The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

මැරඩෝනා‌ගේ සදාතන සැතපීමේ ස්ථානයේ වෙනසක්

T

The Leader Desk

May 6, 2024 • 10:09 AM

මැරඩෝනා‌ගේ සදාතන සැතපීමේ ස්ථානයේ වෙනසක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආජන්ටිනාවේ පාපන්දු පුරාවෘත්තය වන ඩිඒගෝ මැරඩෝනාගේ සිරුර වඩාත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට සහ ක්‍රීඩා ලෝලීන්ට ගෞරවය
  •   2020 නොවැම්බරයේදී දැවැන්ත පෙරහැරකින් රැගෙන ආ මැරඩෝනාගේ දේහය දැන් තැන්පත් කර තිබෙන්නේ බුවෙනොස් අයිරස් අගනුවරට යාබද පෙදෙසක තිබෙන පෞද්ගලික සොහොන් බිමක.
  • මේ සුසාන භූමියට ඇතුළු විය හැක්කේ පවුලේ සාමාජිකයන්ට පමණයි.
  • “මැරඩෝනාගේ දේහය තැන්පත් කර තිබෙන වර්තමාන ස්ථානයට වඩා වැඩි ආරක්ෂාවක් තිබෙන ස්ථානයකට එය මාරු කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙසට මැරඩෝනාගේ සියළුම උරුමක්කාරයන් පොදු එකඟත්වයකින් යුතුව ඉල්ලා සිටිනවා” යනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපියේ සඳහන්ව තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

දැක්වීමට ඉඩ සැලසෙන පරිදි දේහය සොහොන් ගැබක තැන්පත් කිරීමට අවසර දෙන ලෙසට මැරඩෝනාගේ දරුවන් ආජන්ටිනාවේ අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

 


2020 නොවැම්බරයේදී දැවැන්ත පෙරහැරකින් රැගෙන ආ මැරඩෝනාගේ දේහය දැන් තැන්පත් කර තිබෙන්නේ බුවෙනොස් අයිරස් අගනුවරට යාබද පෙදෙසක තිබෙන පෞද්ගලික සොහොන් බිමක. මේ සුසාන භූමියට ඇතුළු විය හැක්කේ පවුලේ සාමාජිකයන්ට පමණයි.

 

මැරඩෝනාගේ දේහය දැන් තැන්පත් කර තිබෙන්නේ බුවෙනොස් අයිරස් අගනුවරට යාබද පෙදෙසක තිබෙන පෞද්ගලික සොහොන් බිමක
Memorial del Diez නමින් දැන් ඉදිවෙමින් තිබෙන සොහොන් ගැබ ආජන්ටිනා ජනාධිපතිගේ නිල රාජකාරි ස්ථානය වන Casa Rosada ට පිටුපසින් පිහිටා තිබෙන අතර එය ජනතාවට විවෘත වනු ඇතැයි මැරඩෝනාගේ බාලම පුතාගේ මව වන Veronica Ojeda පවසනවා.

“මැරඩෝනාගේ දේහය තැන්පත් කර තිබෙන වර්තමාන ස්ථානයට වඩා වැඩි ආරක්ෂාවක් තිබෙන ස්ථානයකට එය මාරු කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙසට මැරඩෝනාගේ සියළුම උරුමක්කාරයන් පොදු එකඟත්වයකින් යුතුව ඉල්ලා සිටිනවා” යනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපියේ සඳහන්ව තිබුනා. මැරඩෝනාගේ පුතා වන ඩිඒගෝ මැරඩෝනා (කණිෂ්ඨ) වෙනුවෙන් එය අත්සන් කර තිබුනේ ආජන්ටිනා නිළියක වන Dalma හා Gianinna Maradona යන මැරඩෝනාගේ දියණියන් සහ Ojeda විසින්.


36156058 8991733 the coffin with the remains of late argentine football legend di a 5 1606436430710මැරඩෝනාගේ දේහය එහි සදාතන සැතපීමේ ඊළඟ ස්ථානයට ගෙන යාම ඔහුගේ උපන් දිනය වන ඔක්තෝබර් 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

 

“එමගින්, සියළුම ආජන්ටිනා ජනතාවට හා ලෝක වැසියන්ට ආජන්ටිනාවේ සිටි අතිශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වූ අපේ පියා ට ගෞරව දැක්වීමට අවස්ථාව උදා වෙනවා” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබුනා.

1986 ලෝක කුසලාන පාපන්දු ජයග්‍රාහී ක්‍රීඩක මැරඩෝනාගේ දේහය එහි සදාතන සැතපීමේ ඊළඟ ස්ථානයට ගෙන යාම ඔහුගේ උපන් දිනය වන ඔක්තෝබර් 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

footbalආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායම මැරඩෝනාව අදහන්නේ ‘පාපන්දුවේ දෙවියා’ ලෙසින්

 

ඩිඒගෝ මැරඩෝනා 60 වැනි වියේ පසුවෙමින් සිටියදී මෙලොව හැර ගියේ හෘදයාබාධයකින්. ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායම මැරඩෝනාව අදහන්නේ ‘පාපන්දුවේ දෙවියා’ ලෙසින්.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...