිස්සංක. 
 
dims.apnews
පන්දු තුනකට පමණක් මුහුණ දුන් ඔහු එක ලකුණකට දැවී ගියේ නවසිලන්ත නායක ටිම් සවුතී‌ගේ පන්දුවට කඩුලු රකින ටොම් බ්ලන්ඩල් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. තරගයේ පළමු ඕවරයේ අවසන් පන්දුවෙන් නිස්සංක දැවී යන විට ලකුණු පුවරුවේ සටහන්ව තිබුනේ මුළු ලකුණු 2ක් පමණයි. තරගය නැවත ආරම්භ වූයේ මිනිත්තු 22කට පසුව.
 
නවසිලන්ත ක්‍රීඩකයින් අද තරගයට සහභාගි වූයේ කළු පැහැති අත් පටි පැළඳගෙන. ඒ, 1980 -1990 වකවානුවේ නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුව සිටි ඉයන් ටේලර්ගේ අභාවයට ශෝකය පළ කරමින්. ඔස්ට්‍රේලියාව, පාකිස්තානය හා එංගලන්තයේ සංචාරය කළ නවසිලන්ත කණ්ඩායමේ කළමනාකරුව සිටි ටේලර් නවසිලන්ත ක්‍රිකට් මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක්.
d chandi 
මිචල් සැන්ටනගේ පන්දුවට ලකුණක් ලබා ගනිමින් දිනේෂ් චන්දිමාල් ඔහුගේ 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා. පන්දු 79ක ඒ අර්ධ ශතකයට හතරේ පහර 9ක් ඇතුළත්ව තිබුනා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල්ගේ ශතක සබඳතාව මත ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 102ක් රැස්කර ගෙන සිටියා.
 
දිවා ආහාරයෙන් පසුව යැවුනු අට වැනි ඕවරය ආරම්භයේදී එම දෙවැනි කඩුලු සබඳතාව ලකුණු 122කට (පන්දු 229) අවසන් වූයේ කරුණාරත්න දුවද්දී දැවී යාමත් සමග. පන්දු 109කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සමග ලකුණු 46ක් රැස් කළා. දෙවැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 124දී. කරුණාරත්න අද දෙවතාවක්ම දැවී යාමෙන් ගැලවුනා. ඔහු ලකුණු 5ක් ලබා ගෙන සිටියදී විලියම් ඕරෝක්ගේ පන්දුවකට පළමු ස්ලිප් ස්ථානයට දුන් පහසු උඩ පන්දුවක් රැක ගැනීමට මිචල් සැන්ට්න අසමත් වූ අතර ලකුණු 17දී කරුණාරත්න දැවී යාමෙන් බේරුණේ අජාස් පටෙල්ගේ පන්දුවකට ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට ගත් අසාර්ථක උත්සාහයෙන් ස්ටම්ප් කිරීමකට හසු නොවී සිටීමේ වාසනාව ලබමින්.
 
අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් හා චන්දිමාල් ශ්‍රී ලංකා මුළු ලකුණු ප්‍රමාණය කඩුලු 2 ට ලකුණු 194 දක්වා ගෙන එමින් සිටියදී සවස තේ පානය සඳහා තරගය නතර කෙරුනා. ඒ වන විට දිනේෂ් චන්දිමාල් ඔහුගේ 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර තිබුනා. පන්දු 171කින් ලබා ගත් එම ශතකයට හතරේ පහර 13ක් ඇතුළත්ව තිබුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චන්දිමාල්ගේ නොදැවුනු ශතකය මත ශ්‍රී ලංකාව සවස තේ පානයේදී කඩුලු 2 ට ලකුණු 194 | The Leader