The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
පුවත්

ජනාධිපතිගෙන් පොරොන්දුවක්: විමල් කණ්ඩායම 20ට එරෙහි විරෝධය හකුලා ගනී!

T

The Leader Desk

October 22, 2020 • 4:18 AM

ජනාධිපතිගෙන් පොරොන්දුවක්: විමල් කණ්ඩායම 20ට එරෙහි විරෝධය හකුලා ගනී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (21) රාත්‍රී දුන් පොරොන්දුව මත
  • ජනවරමට අනුව අලුත් ව්‍යවස්ථාවක් වසරක් තුල දී ගෙන එන බවටත්, එහිදී මහ සංඝරත්නය ඉල්ලා සිටින ද්විත්ව පුරවැසිභාවයට අදාල යෝජනා ඇතුලත් කරන බවටත් ද්විත්ව පුරවැසිභාවයට එරෙහි ආණ්ඩු පක්ෂ කණ්ඩායමට ජනාධිපතිවරයා සහතික වී තිබේ.
  • ජනාධිපතිවරයා එහිදී සිදුකල ඉල්ලීම හා ලබාදුන් පොරොන්දුව සැලකිල්ලට ගෙන විසිවන සංශෝධනයට සහය දෙමින් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට වාසුදේව නානායක්කාර කල යෝජනාවට එම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් ගෙන් බහුතරයකගේ එකඟත්වය පලවී ඇතැයි පැවසේ.
  • කෙසේවුවද එම සාකච්ජාවට සහභාගී වූ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එම යෝජනාවට එකඟතාවය පළකර නොමැති බවද වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විසිවන සංශෝධනයට සහය පලකිරීමට විමල් විරවංශ ඇතුළු ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තියට එරෙහිවූ ආණ්ඩු පක්ෂ කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තාවේ.

ජනවරමට අනුව අලුත් ව්‍යවස්ථාවක් වසරක් තුල දී ගෙන එන බවටත්, එහිදී මහ සංඝරත්නය ඉල්ලා සිටින ද්විත්ව පුරවැසිභාවයට අදාල යෝජනා ඇතුලත් කරන බවටත් ද්විත්ව පුරවැසිභාවයට එරෙහි ආණ්ඩු පක්ෂ කණ්ඩායමට ජනාධිපතිවරයා සහතික වී තිබේ.

ඒ, ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම මත ද්විත්ව පුරවැසිභාවයට එරෙහි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර ඊයේ පැවති තීරණාත්මක සාකච්ජාවේ දිය.

ජනාධිපතිවරයා එහිදී සිදුකල ඉල්ලීම හා ලබාදුන් පොරොන්දුව සැලකිල්ලට ගෙන විසිවන සංශෝධනයට සහය දෙමින් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට වාසුදේව නානායක්කාර කල යෝජනාවට එම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් ගෙන් බහුතරයකගේ එකඟත්වය පලවී ඇතැයි පැවසේ.

කෙසේවුවද එම සාකච්ජාවට සහභාගී වූ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එම යෝජනාවට එකඟතාවය පළකර නොමැති බවද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂගේ හිතවතකු පැවසුයේ, සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ ඩයනා ගමගේ ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට එක්වීමට තීරණය කිරීමත් සමග විමල් කණ්ඩායමේ සැර බාල වී ඇති බවයි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...