The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාපන්දු සම්මේලනය විසුරුවා හැරීමේ සුදානමක් !

T

The Leader Desk

March 3, 2023 • 6:04 AM

පාපන්දු සම්මේලනය විසුරුවා හැරීමේ සුදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ විධායක සභාවේ බහුතරයක් මේවනවිට ඉල්ලා අස්වීම නිසා ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බරපතළ තත්වයක් උද්ගතව තිබෙන බැවින් එය විසුරුවා හැරීම කෙරෙහි ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
  • දීපිකා කුමාරි, සමන් දිල්හාන් නාගහවත්ත පසුගිය පෙබරවාරි 28 වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.
  • මෙම තත්වය යටතේ වත්මන් පාපන්දු විධායක සභාවේ ගණපූර්ණය බිඳ වැටීමෙන් පාපන්දු ආයතනයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ දැඩි අසීරු තත්වයක් උද්ගතව ඇතැයි එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.
  • සුදාකර් ගේ ඉල්ලා අස්වීම නිසා ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ සිට සියලු මුල්‍ය කටයුතු ඇනහිට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



පාපන්දු ආයතනයේ වත්මන් විධායක සභාව 11 දෙනකු ගෙන් සමන්විතවන අතර ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේ දී තේරී පත්වූයේ ඉන් නිලධාරීන් අට දෙනකු පමණි.

එසේ තේරී පත්වූ නිලධාරීන් අතර ප්‍රධාන ලේකම් ඉන්දික තේනුවර, භාණ්ඩාගාරික ටී. සුදාකර්, උපසභාපතිවරුන් වන සී. දීපිකා කුමාරි, සමන් දිල්හාන් නාගහවත්ත පසුගිය පෙබරවාරි 28 වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ට යොමු කර තිබුණි.

PHOTO 2023 03 03 11 06 42
PHOTO 2023 03 03 11 06 43

මෙම තත්වය යටතේ වත්මන් පාපන්දු විධායක සභාවේ ගණපූර්ණය බිඳ වැටීමෙන් පාපන්දු ආයතනයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ දැඩි අසීරු තත්වයක් උද්ගතව ඇතැයි එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන්ම භාණ්ඩාගාරික ටී. සුදාකර් ගේ ඉල්ලා අස්වීම නිසා ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ සිට සියලු මුල්‍ය කටයුතු ඇනහිට ඇත.

 

ගණපූර්ණය අවම පවත්වාගෙන යාමට විධායක සභිකයන් හය දෙනකු සිටිය යුතුය. එහෙත් මේ වනවිට පාපන්දු ආයතනයේ විධායක සභාව සිවු දෙනකුට පමණක් සීමාවී ඇත.  ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේදී උපභාණ්ඩාගාරික හා උපලේකම් (පරිපාලන) යන තනතුරු දෙකක් පිරවීමට නොහැකිවූයේ ඒ සඳහා ඉදිරිපත්වූ නාමයෝජනා සියල්ල ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.

 

මේවනවිට වත්මන් පාපන්දු විධායක සභාවේ ඉතිරිව සිටියේ සභාපති ජේ. ශ්‍රී රංගා, උපසභාපතිවරුන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ටී.අයි. උඩුවර හා උපලේකම් (තාක්‍ෂණ) එස්.ආර්.එම්.එම්. අසාඩ් යන අය පමණි.

ජනවාරි 14 වැනිදා පත්වීම් ලබා ගැනීමෙන් පසුව සභාපති ජේ. ශ්‍රී රංගා ට මේවනතෙක් ක්‍රියාකාරී සැලස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් රංගා මෙතෙක් පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකිරීමද ක්ෂේත්‍රයේ දැඩි අවධානයට යොමුව තිබේ.


සහයදුන් අයගෙන්ම සභාපතිට දෝෂාභියෝගයක් !


මේ අතර සිය පත්වීමෙන් පසුව විධායක සභාව හා කවුන්සිලය මේ දක්වා රැස් කිරීමට අපොහොසත්වීම ඇතුළුව කරුණු ගණනාවක් මුල්කර ගනිමින් වත්මන් සභාපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මීගමුව පාපන්දු ලීගයේ සභාපති, ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන රංජිත් රුද්‍රිගු මුල්වී ක්‍රියා කිරීමට කටයුතු සැලසුම් කරමින් සිටින බවද වාර්තා වේ.

ඒ සඳහා ඔහුට මේ වනවිට දිවයිනේ පාපන්දු ලීග රැසකින් සහාය පළ වී ඇතැයි ද වාර්තා වේ. රංජිත් රුද්‍රිගු පැවැති නිලවරණයේදී වත්මන් සභාපති රංගා ට සහාය පළ කර සිටි ලීග සභාපතිවරයෙකි.

හිටපු සභාපති ජස්වර් උමාර් යටතේ ක්‍රියාත්මක වූ පාපන්දු ආයතනයේ විධායක සභාවේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු රංගා ට සහාය පළ කිරීමට ඉදිරිපත්විය.

 

ශ්‍රී ලංකාවේ නිල පාපන්දු පරිපාලනය මෙසේ බිඳ වැටෙමින් පවතින්නේ, ජනවාරි 21 වැනිදා සිට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට අන්තර්ජාතික තහනමක් පනවා තිබියදීය.

 

මේ අතර, උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මේ වන විට පාපන්දු ක්ෂේත්‍රයේ පාර්ශ්ව ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇතැයි ද වාර්තා වේ. රංජිත් රුද්‍රිගු ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය ට දැනුම් දී ඇත්තේ, උද්ගතව තිබෙන තත්ත්වයට වහාම ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීමක් අවශ්‍ය වන බවයි.

වත්මන් පාපන්දු විධායක සභාව බිඳ වැටීමකට ලක්වුවහොත්, මීළඟ නිලවරණය කැඳවනතුරු පාපන්දු ආයතනයේ කටයුතු නැවත ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා බාරයට පත්වනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වුවත්, වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වා ඇති සභාපති ජේ. ශ්‍රී රංගා පවසා ඇත්තේ, පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරුන් ගණනාවක් දූෂණ චෝදනාවලට ලක්වුවත්, තමා එම තත්ත්වයට පත් නොවෙමින් එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවයි.

එමෙන්ම, පාපන්දු ආයතනයට පනවා තිබෙන ජාත්‍යන්තර තහනම ඉවත් කරවා ගැනීමට තමා මේ වන විට විටත් වෙහෙසෙමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

තත්ත්වය මෙසේ තිබියදී පාපන්දු ආයතනයේ පෙර සිදුවීම් අළලා විමර්ශනයක් පැවැත්වීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ගේ සභාපතිත්වයෙන් යුත් හය දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පසුගිය පෙබරවාරි 22 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

IMG 0236
IMG 0237

පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාව සැකසීම, 2018 සිට ආයතනයේ මුදල් පාලනය හා පරිපාලනය, නාමික පාපන්දු ලීග පිළිබඳව සොයා බැලීම, සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව විමසා බැලීම මෙම කමිටුවට පැවැරී තිබෙන වගකීම්ය.

නීතිඥ ෂලනි රොෂානා ප්‍රනාන්දු කමිටුවේ ලේකම්වරියයි. සුසිල් රාමනායක, අමාත්‍යාංශ හිටපු ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.


(උපුටා ගැනීම් - kelimandala.lk)

 

 JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාපන්දු සම්මේලනය විසුරුවා හැරීමේ සුදානමක් ! | The Leader